(සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කළ සුරේෂ් සලෙයි මහතා පසුගියදා එම තනතුරින් විශ්‍රාම ලැබුවේය.
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ධම්මික ප්‍රියන්ත මහතා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියට මුලින්ම සම්බන්ධ විය. පොලිසියේ ඔහුගේ සේවා කාලය වසර විසි හතරකට වැඩිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති යනාදී තනතුරුවලද ඔහු මීට පෙර කටයුතු කළේය.
අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන ධම්මික ප්‍රියන්ත මහතා අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාධාරියකු ද වෙයි. මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම නැවැත්වීම සම්බන්ධ ජාත්‍යන්තර තක්සේරුකරුවකු ලෙසද ඔහු කටයුතු කරයි. මහා බැංකු මූල්‍ය බුද්ධිය ඒකකයෙන් පිට එම කටයුතු කරන එකම නිලධාරියා වන්නේද ඔහුය.
ප්‍රියන්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන්නේය. හෙතෙම ගාල්ල ගොඩමුණ මහා විද්‍යාලය සහ මතුගම සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර යන විද්‍යාලයන්හි ආදි සිසුවෙකි.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්