IMG-LOGO

2025 ජනවාරි මස 28 වන අඟහරුවාදා


හොරණ ප්‍රදේශයේ පිහිටි Rocell කර්මාන්තශාලාව පුළුල් කෙරේ

Rocell නවෝත්පාදනය  සහ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය ඉහළ නංවාලීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය කර්මාන්තශාලාව පුළුල්  කිරීමට පියවර ගෙන තිබේ. මෙමඟින් Rocell හි දෛනික නිෂ්පාදන ධාරිතාවය වශාල ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට මෙන්ම 1000mm x 1000 mm, 1200 mm x  800mm x, සහ 800 mm x,  800 mm, ඇතුළු විශාල ටයිල්  රැසක් හඳුන්වා දීමට හැකියාව ලැබෙනු ඇතැයි එම සමාගම සඳහන් කරයි.

Rocellසතු අන්තර්ජාතික ප්‍රමිතිගත තාක්‍ෂණය, තාක්ෂණික නිපුණතාවෙන් පොහොසත් සේවක මණ්ඩලය, අතිනවීන යන්ත්‍රෝපකරණ මෙන්ම   නවීන නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීමේ හැකියාවෙන් Rocellනිෂ්පාදනවල අසමසම නිර්මාණශීලීත්වය සහ සුවිශේෂී ගුණාත්මකභාවය සහතික කෙරේ. එමෙන්ම දශක තුනකට වඩා දිගු කලක් Rocellමෙරට ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන  ක්ෂේත්‍රය තුළ  උසස්  තත්ත්වයේ ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස ඉහළ  පාරිභෝගික විශ්වාසයක් සහ කීර්තියක් දිනාගෙන ඇති අතර  ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වයෙන්  Rocell නිෂ්පාදනවල උසස් තත්ත්වයට වැඩි වටිනාකමක් එකතු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Rocellහි නිෂ්පාදන අධ්‍යක්ෂ නන්දජිත් සෝමරත්න මහතා මෙසේ සඳහන් කළේය. ”‍හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන අපගේ Rocellකර්මාන්තශාලාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගැනීම  Rocell සතු විශිෂ්ටත්වය මැනවින් ප්‍රදර්ශනය කරන කදිම සාක්ෂියක් වන බැවින්  මෙම කර්මාන්තශාලාව පුළුල් කිරීමේ ක්‍රියාවලිය ගැන  අප බොහෝ සතුටු වෙනවා. නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ගුණාත්මක බව පවත්වාගැනීම වෙනුවෙන් අප ආයතනය නිරන්තරයෙන් සුවිශේෂී අවධානයක් යොමුකරමින්  කැපවී සිටිනවා. මෙම සෑම ක්‍රියාමාර්ගයක් ඔස්සේම අපගේ ගනුදෙනුකරුවන් වෙත හොඳම දේ ලබාදීමට අප බලාපොරොත්තු වන අතර එය නිසැකවම අප ආයතනයේ ඉලක්ක වෙත ගමන් කිරීමට තවත් වැදගත් පියවරක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”‍

හොරණ ප්‍රදේශයේ පිහිටි මෙම Rocell කර්මාන්තශාලාව පුළුල්  කිරීමෙන් ටයිල්  විලාසිතා  නිෂ්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් වන අතර එය දිවයින පුරා සිටින ඉහළ රසවින්දනයක් සහිත නිර්මාණශීලී පාරිභෝගිකයන්ට සිය සිතැඟි පරිදි ටයිල් විලාසිතාවන් තෝරා ගැනීම වෙනුවෙන් මහඟු‍ අවස්ථාවක් උදාකරනු ඇත.

595



අදහස් (0)

හොරණ ප්‍රදේශයේ පිහිටි Rocell කර්මාන්තශාලාව පුළුල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අගමැතිනිය APICTA සිසුන් අගයයි
2025 ජනවාරි මස 27 407 0

බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එ


වැඩි මිලට සහල් වික්කාට ලක්‍ෂ 10ක දඩයක්
2025 ජනවාරි මස 27 1135 0

දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්‍ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද


බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි
2025 ජනවාරි මස 27 790 0

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගො


සාත්තු සේවයට 119ක් ඊශ්‍රායලයට
2025 ජනවාරි මස 27 445 0

2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.


’’කුඩ්ඩෝ’’ කොළොන්නාවේ පාසල්වලටත් පනිති
2025 ජනවාරි මස 27 975 0

මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ ස


වාහන ගෙන්වීම ගැන විශේෂ ගැසට්ටුවක්
2025 ජනවාරි මස 27 2370 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 38 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 596 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 669 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site