(විමුක්ති එස් රුද්‍රිගු)
ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්‍රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා එම ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග පැමිණෙමින් තිබූ ගුවන් යානා 120 ක් පමණ වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමටත්, අනෙකුත් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සහ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් පිටවීමට නියමිතව තිබූ ගුවන් යානා සියල්ලද අවලංගු කිරීමට බලධාරීහු කටයුතු කළහ. විදුලි උප පොළේ ඇතිවූ ගින්න හේතුවෙන් ගුවන් තොටුපොළ විදුලිය වරින්වර විසන්ධි වීම එළෙස ගුවන් තොටුපොළ වසා දැමීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
හීත්‍රෝ ගුවන් තොටුපොළ ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොළවල්වලින් එකක් වන අහ්ටර සෑම තත්පර 45 කට වරක් ගුවන් යානයක් එම ගුවන් තොටුපොළට පැමිණීම හෝ පිටවීම සිදු කරයි. දිනකට ලක්ෂ 2 ක පමණ ජනතාවක් හීත්‍රෝ ගුවන් තොටුපොළ භාවිත කරයි. තවමත් විදුලිය ස්ථාවර ලැබෙන කාලයක් පැවැසීය නොහැකි බවත් ගුවන් තොටුපොළ නැවත විවෘත කරන තෙක් කිසිම මගියෙකු ගුවන් තොටුපොළට පැමිණීමෙන් වැළකිය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි
මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා
රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා සිය වරද ප
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
හීත්‍රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි
ජිල්බු Friday, 21 March 2025 02:46 PM
වඳුරෙක්වත්ද? විදුලි උප පොලක් කිව්වානේ...
ශාන් Friday, 21 March 2025 03:01 PM
වඳුරා ලන්ඩන් ගිහින් වගේ. පුදුමයි මේ වගේ ප්‍රධාන තැනක උපස්ථ පද්ධතීන් නැති එක.
Priyath Liyanage Friday, 21 March 2025 04:20 PM
උපස්ථ පද්ධති නැතුවා නොවේ. සිවිල් ගුවන් සේවා ප්‍රඥ්ඥප්තීන් වලට අනුව ඒවා අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. නමුත් ඕනෑම වෙලාවක පද්ධතීන් අකර්මණ්‍ය විය හැකියි. තවද පෙනෙන හැටියට ඉම්බැලන්ස් එකක් වගේ. (ඒ ගැන තොරතුරු සොයා බලන්න තමයි ඉන්නේ. එය බොහෝ වැදගත්). ප්‍රධාන පද්ධතියට අන් ජනනීය පද්ධතියන් එක් කිරීමේදී ඉතාමත් සැළකිය යුතුයි. එමෙන්ම එසේ සම්බන්ධ කර ඇති පද්ධතියක් අකර්මණ්‍ය වූ විට සංඛ්‍යාත පරාසය අනුමත පරාසයට වඩා වැඩි වූවොත් හෝ අඩු වූවොත් මධ්‍යම පාලනයෙන් ගිලිහිලා සැපයුම අඩාළ වෙනවා. එකම දේ ඒ පාලන පරාසය කෙසේ හෝ පාලනය කර ගත යුතුයි. ලංකාවේ වුනේත් ඒ ටිකමයි. නමුත් වඩා නවීන තාක්ෂණික උපකරණ තිබිලත් එංගලන්තේ වගේ රටකත් එය කන්ට්‍රෝල් කරන්න බැරි වීමයි පුදුමේ. එනිසා තමයි පුනර්ජනනීය බලශක්තීන් ප්‍රධාන සැපයුමට එක් කරන විට හරිම පින්පොයින්ට් ක්‍රියා මාර්ග ගත යුත්තේ...