(සුජිත් හේවාජුලිගේ )
පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙලෙස හිතුමතේ ප්‍රදර්ශනාත්මක අරමුණින් කමිටු පත් කිරීම හේතුවෙන් විශාල මුදලක් නාස්තිවී ඇතැයි රජයට පෙනී යාමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
පාර්ලිමේන්තු කමිටු විධිමත් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර ඊට අදාළ යෝජනා ජනවාරි 31 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට දැනටමත් නියෝග කර ඇත.
මේ අනුව විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්‍රමවේදය ඉතා කඩිනමින් වෙනස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
එකම සහ සමාන විෂයන් වෙනුවෙන් ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පත්කර ඇති හෙයින් සමාන විෂයන් එකම කාරක සභාවක් යටතට පත් කිරීමට අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
විශේෂයෙන්ම ආර්ථිකයේ විවිධ අංශවලට අදාළව ආංශික ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පසුගිය කාලයේදී පත් කෙරුණු බවත් මේවා එකම කාරක සභාවක් යටතට ගැනීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය අරගල සමයෙන් පසු යම් යම් අය පිනවීම සඳහා සමහර අංශික අධීක්ෂණ කාරක සභා කඩිමුඩියේ පත්කර ඇති බව පෙනී ගොස් ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය
මේ අතර පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමටද රජයේ අවධානය යොමු වී ඇත.
මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි ප
සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාව
පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාම
පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අැතැයි පූනෑව පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිතුමතේ පත් කරපු මැතිසබයේ කමිටු රොත්තක් අහෝසියි
M විජේරත්න Saturday, 30 November 2024 01:56 PM
ඒ මන්ත්‍රී වරුන් දැන් නැත...