IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ළමා ගිණුමෙනුත් කැපිල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැඩිහිටියන්ගේ ගිණුම් වලින් පමණක් නොව ළමයින්ගේ  ඉතිරි කිරීමේ  ගිණුම් වලින් පවා රජය  සියයට පහක් කපා ගැනීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්ජිනේරු  අජිත් මාන්නප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේදී  අද(7) ප්‍රකාශ කළේය.

ලක්ෂයට අඩු ආදායම් ලබන අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අය කිරීම  නැවැත්විය යුතු බවද  ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය ණය  කළමනාකරණ පනත් කෙටුම්පත  පිළිබඳ විවාදයේදීය.

අජිත්  මාන්නප්පෙරුම මහතා මෙසේද පැවසීය.

සාමාන්‍යයෙන් ලක්ෂයට වැඩි ආදායමක් උපයන අයගෙන් තමයි බද්දක් අය කළේ. දැන් ඒ නීතිය රජයෙන්ම කඩලා. ලක්ෂයක ආදායමක් නැති ඉතිරි කිරීම්වලින් සියයට පහක් අය කිරීම නීති විරෝධීයි. වැඩිහිටියන් වෙනුවෙන් යහපාලන කාලේ ලොකු පොලියක් දුන්නා. සියයට පහළොවක්. අපි මේ පොලී ගැටලුව  ගැන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. ලබන අවුරුද්දේ වැඩි කරන්නම් කියලා කිව්වා.
ආර්ථික තත්වය අනුව පියවරෙන් පියවර හරි පොලිය වැඩිය කරන්න. මේක ලොකු ප්‍රශ්නයක්. වැඩිහිටියන්ගේ මේ ප්‍රශ්නය සොයා බලන්න කියලා රජයෙන් ඉල්ලනවා.

අනීතිකව කපපු සියයට පහ ආපහු දෙනවා කියල මුදල් රාජ්‍ය ඇමති කිව්වා. ඒත් තවම ගෙවලා නෑ. ඒකට පස්ස ගහනවා. ජනතාව වැඩිහිටියන් විදින පීඩාව ගැන හිතලා අනීතිකව අය කරපු සියයට පහ මාසයක් ඇතුළත ගෙවන්න කියලා මම ඉල්ලනවා.

 



අදහස් (3)

ළමා ගිණුමෙනුත් කැපිල්ලක්

Lalla Friday, 07 June 2024 08:23 PM

රටට බරක් නොවී ඉතුරුකරල ජීවත්වෙන වැඩිහිටියන්ට ඇයි කරදර කරන්නේ.ඒ කවුරුත් සහනාධාර පින්පඩි ඉල්ලන අය නොවේ.ඇත්තටම හැටට වැඩි අයගේ ඉතුරුම්වලට බදු ගැසීම මුලුමනින්ම නවත්තන්න ඕන

:       0       2

සෙනෙවිරත්න Saturday, 08 June 2024 02:41 PM

හොඳ යෝජනාවක්, ලැජ්ජා නැති ආණ්ඩුව නාකින්ගේ පොලියටත් කෙලිනවා, සියඹලාපිටිය පහුගිය දවස්වල තැන තැන කියව කියවා ගියා වීරයා වගේ වැඩිහිටි පොලිය ගෙවනවා කියලා මම කිව්වා. ඔයා කියන ඒවා නොකෙරෙන බව. දැන් ජනාධිපති ඒක ලබන වසරට කල් දාලාලු. එයාට ලබන වසර ගෙදර හරි, හිරේ හරි, පරලොව හරි තමයි...

:       0       3

Perera Sunday, 09 June 2024 03:04 AM

හොඳට හිටීවි, එතකොට රටට, ජනතාවට වැඩකරන මිරිස් කුඩ්ඩන්, බඩ තඩි කප්පම්කාරයින්, වම්බොට්ටන්, රත්තරන්ලා වගේ අය නඩත්තු කරන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 904 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4050 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1455 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 694 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2452 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site