IMG-LOGO

2024 ඔක්තෝබර් මස 21 වන සඳුදා


හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් ඊයේ(19) වැනි දින රාත්‍රී  පියවර ගෙන තිබේ.

මෙම සැකකටයුතු විදේශිකයන් දෙදෙනා පෙනුමෙන් චීන ජාතිකයන්ගේ හැඩ හුරුකමින් යුතු වූ අතර ඔවුන් සන්තකයෙහි වූ චීන ජාතික ගමන් බලපත්‍ර තුළ ඔවුන් උපන් ස්ථානය ලෙස චීනයේ ගමක නමක් සඳහන් වී ඇති අතර මීට අමතරව  කාම්බෝජ සහ තුර්කි ජාතික , සත්‍ය ගමන් බලපත්‍ර ද ඔවුන් සතුව  තිබී ඇත.

චීන රජයේ නීතිය අනුව එරට වැසියන්ට ද්විත්ව පුරවැසිභාවයන් තබා ගත නොහැකි වන අතර එසේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගතහොත් චීන රජයේ පුරවැසිභාවය අහෝසි වනු ඇත.

36 හැවිරිදි සහ 37 හැවිරිදි මොවුන්  දෙදෙනා ඊයේ(19) වැනි දින රාත්‍රී 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ  මුදල් ගෙවා පහසුකම් සලසා ගන්නා සේද මාවත ඔස්සේ ආගමන කවුළුව වෙත පැමිණ තිබේ.

චීන ජාතික මේ වනවිට ශ්‍රී ලංකාව තුළත් අනෙකුත් විදේශීය රටවලත් මහා පරිමාණයෙන් පරිගණක අපරාධ සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලි සඳහා සම්බන්ධ වී සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින නිසා ඒ පිළිබඳ සැළකිලිමත් වෙමින් මොවුන් දෙදෙනා ආපසු ඔවුන් පැමිණි ගමනාන්තය වෙත පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.



අදහස් (0)

හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට
2024 ඔක්තෝබර් මස 20 722 0

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අ


ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට
2024 ඔක්තෝබර් මස 20 333 0

සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන


සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට
2024 ඔක්තෝබර් මස 20 629 0

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ
2024 ඔක්තෝබර් මස 20 1947 0

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රා


ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 20 1458 0

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබ


හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි
2024 ඔක්තෝබර් මස 20 1283 0

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 703 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 517 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site