IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


හොර පාරෙන් ජර්මනි යන්න ගියා ලාංකිකයා අල්ලයි

( ටී.කේ.ජී.කපිල )

කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මොහු යාපනය , ඉලවලායි පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද උදෑසන 08.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා  පිටත්ව යන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු නවදිල්ලි නුවර වෙත මුළින්ම ගමන් කිරීමෙන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානකින්  ජර්මනිය වෙත යාමට සැළසුම් කර තිබුණි .             

ඔහු ඉන්දීය ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන් , මෙම ගුවන් මගියා සමග එම ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඒහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී ඔහු ඉදිරිපත් කළ ජර්මන් වීසා බලපත්‍රය කූට ලෙස සකස් කර තිබූ එකක් බවට කරුණු අනාවරණය විය .

මීට අමතරව මොහු ජර්මන් ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් , ඔහු පසුගියදා කන්කසන්තුරය වරායෙන් මෙරටට ඇතුළු වූ බවට , ව්‍යාජ ආගමන විගමන මුද්‍රාවක් ද සිය ගමන් බලපත්‍රය තුළ සටහන් කර ගෙන තිබුණි .

මෙම කරුණු සියල්ල අනාවරණය වීමෙන් පසුව , මෙම තරුණයා අත් අඩංගුවට ගෙන , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .



අදහස් (0)

හොර පාරෙන් ජර්මනි යන්න ගියා ලාංකිකයා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි
2025 ජනවාරි මස 11 144 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක් දුරක


යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන් මරුට
2025 ජනවාරි මස 11 167 0

රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ්‍ රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැ


කෝටි දෙකක භාණ්ඩ ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 11 319 0

ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි


හොර පාරෙන් ජර්මනි යන්න ගියා ලාංකිකයා අල්ලයි
2025 ජනවාරි මස 11 361 0

කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන ද


කොරියා යවනවා කියා 70 ක ගෙන් මුදල් ගැරූ කත කොටු වෙයි
2025 ජනවාරි මස 11 281 0

E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක්


පොල් මෝලේ ආරක්ෂක මරා පඩි සල්ලි කොල්ල කාලා
2025 ජනවාරි මස 11 485 0

මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ ඩීසී පොල් නිෂ්පාදන ආයනයක ආරක්ෂා සේවයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීයෙකු අද (11) ඝාතනය කර සේවකයින් හට ගෙවීමට කාර්යාලයේ තැන්පත් ක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 121 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 520 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 277 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site