(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළු වීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සදහා ඇතුළු වන බව හඟවමින් ඉතා සූක්ෂමව රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රෝහල පිටුපස පිහිටි මෘතශරීරාගාරය අසල මෙසේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.
එම රථය දින කිහිපයක් තිස්සේ මෘත ශරීරාගාරය අසල නවතා තිබෙනු දැක ඒ පිළිබඳව විපරම් කිරීමේදී එහි හිමිකරුකු නොමැති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම රථය බාහිර පුද්ගලයකු විසින් රෝහල් පරිශ්‍රයට ගෙනනැවිත් මෙසේ දමා ගොස් ඇතැයි පැවසේ.
පසුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය මැදිහත් වී මේ බව පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණ අදාළ රථයේ ඡායාරූප සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හෝමාගම රෝහලේ මිනී කාමරය ළඟ රජයේ වාහනයක් දමා ගිහින්
සෙනෙවිරත්න Thursday, 10 October 2024 06:14 PM
කවුරු හරි බලන්න මෝචරියේ ඇතුලේ ඉන්නවාද කියලා...