(සුජිත් හේවාජුලිගේ)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙන් කෙරුණු වාට්ටු පහෙන් ප්‍රධාන වාට්ටු දෙකක් සාමාන්‍ය ප්‍රතිකාර සඳහා නිදහස් කෙරුණු බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 15ක් දක්වා පහත බැස තිබීම නිසා වාට්ටු දෙකක් සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මෙසේ නිදහස් කිරීමට හැකිවූ බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත දරුවන් පහළොස් දෙනා අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ට මාරුකර යවා අනෙක් වාට්ටු තුනද සාමාන්‍ය ප්‍රතිකාර සඳහා නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් රෝගීන්ට වෙන් කරනු ලැබ තිබී සාමාන්‍ය ප්‍රතිකාර සඳහා මෙසේ නැවත නිදහස් කරනු ලැබ ඇත්තේ රූමටික රෝග
සඳහාවූ වාට්ටුව සහ සාමාන්‍ය ප්‍රතිකාර සඳහා වෙන්වූ වාට්ටුවක්ය.
කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භවීමත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට එකවර ඇතුළත් කරනු ලැබ සිටි දරුවන් සංඛ්‍යාව 200 ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව අඩු වුවත් ඩෙංගු ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවද කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් පසු බලපෑම්වලට ලක් වූ (බහු ඉන්ද්රිය ආසාදන වැනි)දරුවන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බවත් විශේෂයෙන්ම දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මවුපියන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
වැස්සත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් කීවේය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමා රෝහලේ කොවිඩ් වාට්ටු 2ක් සාමාන්‍ය ප්‍රතිකාරවලට නිදහස් කරයි