IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘

(කේ බුද්ධික කුමාරසිරි)
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය.

හෝමාගම පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ කීය.

ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතුයි.

විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි.

නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා.

එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණයි.
කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුවාදීමට පියවර ගන්නවා. බදු ප්‍රතිපත්තියක් අපි අලුතින් ගේනවා ටැරිෆ් පොලිසි කියලා, ඒකෙදි නිෂ්පාදන යෙදවුම්වලට තියෙන බදු අඩු හෝ ඉවත් කිරීමට සඳහා තමා ඒ ප්‍රතිපත්තිය ගේන්නේ. හැම කර්මාන්තකරුවෙකුම තමන්ගේ ආනයනික නිෂ්පාදන යෙදවුම් මොනවාද කියන එක අවබෝධයක් ලබාගෙන තියෙනවා.

ඊළඟට අපේ කර්මාන්තවලට තියෙන ඊළඟ ගැටලුව තමා විශේෂයෙන් අපි කොච්චර මහන්සියෙන් මේ රටේ කර්මාන්ත, නිෂ්පාදන කළත් ඉතාමත් අඩු මිලට බදු නොගෙවා සමහර වෙලාවට ඉන්වොයිස් වැලියුව් එක පහළට දාලා ආනයනයන් සිදුවෙනවා. මේ සඳහා අපි ආරක්ෂණයක් ගේනවා.

 

 



අදහස් (7)

‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘

සිල්වා Wednesday, 12 February 2025 01:07 PM

තවත් ඡන්ද පොරොන්දුවකට වදුරු ප්‍රහායක්.

:       7       14

sanath Wednesday, 12 February 2025 01:25 PM

එහෙම වුනොත් මධ්‍යම සහ මහා පරිමාණ කර්මාන්තකරුවන් ලංකාවේ අලුත් කර්මාන්ත සදහා ආයෝජනය කිරීමෙන් දැනට තිබෙන කර්මාන්ත පුළුල් කිරීමෙන් වැලකි සිටීවි , ලෝකයේ දැනුම සහ මුදල් තිබෙනවා නම් ආයෝජනයට හිතකර රටවල් බොහොමයක් තිබෙනවා ,ඔවුන් පිටරට ආයෝජනය කරවී එහෙම නැතිනම් මුදල් බැංකුවේ දමලා නිකන් ඉදිවී ,ලංකාවේ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් පමනක් ආයෝජනය කරවී ඔවුන් වැට් බදු එහෙම ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට ඔය කියන ඉල්ලක්ක වලට යන්න බැරිවේවි , රටේ රැකියා ප්‍රශ්නය උග්‍රවේවි , මිනිස්සු පාරට බහීවි

:       1       8

de silva berlin Wednesday, 12 February 2025 01:34 PM

ජනාධිපති තුමා ඡන්දෙට කලින් යුරෝපෙට ඇවිත් විදේශගත ශ්‍රී ලාංකිකයන් වන අපට ආයාචනයක් කලා , එතුමාගේ රජයක් යටතේ ලංකාවේ ආයෝජකයන්ට බදු සහන ඇතුළු වෙනත් සහන දෙනවය ලංකාවේ ආයෝජනය කරන්න කියලා. ජනාධිපති තුමා මේ අවස්ථාවේ විදේශ ගතවෙලා , රාජ්‍ය නායකයන් , මහා පරිමාණ විදේශ ආයෝජකයන් සමඟ සාකච්චා පවත්වනවා ඔහුගේ ප්‍රධාන ඉල්ලකය ලංකාවට ආයෝජකයෝ ගෙන්වාගන්න එක , ඔබතුමා මේ අවස්ථාවේ ඊට සම්පුරණයෙන් විරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා , වැරදිලාවත් විදේශ මාධ්‍යවේදියෙක් මාධ්‍ය සාකච්චාවකදී ඔබතුමාගේ ප්‍රකශය හුවා දක්වමින් ජනාධිපති තුමාගෙන් ප්‍රශ්න කලොත් එතුමා සහ අපේ රට අපහසුතාවයට ලක්වෙනවා නේද ? ඔබතුම ඔය ප්‍රකාශය කරන්නේ වගකීමෙන්ද ?

:       0       5

යෝගා Wednesday, 12 February 2025 01:43 PM

අයවැයෙන් කාටවත් සහන ලැබෙන්නේ නෑ. ඡන්දෙට කලින් මොන බයිලා ගැහුවත් අයි.එම්.එෆ් උපදෙස් මත නන්දලාල් හදන බජට් එක තමයි ගිරව් වගේ කියවන්න වෙන්නේ.

:       2       7

R.T. sarath Wednesday, 12 February 2025 01:43 PM

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ රාශියක් මලිල්මාවට ඡන්දෙ දුන්නා , කැන්වසින් ගිය අපි ඔවුන්ට පොරොන්දු වුණ ව්‍යාපාරවලට තිබෙන කප්පම් තර්ජන , නිලධාරීන්ගේ අල්ලස් කරදර වැනි දේවල් සම්පුර්ණයෙන් ඉවත් කරනවාය , බදු සහන දෙනවය කියල , අපි කොහොමද මිනිස්සුන්ගේ මුණ බලන්නේ , කප්පම්කාරයෝ තවම ඉන්නවා , නිලධාරිනුත් ගජ රාමෙට පගාව ගහනවා , දැන් මේ හරකත් ඇවිත් කියනවා. කර්මාන්තවලට බදු සහන දෙන්න නැත කියලා , යකෝ අයවැය එන්න ඉස්සරවෙලා අයවැයෙන් කරන්නේ කුමක්ද කියල ඇමතිලා මාධ්‍ය සාකච්ඡාවල කතා කරන්නේ නැති බව උඹ දන්නේ නැතිද හරකෝ.

:       1       7

RasikaWednesday, 12 February 2025 02:26 PM

වැදගත් උත්සවයකට ගිහින් පැය දෙකක් සීරුවෙන් වාඩි වෙලා ඉන්න බැරි අය අයවැය වගේ දෙයක් සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න දන්නවා කියලා හිතන්නවත් පුළුවන්ද? හරයක්, විනයක්, සමාජ හික්මීමක් නැති සෙනඟකට රට දීලා දැන් අඬලා මොකටද?

:       0       0

පුෂ්කර ඈපාWednesday, 12 February 2025 02:28 PM

කප්පන් ගන්නේ JVP කම්කරු සංගම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඉන්දියානු මහා කෝමසාරිස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි
2025 පෙබරවාරි මස 12 41 0

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කෝමසාරිස් සන්තොස් ජා මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.


රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි
2025 පෙබරවාරි මස 12 386 0

අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අළුත උපන් සිංහ පැටවුන් හය දෙනාට නම් තැබිම අද (12) සිදුවිය.


ඇමැතුමක්දී තර්ජනය කළ පොලිස් පොඩ්ඩාට වැඩ වරදී
2025 පෙබරවාරි මස 12 786 0

‘අද උඹලාගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා. පුළුවන් දෙයක් කරපං‘ යනුවෙන් තංලංගම පොලිසියට දුරකතන ඇමැතුමක් දුන් බව කියන එම පොලිසියේම කොස්තාපල්වරයකු අත්ඩංගුව


මළ ගෙදරක බූරුපිටියේ වලියෙන් තිදෙනකු රෝහලේ
2025 පෙබරවාරි මස 12 219 0

අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11


කෝටියක ‘අයිිස්‘ සමඟ අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 12 246 0

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අ


ජනපති - කුවේට් අගමැති හමු වෙයි
2025 පෙබරවාරි මස 12 403 1

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්ද


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 119 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 907 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site