IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි

(සුජිත් හේවාජුලිගේ)


අස්වැසුම  ප්‍රතිලාභීන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමේ  රජයේ  වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත.

එම   ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළඳ  වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක මෙවැනි කටයුතු වලින් බාධා විය හැකි හෙයින් කොමිසම මෙම තීරණය ගෙන ඇත.

අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණේ  අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති  අයදුම්කරුවන්  812753 කින්  යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහාය.

රුපියල් 5000ක් වටිනා මෙම  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  මල්ල   රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේද  අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙම ආහාර මල්ල පසුගිය 1 සිට  ලබන 13 වැනිදා දක්වා ලංකා සතොස  සහ කෝප් අලෙවිසල් හරහා  බෙදා හැරීමට සැලසුම් කර තිබිණ.

 

 



අදහස් (2)

‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි

prasanna Friday, 04 April 2025 01:11 PM

මෙම සහන මල්ල එපා. රටපුරා පැතිරී ඇති අපරාධ රැල්ල නවත්තන්න. මෙයාලත් හවුල් වගේ... ඇතැම් පරීක්ෂාවලින් තේරෙනවා.

:       12       22

ගුණරත්න Friday, 04 April 2025 01:13 PM

ගිය ආණ්ඩු කාලේ නම් මේ වගේ ඒවා හරි ඉක්මණින් කෙරුණා, දැන් දවස් 4ක් ගිහින් සෑහෙන පිරිසක් පගාව ගත්තාටත් පස්සේ අස්සයා ගියපු ඉස්තාලේ වගේ නැවැත්තුවා. කාටද මේ විහිලු සපයන්නේ?

:       16       22

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බටලන්දේ ඇත්ත වරදකරුවන්ට දඬුවම් දෙනවා
2025 අප්‍රේල් මස 10 151 1

බට ලන්දේ සැබෑ වරදකරුවන්ට අනිවාර්යයෙන් නීතියෙන් දඩුවම් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේද


අනිත් වධකාගාර ගැන කතා කරන්නත් ඕන තරම් කල් තියෙනවා
2025 අප්‍රේල් මස 10 277 1

බට ලන්ද පමණක් නොව සෙසු වධකාගාර ගැන කතා කිරීමටත් ඕනෑ තරම් කල් තිබෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී ප


ගිනි අවියක්-පතුරොම් සමඟ ගුවන්තොටේදී අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 10 378 0

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගිනි අවියක් , එයට යොදන පතොරම් 12 ක් සහ පතොරම් ගැබක් සිය කළිසම් සාක්කුවේ සඟවා ගෙන සිටි පුද්ගලයෙකු


මේ බටලන්ද නෙමෙයි ඡන්ද ලන්ද
2025 අප්‍රේල් මස 10 329 0

මේ බටලන්ද නොව ඡන්ද ලන්ද යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.



බටලන්ද විවාදය ඇරඹේ
2025 අප්‍රේල් මස 10 368 0

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභාව වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 263 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 871 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site