IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


‘පිල් මාරු කරන දේශපාලනයට තිත තබනවා‘

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

ජනතා නියෝජිතයින්ට පිල් මාරු කිරිමට නොහැකිවන ලෙස සැලුන් දොර වසා දමා,  ජනතා  නියෝජිතයින්  පක්ෂ  හා  පිල් මාරුකරන දේශපාලනයට තිත තැබිමට  තමාගේ  ප්‍රධානත්වයෙන් බිහිවන ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ නිති සම්පාදනය කරන බව, පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ  මහතා  එලෙස පැවසුවේ අම්පාර නගර සභා ශ්‍රවනාගාර ශාලා පරිශ්‍රයේ   පැවති  ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ  ජනාධිපතිවරණ  ප්‍රචාරක රැලියක්  අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, ඔබේ ඡන්දයට වටිනාකමක් දෙන්න, ජන්දය මුදල්වලට, බාර් ලයිෂන්වලට විකිණෙන යුගය නවත්වනවා. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් පටන් ගන්නවා.

අපි පැහැදිලිවම උතුර නැගෙනහිර එකතු කරන්න දෙන්නෙ නෑ. පැහැදිලිවම ඉඩම් හා පොලිස් බලතල දෙන්නෙ නෑ. ඒ වගේම නැගෙනහිර පලාත සංවර්ධනය කරන බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

නැගෙනහිර පලාතට අධිවේගී මාර්ගයක් ගෙනඑන්න, ගොවියා ශක්තිමත් කරන අතරතුර වැව් අමුණු හදන්න, ව්‍යවසායකයා ශක්තිමත් කරන්න, සංචාරක ව්‍යාපාරය, වෙළඳ්‍යාපාර දියණු කරන්න මහින්ද රාජපක්ෂ රජයට දැක්මක් තිබුණත්. 2025 පත්වුණ  රජයට සංවර්ධනය පිලිබඳව අවබෝධයක් නොතිබීම හේතුවෙන් සියල්ලම ඇණහිටියා. මේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක් මහතා ද, එක්ව සිටියේය.

 



අදහස් (19)

‘පිල් මාරු කරන දේශපාලනයට තිත තබනවා‘

පොඩිඑකා Sunday, 15 September 2024 12:45 PM

ඔය සාටකෙන්ම බෙල්ලේ දාගෙන අප්පොච්චිගේ සැලුන්දොරේම එල්ලෙන්න.. ලැජ්ජා නැහැ...!

:       5       56

අඹගහහේනේ ප්‍රේමසිරි Sunday, 15 September 2024 01:16 PM

ඔයැයිට ඉස්සර වෙලා මුලින්ම ඕක කිව්වේ ආචාර්ය හරිනි අමරසූරිය කියලා මතක් කරන්න වෙනවා. ඊළඟට සජිතුත් අනුරත් කිව්වා ලැජ්ජාවක් නැද්ද හලෝ... අනුන් කියපු දෙයක් ගිරවා වගේ කියවන්න ඔහොම අයට වෙන්නේ ගෝඨාභය ජනාධිපතිට වුණා වගේ අනුන්ගේ පිහිට පතන්න තමයි...

:       5       43

Ramya Sunday, 15 September 2024 12:51 PM

තිත නැතිව සෙමි කොලමක් තියන්න කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා.

:       3       19

Banda Sunday, 15 September 2024 01:15 PM

හිනා වෙන්නේ කටෙන්ද වෙන තැනකින්ද කියලා හිතා ගන්න බෑ. ඕක කියද්දී තාත්තා අප්පුඩියක් ගැහුවේ නැතෙයි...?

:       4       34

TikiriliyaSunday, 15 September 2024 06:05 PM

ඉතින් පුතේ අප්පා මුලින්ම කරපු දේ වෙනසක් කරන්න ගියාම පුතා මොන පුතෙක්ද වෙනවා කියලා අහලා නැතෙයි... ඔය ලෙඩේ ලංකාවට බෝකලේ ඔයාගේ අප්පා තමයි කොල්ලෝ...!

:       3       18

de silva Sunday, 15 September 2024 01:18 PM

සැඟවුණු බයියා අවතක්සේරු කරන්න එපා.. ඡන්ද පොළට ගියාම පොහොට්ටුව ලකුණ දැකලා මහින්ද රාජපක්ෂ මතක්වෙලා නාමල්ට කතිරේ ගහන විශාල පිරිසක් ඉන්නවා. රනිල්ට වැඩියෙන් නාමල් ඡන්ද ගන්නවා. නාමල් ඡන්ද ලක්ෂ 15-18 අනිවාර්යයෙන්ම ගන්නවා. රනිල්ට එපමණ ගන්න බැහැ. අරටු බැහැපු මහින්ද වාදියෝ සහ පොහොට්ටු කාරයා කතිරේ ගහන්නේ පොහොට්ටුවට මිසක් වෙන දෙයකට නොවේ..

:       8       16

Nandalal DE SILVA - France Sunday, 15 September 2024 01:27 PM

අනේ මගේ කට... අප්පච්චිත් අවුරුදු ගණනක් තිස්සේ මහ පුටුවත් රත්කරලා..., රටේ ධනය මැදමූලනට එකතු කරගෙන රටට කළේ මොනවද? රටේ වත්කම් හොඳට විකිණූ හැටි කියන්න අමතක වුණාද?

:       4       26

pakeer Sunday, 15 September 2024 01:38 PM

පස්සෙනුත් හිනා යනවා...!

:       6       21

lankaputha Sunday, 15 September 2024 01:51 PM

පොහොට්ටුවට 2/3 තියෙද්දී පනින අයට පොහොට්ටු තිබ්බා විතරයිනේ කළේ... ඇයි අප්පා ළඟ තියාගෙන ඔහොම කතා කියන්නේ? 

:       4       18

Kazi Shajahan Sunday, 15 September 2024 02:06 PM

දැන්ද මතක් වුණේ..., තමන් අමාරුවේ වැටෙන කොට තමයි හොඳ දේවල් මතක් වෙන්නේ. ඒ කාලේ ඉඳන් JVP එක ඔය පනත ගේන්න ගියානේ. මොකද වුණේ..? කට්ටියම අද වාසිය බැලුවා විතරයි. අද ඒ දේ කළා නම්, අද කොහොමද පොහොට්ටුවේ අය රනිල් ගාවට යන්නේ...! 

:       3       21

ගමේ එකාලා Sunday, 15 September 2024 03:47 PM

රටම හොරාකාලා බන්කොලොත් කරපු දූෂිත පවුල් පාලනේ අයගේ මුහුණු දකින එකත් අපිට හරිම පිළිකුල්. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරී මාන්ස උරාබීපු ලේ මාපිල්ලු. ගුණමකුවෝ රැවටිලි කාරයෝ. සදහටම හිරගෙදර ඉන්න ඕනෑ අය...!

:       3       21

priyanka Sunday, 15 September 2024 04:03 PM

කතා කරන්නේ කොහෙන්ද මන්දා..?

:       3       18

සිරි Sunday, 15 September 2024 07:47 PM

අෙප් මහෙල්කම් ගත්ත හන්දා අපි ඒෙගාල්ලනගේ මහ ලේකම් ගත්තා කියල කි⁣වේ කවුද කියල මතකද පුතේ ?

:       0       3

Deshapriya Sunday, 15 September 2024 08:22 PM

එහෙම කරලා ඔයා කොහොමද අප්පච්චි නවත්තපු තැනින් පටන් ගන්නේ.. සැලුන් දොරවල් ඇරලා සල්ලි වලට ඔළුගෙඩි මාරු සෙල්ලම අප්ප කිසිම හිරිකිතයක් නැතිව කරනකොට ඔයාලට ඕවා තේරුනේ නැද්ද පක්ෂේ හෝදාගෙන යනකොට ද එකේ අපුල දැනුනේ

:       0       4

Asela Sunday, 15 September 2024 09:08 PM

මේවට හිනාවෙන්න ඕන කොහෙන්ද කියලා කියන්න ඕන නෑනේ. මුන්ට කඩේ යන ගොන් නාම්බෝ තාමත් ඉන්නවනේ.

:       0       6

රෙක්ස් Sunday, 15 September 2024 09:19 PM

ඊට කලින් මේ රටේ ජනතාව ඔහෙලගෙ සනුහරේටම තිත තියනවා

:       0       6

විපරමා Sunday, 15 September 2024 09:57 PM

පිල් මාරුව කෙසේ වෙතත් පක්ෂ කඩලා එකිනෙකා බේද බින්න වෙන තැනට වැඩ සිද්ද කෙරුවෙත් තමුන්ගේ උන්ම තමා.

:       0       9

ඪින්ගිරි බන්ඩා Monday, 16 September 2024 03:22 PM

මම හිතුවේ මේ අනුර හරි සජිත් හරි කිව්වා කියලා . බැලින්නම් මේ යකානේ.

:       0       4

Hob Tuesday, 17 September 2024 12:36 AM

අයියෝ, තාත්තයි, මාමලයි කරපුවානේ මෙයා නවත්තන්න යන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 599 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 760 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1325 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 573 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1296 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 657 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site