(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් සිටින අය පිටිගල පොලිස් වසමට අයත් පිටිගල,වැයිහේන,ගාලියද්ද ලිපිනයේ පදිංචි පිටිගල කංකානම්ගේ චතුරංග මහෂ් (23) නැමැති අයගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
ඉකුත්(06) ඉරිදා රාත්‍රී ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශණයක් තිබී ඇති අතර මෙම තරුණයා එදින රාත්‍රී එම සංගීත සංදර්ශනය නැරඹීම සඳහා නිවසින් පිටත්ව පැමිණි බවටත් මෙතෙක් ඔහු ආපසු නිවෙසට නොපැමිණි බවටත් ඔහුගේ මව පිටිගල පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවද පොලිසිය පවසයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසල පදිංචිකරුවකු සිය ඉඩමේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිඳේ මළසිරුරක් තිබෙන බවට පොලිසියට දැනුම් දී ඇත.ඒ අනුව විමර්ශන සිදුකළ පොලිසිය විසින් මෙම මළසිරුර සොයාගෙන ඇත.
ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි කිසියම් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ළිඳක තරුණයකුගේ සිරුරක්