(උපාලි ආනන්ද)
රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇති බව පවසමින් ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරන්ජිත් තාඔුගල නමැත්තා අධිකරණයට දුන් රහස් ප්‍රකාශයේ පිටපත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට දෙන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අධිකරණ් රෙජිස්ට්‍රාර්වරයාට අද (14) නියෝග කළාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණා මහතා මෝෂමක් මගින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීමට අවසර දෙන්නැයි ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරන්ජිත් තාඔුගල නමැත්තා මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමකට අවසර දීම හේතූවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ඔහු අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ ස්වේඡාවෙන් ප්‍රකාශයක් කළේය.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණා මහතා ගොනු කළ මෝෂමකට අනුව මෙම නඩුව කැඳවු අවස්ථාවේදී තාඹුගල නමැත්තා දුන් ප්‍රකාශයේ පිටපතක් තමන්ට නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය තාඹුගල නමැත්තා දුන් ප්‍රකාශයේ පිටපතක් රහස් පොලිසියට නිකුත් කිරීමට නියම කළාය.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි