(ගයාන් සූරිය ආරච්චි)
මහවෙල ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව විශේෂ යතුරුපැදි අංශයේ රාජකාරී කරන නිලධාරියකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර, රත්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි.
මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම සාදය සංවිධානය කර තිබූ අතර ඔහු සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මෝදක ග්‍රෑම් 22ක්, හෑෂ් මිලිග්‍රෑම් 620 ක්, මත්ද්‍රව්‍ය සහිත ටැබ්ලට් මිලිග්‍රෑම් 660 ක් පොලිසිය සොයාගෙන ඇත.
එම සාදය පිළිබඳව ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමෙන් අනතුරුව 40 අධික පිරිසක් එම සාදයට සහභාගි වී සිටි බව පොලිසිය පවසයි.
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ දී තීරණයට එළඹ ඇත.
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ත
මාර්තු මාසයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පළමු ගනුදෙනු දිනය වූ අද (3) එහි මිල දර්ශකවල විශාල පසුබෑමක් ප්‍රදර්ශනය කළේය.
අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි පැය 72ක් රඳවා ප්‍රශ්න කෙරුණු සැකකරුවන් දෙ
කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්
සියලු අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමට දසවැනි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය ක
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ෆේස්බුක් සාදය වටලා එස් අයි ඇතුළු 6ක් අල්ලයි
ලුම්බිණි Sunday, 02 March 2025 09:24 AM
පව් වැඩේ...
රම්බොඩ Sunday, 02 March 2025 09:33 AM
මෙවැනි දේ නම් නිතරම කළ යුතුයි. නැත්නම් අපේ සමාජය විනාශම වෙලා යනවා. එන එන ඕනෑ දෙයක් බදාගන්න හිස් තරුණ කොටසක් ඉන්නවා දැන්...
Deshabandu Monday, 03 March 2025 09:12 AM
සමාජය සුමඟට ගෙනියන්ඩ දිවුරුම් දීලා තියන එවුන්ම මෙහෙම කරනවා නම් තව මොන කතාද?