IMG-LOGO

2024 ජුලි මස 01 වන සඳුදා


ෆොන්සේකාගේ පොත ජනපතිට පිළිගන්වයි

(අංජුල මහික වීරරත්න)

යුද අභියෝගය ජය ගෙන දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක්  පවතින බවද ජනාධිපතිවරයා කීය.

හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව - මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 

ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්විණි. 

 



අදහස් (15)

ෆොන්සේකාගේ පොත ජනපතිට පිළිගන්වයි

ඉන්දික Friday, 28 June 2024 09:12 PM

හොඳ අනාගතයක් තිබ්බ විරුවෙක්. වාසියට එහෙට මෙහෙට පැනලා... නොදන්නා දේශපාලනයක්‌ කරලා.. විකාර කියවලා සවුත්තු වුණා. දැන් ඉතින් එයා විහින්ම එයාගේ චරිතේ මඩ නාගත්තා...

:       13       102

Prabha Friday, 28 June 2024 09:50 PM

තොප්පිගල, මැදවච්චිය, කිලිනොච්චිය දැන් අමතකයි වගේ...

:       51       54

පිටිගල මිලානෝ Friday, 28 June 2024 10:09 PM

රටට ලොකු සේවයක් ඔබට කළ හැකියි... තව අවුරුදු කීපයකට. ඒ නිසා හරි පිළ සමග එක්වන්න. නැත්නම් ඉතින් වයස ඉක්මවන කල්ම පරාජිතයෝත් සමග ලෝකයට වෛර කරමින් ඉන්න වෙයි...

:       5       56

Achini Friday, 28 June 2024 10:24 PM

වේයන් ඔහු බැංකුවේ තබා තිබූ ඔහුගේ ඩොලර් විනාශ කළේය. ඒ වෙනුවට අලුත් ඩොලර් බිල්පත් දාන්න රනිල් උදව් කළා. ඒකයි දැන් රනිල් පිටිපස්සේ ඉන්නේ...

:       56       54

Mahaya Friday, 28 June 2024 11:06 PM

හැබැ‍යි ඉතින් අර චන්ද්‍රිකා, ශාන්ත කෝට්ටගොඩට කිව්වා වගේ යුද්ධ කරන්න එපා කියලා මහින්දත් මෙයාට කිව්වා නම් ඊළඟ හමුදාපතිලා කීපදෙනෙකුටම යුද්ධ කරලා අදටත් යුද්ධේ පවතින්න ඉඩ තිබ්බා...

:       54       45

Buddika Saturday, 29 June 2024 06:42 AM

ජාතියක් ගරු කල චරිතයක්. ඒත් ආත්මාර්තකාමී ඉවසිල්ලක් නැති හිතුවක්කාර ගති නිසා ඒ ගරුත්වය එයා විසින්ම නැතිකරගත්ත.අද මිනිස්සු බනිනවා මෙයාට.සජිත් එක්ක ලස්සන ගමනක් යන්න පුළුවන්කම තියෙද්දි තියන බල තන්හාව සහ උද්දච්චකම නිස බලු උනා.සජිත්ට තියන ආකර්ශනය කොහේද මෙයට? අන්තිමේ ඡන්ද ලක්ශ 5ක් නැති ගිලෙන නැවකට හේත්තු වුණා

:       0       1

Nishantha Saturday, 29 June 2024 07:08 AM

තොප්පිගල , පාමංකඩ, මැදවච්චිය , යුද්ධ කරන්න ඕන ගොනෙක්ට පුලුවන්, මිලේනියම් සිටි, මුතාලිෆ්, මීඩීන්

:       0       3

සත්‍යා Saturday, 29 June 2024 07:14 AM

දූෂණ විරෝධයේ පියා, සදාදරණීය නායක, අනාගත නියත ජනපති අනුර කුමාර සහෝදරයා මෙහි කොනක වත් නොමැති වීම අඩුවකි. තම පැරැණි දේශපාලන හිතවතා ෆොන්සේකා මහතාට අමතක වී ද? "යුද්ධය අවසන් කිරීමට කිසිත් නොකළ" රාජපක්ෂ සහෝදරවරුන් මෙහි නොමැති වීම අපට තේරුම් ගත හැකියි.

:       4       1

kulasekara Saturday, 29 June 2024 08:11 AM

මේ වගේ නරක පපුවක් තියෙන මිනිහෙක් මම කවදාවත් දැකලා නැහැ. මහින්ද රාජපක්ෂ හමුදාපතිකම දුන්නේ නැත්නම් මෙයා ඒ කාලෙම විශ්‍රාම ගිහින් මෛත්‍රීපාල සිරිසේන මෙයාට ෆීල්ඩ් මාර්ෂල්කම දුන්නා සජිත් ප්‍රේමදාස කිසිම දේශපාලන අත්දැකීමක් නැති මෙයාට සභාපතිකම දුන්නා. දැන් මේ හැමෝටම පස්ස හරෝලා අමනාපෙන් ඉන්නේ මේ මනුස්සයාට කිසිම කෙනෙක් එක්ක හොඳින් ඉන්න බැහැ.

:       1       12

SK Saturday, 29 June 2024 08:19 AM

පිම්මක් පනින්නයි හදන්නේ.

:       0       9

Pradeep Kumara Saturday, 29 June 2024 09:51 AM

ෆොන්සේකා මහතා පොත් පෙරල පෙරලා වැරැදි නඩයක් එක්ක ඉන්නේ නැතුව නියම විරුවෙක් වගේ දැන්වත් හරි පිලක් සමඟ එකතු නූනොත් එයාගේ දේශපාලන ජීවිතෙත් එච්චරයි...

:       0       8

jagath liyanage Saturday, 29 June 2024 10:02 AM

ගෙම්බෙක් කියලා හිතෙන්නේ මට විතරද? දේශපාලනය කරන්න ඇවිල්ලා නම හොඳටම සවුත්තු කරගත්තා.

:       1       6

පිටරැටියා Saturday, 29 June 2024 02:37 PM

කවුරු කොහොම මොනවා කිව්වත්, තම දිවි පරදුවට තබා අභීතව යුද්ධය දිනා දීමට, කැපවූ ඔබතුමාට අපගේ ප්‍රණාමය පුදකරනවා. නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා !

:       3       9

Swene Haputhantirige Saturday, 29 June 2024 03:11 PM

පොතේ මුල් පිටපත භාර ගත් එක්කෙනාගේ ලණුව කාලා 2010 මැතිවරණය සඳහා ඉදිරිපත්වුණු එකයි මෝඩකම. දේශපාලනය ගැන අවබෝධයක් ලබාගෙන ඉන් පසුව පැවැත්වූ මැතිවරණයකට ඉදිරිපත්වුනේ නම් පච නොවී ඉන්න තිබුණා...

:       1       8

නන්දන පනා-මිලානෝ Saturday, 29 June 2024 03:13 PM

දයා අතහැර කරුණා ළඟටද ඔයා යන්න හදන්නේ….? මට හිතෙන්නේ ඔබ ඔබ විසින්ම විනාශ කරගන්නා බවකි. ඒත් මෙතරම් නොමේරූ බවක්…

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

බණ්ඩි ටොන් 55000ක් බෙදයි
2024 ජුලි මස 01 29 0

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය


පියුමි පැය 03ක ප්‍රකාශයක් දෙයි
2024 ජුලි මස 01 255 0

ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහ


පෙරහරට යන්න පෙර වාසනා ආශිර්වාද ගනී
2024 ජුලි මස 01 104 0

චාරිත්‍රාණුකූලව පැවති බැහුම් ලිහීමේ මංගල්‍ය අනතුරුව කතරගම දේවාලයේ දෙවියන් ඇතුළු දේවාභරණ වඩම්මන වාසනා හස්ථි සම්ප්‍රදායාණුකූලව කිරිවෙහෙර රජමහා විහ


මෝදි සම්බන්දන්ගේ අභාවයට කණගාටුව පළකරයි
2024 ජුලි මස 01 193 0

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට බලවත් ශෝකය පළ


කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගෙවා අවසන්
2024 ජුලි මස 01 202 0

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි


බස් ගාස්තු අඩු කරයි
2024 ජුලි මස 01 501 0

බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 461 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1529 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3348 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site