( නිශාන්ත කුමාර)
තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මඩොල්සිම කුරුවිගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 29 ක ආබාධිත තරුණයකි.
මෙම තරුණයා තම ජංගම දුරකථනයට ලද ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලයකු ජංගම දුරකතනය කනේ ගසාගෙන යෑමට විරෝධය පළ කරමින් ඔහුට පහරදී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත සිය අතෙහි වූ පිහියෙන් කපා දමා ඇත.
තුවාල ලැබූ තරුණයා ආබාධිත තරුණයකු වන අතර කන්පෙත්ත කපා දැමීමෙන් නොනැවතුණු සැකකරු තමුන්ට අතින් පයින් පහර දුන් බව ද පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ අයගේ මව විසින් මඩොල්සිම පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 544763, සජිත් ප්‍රේමදාස 368290, රනිල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන් එක කනේ තියාගෙන ගියා යැයි කන කපලා