IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘බන්දුල කලකිරේ‘

(කේ බුද්ධික කුමාරසිරි)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය

තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය

පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කල බවත්  ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් පැවසීය

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම සදහාත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (19)

‘බන්දුල කලකිරේ‘

Shantha - Qatar Friday, 04 October 2024 12:31 PM

ඔයා ඉල්ලුවාට දිනන්නෙත් නෑ. ෆිල්ම් එකට හොඳ නමක් යෝජනා කරන්න පුළුවන්... ඒක සම්භාව්‍යද, කොමඩිද කිව්වොත්..!

:       2       77

Bandara Friday, 04 October 2024 12:31 PM

ඇත්තටම දැං මේ බ්‍රීඩ් එකේ බලුපැටව්වත් ගෙවල්වල හදන්න ගන්නේ නෑ. ඉතිං ආයේ පාර්ලිමේන්තුවට මොකටද?

:       2       56

ජනරළ Friday, 04 October 2024 12:38 PM

හා! හා! එහෙම කරන්න එපා. ඉල්ලන්න ඉල්ලන්න. හම්බුවෙයි හොඳවයින්ම. නිකම් මහන්සි වෙන්න එපා. අපි ලියලා දෙන්නම් ඔය ආචාර්ය උපාධියට ඕනි කරන නිබන්දනේ. අපිට නම් තාම මතකයි 80 ගණන් වල ලොරි ගණන් ටෝක් දීල කැරට් අල ලොරි පිටින් ගෙනත් දීලා රට මහා සංවර්ධනයකට ඇදගෙන ගිය ලස්සන. ඒ කතාවම ඇති හොඳ චිත්‍ර පටියක් හදන්න. දාන්න ඒකට නම පඥා බන්දු කියලා. ඒක නිසා නිකම් වාත වෙලා යන්න යන එක නරකයිනේ. ඉන්න ඉන්න තව.

:       0       42

de silva Friday, 04 October 2024 12:38 PM

හොඳ අදහස ඉල්ලුවත් ඇපත් නැතිව පරද වෙනවා ලොක්කා , ජ වී පෙ ඡන්දෙට කලින් පොරොන්දු වුණ ආකාරයට වැඩ කලොත් ලොක්කට හිරේ ඉඳන්ම අර රන්ජන් කලා වගේ උපාදිය හදාරන්න කාලවේලා හොඳටම තිබෙනවා , චිත්‍ර පටි නම් හදන්න වෙන එකක් නැහැ , අනෙක් හිරකරයොත් එක්ක එකතුවෙලා එක ඇතුලේ වෙසක් , පොසොන් වලට පොඩි නාට්‍යක් නම් කරගන්න පුලවන් වේවි.

:       0       40

sachith Friday, 04 October 2024 12:45 PM

හෝමාගම ඡන්ද ටික ජනාධිපතිවරණයේ දී අනුරට ගියපු හැටි දැක්කම ඉතින් කරපු සේවය හිතාගන්න පුළුවන්.

:       1       53

යෝගා Friday, 04 October 2024 12:46 PM

ඉල්ලලා පරාදවෙලා සවුත්තු වෙන්නේ මොකටද කියලා හිතුනද? මොනව වුණත් හොඳ තීරණයක්.

:       0       44

Nalaka Friday, 04 October 2024 01:07 PM

අපි ආසයි ඔයා පරදිනවා බලන්න.

:       0       24

Lalindra Friday, 04 October 2024 01:13 PM

අනේ ඇයි එහෙම කරන්නේ. ඔබ කුජීත වෙන්න පරදින හැටි බලා සතුටු වෙන්න බලා හිටිය අපේ බලාපොරොත්තු කඩ කරන්නේ මොන හිතකින්ද මහත්තයෝ...!

:       0       41

achini Friday, 04 October 2024 01:22 PM

දන්නවා පරදින බව .පැත්තෙන් පැත්තට පැන පැන හොරා කැපුවා ඇති හොඳටම

:       0       27

පිටරටවැසියා Friday, 04 October 2024 01:22 PM

අයියෝ බන්දුල, මැතිවරණෙට ඉල්ලන්න අප්පා. එතකොටනෙ සර් ඔය උඩින් කියල තියෙන, කරපු සේවාවන්වලට රටේ ජනතාව කෘතගුණ සලකන්න අවස්ථාවක් ලැබෙන්නෙ. අර රු. 2500 න් මාසයක් කාපු ජනතාවත් කොළඹ දිස්ත්‍රික්කයට ඇවිත් මනාපෙ දෙයි මයෙ අම්මා....කොහොමටත්, ආපහු දියවන්නාවට නාවට, ඔබතුමාගාව දැනට තියෙන ධනය පරම්පරා 10 කටත් සුපිරියටම ජීවත්වෙන්න පුළුවන්...රජයට අයත්ව තිබු වාණිජ වටිනාකම් වැඩි ඉඩම් බොහොමයක් දැන් ඔබතුමා ගාවනෙ?

:       1       26

අරවින්ද මොනරවිල Friday, 04 October 2024 01:28 PM

ඒක හොදයි නැත්තම් තමුසෙට වෙන්නේ හක්ක පූට්ටු වෙලා බොක්ක හැකිලිලා කුල්ල කූජීත වෙලා යන්නයි.

:       0       24

Ravindra Friday, 04 October 2024 01:36 PM

ඔයාට කවුරුවත් කැමති නැහැ ඒ නිසා ගත්ත තීරණය ඔයාට හොඳයි .හොරකම් කරලා නැත්නම් ඉතින් ගොඩ

:       0       17

de silva Friday, 04 October 2024 01:40 PM

කොරෝන හැදිලා රට බංකොලොත් වෙලා තිබෙන අවස්ථවේ අනවශ්‍ය ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනියක් හදල එකෙනුත් කොමිස් ගහන්න ගත් උත්සාහය වැළකිලා ගියේ අවසාන මොහොතේදී සිදුවුන ක්‍රිකට් ලොවේ ප්‍රභූ වරුන්ගේ සහ ජෙෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මැදිහත් වීම මත , කොපමණ වැඩකලත් , කරලා තිබෙන්නේ කොමිස් ගැසීම , පගා ගැසීම වැනි හොරවැඩ ඉලක්ක කරගෙන නම් , ඉදිරියට මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ ලොක්ක , දැන් 80 , 90 දශකය වගේ නොවේ , පාවෙන චන්ද ප්‍රමාණය ලෝකයේ දියුණු රටවල මෙන් ලංකාවෙත් 50% ට වැඩිය , බහුතරයක් මිනිස්සු පක්ෂේ පාට බලාගෙන චන්දෙ දෙන්නේ නැහැ , බලන්නේ පක්ෂේ ප්‍රතිපතිය සහ අපේක්ෂකයාගේ අවංක කම , කාර්යක්ෂම භාවය සහ උගත්කම වගේ සාධක , හොරු සමග හිටගතොත් වර්තමාන පාලකයන්ටත් සිදු වන්නේ ගෙදර යන්න

:       0       25

ගමේ එකාලා Friday, 04 October 2024 01:48 PM

ආවත් වැඩක් නැති බව දන්නවා.. පහුගිය කාලේ යහමින් හරිහම්බ කරගත්තුවා එහෙමත් තියෙන නිසා ප්‍රශ්නයක් නැතුව ඇති...

:       0       1

Sethuhami Friday, 04 October 2024 01:51 PM

මාලිමාවට ජයවේවා .බයේ පැනලා යනවෝ

:       1       20

sumudu Friday, 04 October 2024 01:53 PM

තව ටික දවසක් යනකොට තමන් මේ රටට කරපු බලු වැඩ මතක් වෙලා විදවයි. තොපි මේ කරපු අපරදෙට විඳවලම තමයි මැරෙන්න ඕන

:       0       15

beau Friday, 04 October 2024 01:54 PM

අයියෝ , මෙයාගේ බෝක්කු කට මිස් වෙනවා .සිනමා කර්මාන්තයට අබ සරණයි මෙයා ආවොත්

:       1       18

ranjith Friday, 04 October 2024 02:10 PM

එක එක පැත්තට පැන පැන නාකියෝ පුම්බන ඔය කටෙන් මොන තරම් බේගල් ඇදබාන්න ඇතිද? දකිනකොටත් අප්පිරියාවයි මුන් ටික.

:       1       10

Lalith Friday, 04 October 2024 02:52 PM

මා අකැමැතිම දෙසපාලුවන්ගෙන් එකෙක්. දුර දක්නා නුවනින් වැඩක් කරා නම් ඒ තමයි සමුගැනීමේ තීරණය. උඹලාගේ බොරලුගොඩ නරියාට වෙන්නෙත් හැමෝටම වෙන්න යන දේ තමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 227 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 357 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 163 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ලංකා -ඊශ්‍රායල් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි
2024 ඔක්තෝබර් මස 04 16 0

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 429 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1081 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site