IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ’

(ප්‍රදීප් කුමාර කුලරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ මත්තේගොඩ ප්‍රදේශයේ (07) දා පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ලබන වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් පැවැත්වෙනවා.එය ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියලා දැම්ම කියන්න බෑ. නමුත් මැතිවරණයක් අනිවාර්යයෙන්ම ලබන වසරෙදි පැවැත්වෙනවා. ඒ සඳහා පොදු ජන පෙරමුණ සැලසුම් සහගත සූදානමකින් පසුවනවා. 

වැටුප් වැඩි කරනවනම් පළමුව වැටුප් වැඩි කළ යුත්තේ  වැඩ කරන ජනතාවගේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුද්ධයේ ඉන් අනතුරුව බවත් පැවසිය  



අදහස් (22)

‘වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ’

ගමේ එකාලා Thursday, 07 December 2023 08:22 PM

ජනතාවට ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා, දහසකුත් බොරු බේගල් ගහලා බලයට ආවා. බලලෝභී, බඩගෝස්තරවාදී ගුණමකු ගති ඇත්තවුන්. සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු ආධාරත් හොරාකෑවා. ආර්ථික ඝාතකයින්. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා ජනතාව මහපාරට වැටෙන තැනට වැඩසිද්ද කරලා දැන් සුදනන් වෙන්න යනවා...!

:       1       10

ඔක්කොම යාලුවො Thursday, 07 December 2023 08:37 PM

කියනකොට එහෙමට වුනත් රජාණෙනි මට වෙනු සමා කරන කොට එය වෙනස්වු හැටි හොදින් දැනගෙන සිටිමි මා

:       0       5

පිටරැටියා Thursday, 07 December 2023 09:29 PM

තමුන් බලයේ හිටපු කාලේ ජනතාවට සළකපු හැටිත් අපි දන්නවා .

:       1       9

ලසන්ත Thursday, 07 December 2023 10:11 PM

ආයෙත් බැරි මර ගාතේ හරි, ජානගත හුදී බයි සනුහරය සමග නැගිටින්න වගෙයි හදන්නේ...!

:       0       5

Perera Thursday, 07 December 2023 11:31 PM

වැඩකට නැති රටම හූරන් කාපු හැතිකරේ අයගේ පඩි නෙවෙයි බෙල්ලම කපලා දාන්න ඕනෑ...

:       0       5

J R P සූරියප්පෙරුම Friday, 08 December 2023 02:20 AM

වැඩකරන අපේ විරුවා ගැන ඇයි කතා කරන්නේ නැත්තේ? වැඩකරන අපේ විරුවාට තමයි වැඩියෙන්ම පඩි වැඩි කරන්න ඕනේ. එයා තමයි හොඳටම කරේ...!

:       0       7

LGP. JATHUNARACHCHI. Friday, 08 December 2023 06:36 AM

ඔබේ පරිපාලනයේ හැටියට.!!!

:       0       1

නිහාල් Friday, 08 December 2023 06:47 AM

අපි හොයලා බලලා මොකක් හරි කරන්නම්

:       0       5

ranjith Friday, 08 December 2023 07:12 AM

තව ඔහෙලටත් පඩි වැඩිකරගන්න හිතන්න ලැජ්ජාවක් නැහැ නේද?

:       0       4

PATTA hora Friday, 08 December 2023 08:20 AM

හොඳටම මඤ්ඤං. ආණ්ඩුව කරවන්නේ පිංජනා එක්ක පොහොට්ටුවෝ කියලත් දන්නේ නෑ. එයත් කලේ තමුන්ගේ සනහුරේයි, එහෙයියෝ ටික ගොඩ දාපු එක. දැන් මං සුදනා වෙන්න, කොලේ වහලා කියවනවා. අර හොර පෙරකදෝරුවා උඩට ගන්න තමයි මේ තටමන්නේ...

:       0       11

ANURANGA Friday, 08 December 2023 09:43 AM

ආගමික උත්සවයකින් අනතුරුව-උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

:       1       14

Sara Friday, 08 December 2023 10:57 AM

නිවන් සුව ලැබේවා ඔබට..?

:       1       6

සිල්වා Friday, 08 December 2023 11:14 AM

මේ රටේ මහජනතාව යනු වැඩකරන ජනතාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොවෙයි. සමස්ත ජනතාවගෙන් අතිබහුතරය ස්වයං රැකියාවල නියුතු පිරිස වන අතර එම බහුතරය වෙනුවෙන් රජයෙන් සිදු කරන්නේ කුමක්ද?

:       0       3

MAnjulaFriday, 08 December 2023 03:36 PM

ස්වයං රැකියා සහ සුළු කර්මාන්ත කරන අය වෙනුවෙන් රජයෙන් අලුත් බදු/ ටැක්ස් වගේ දේවල් හඳුන්වා දෙන්න.

:       0       0

අනුර Friday, 08 December 2023 11:35 AM

කවදත් ජනතාවගේ හදවතේ නායකයා දිගුකල් දිනේවා..!

:       13       1

Samansantha Friday, 08 December 2023 11:38 AM

අම්මේ මෙයාගේ තියන අනුකම්පාව මෙච්චර හොරා කාලාත් තවත් එනවනේ බොරු කියන්න. දැන් ඇවිද ගන්නත් බැහැ. ඒත් හොරකම් කරන්නමයි හිත... අපි පණ වගේ ආදරේ කරා මේ මනුස්සයාට... ඒත් දැන් නම් කියන්නේ හෙනම ගහපිය කියලා... මුලු රටම කෑවා... මොවුන් සේරටම නිවන් සැප ලැබේවා... ඔය හොරාකාපු සල්ලි මැරුණාම පෙටිටියට දාන්න කියන්න. එහෙ ගිහිනුුත් හොරකමි කරන්න එපැයි ඡන්දෙ ඉල්ලන්න වරෙව්කෝ... දෙන්නම් නියමෙටම...

:       0       7

Sandhya balasuriya Friday, 08 December 2023 11:48 AM

එතෙර රැකියාවල නිරත අයගේ වැටුප් වැඩිකළ යුතුයි. එවිට වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එවන්න පුළුවන් කිසිම නීතියක් නෑ...

:       0       1

Rata Perata Friday, 08 December 2023 01:01 PM

උසාවියෙන් වැරැදි කාරයෙක් වුණු මේ වගේ කෙනෙක් පස්සේ තවත් යනවා නම් හෙට ඉඳලා තණකොළ කපන්න. මිනිහෙක් එකපාරක් රැවටෙන්නේ විශ්වාසය මත, ඒත් දෙවැනි පාරටත් පස්සෙන් යන්නේ අපත කමට.. දැන්වත් මොලේ පාවිච්චි කරපල්ලා.

:       0       4

Kumara Friday, 08 December 2023 02:13 PM

රටේ ණය බේරන්න. මේ රටේ දරුවන්ට කන්න පස් ටිකත් නැති වෙනවා...

:       1       2

තුෂාර Friday, 08 December 2023 05:52 PM

මෙන්න කියපු දේ කරපු, කරන දේ නොසඟවපු ජාතියේ පියා...

:       0       2

හිතවතුන්ට සෞභාග්‍යය Friday, 08 December 2023 08:23 PM

2019 අවසානයේ යහපාලන ආණ්ඩුව විශ්‍රාමිකයින් සදහා වැටුප් වැඩිවීමක් දුන්නා ඒත් ඒක ක්‍රියාත්මක කරන අවස්ථාව වනවිට ආණ්ඩුව වෙනස්වීමට සූදානම් වීම නිසා දේශපාලන අතපෙවීමක් නිසා හෝ අසාධාරණ ආකාරයට එම වැටුප් ලබාදීම කරල තියෙනවා එහිදී පොහොට්ටුවෙ දේශපාලන හිතවතුන්ට වැඩියෙනුත් නැති අයට අඩුවෙනුත් වැටුප් ගෙවීම කලා ඒගැන ඇහුවාම වැඩියෙන් ලැබූ කෙනාගෙ අඩුකර අහවලා කියපු නිසා අඩුකරනවා කියලා අඩුකර තියෙනවා පැමිණිලි කල කෙනාගෙ වැටුපෙනුත් අඩුකර තියෙනවා එහෙම තමයි පොහොට්ටුවෙ කට්ටිය කටයුතු කරන්නෙ

:       0       0

Bamunuarachchi Saturday, 09 December 2023 12:12 AM

කාටවත් වැටුප් වැඩි කරන්නේ කාගේවත් බුදලයෙන් නොවෙයි හිඟන්නා ගේ සිට පොහොසතා දක්වා මිනිස්සුන්ගෙන් ගන්නා නියම හා වක්‍ර බදු වලින්. සියළුම ජනතාවට සහන සැලසෙන්න අත්‍යවශ්‍ය බඩු මිල අඩු කරන්න. පිටරටන් ගෙන්වන යෝගට්, රසකැවිලි,වගේ දේවල් වලට බදු වැඩි කරලා පිටි මිල අඩු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 188 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 149 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 807 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 224 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 675 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site