IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


‘‘අපේ අයට පුරුදු නැත්තේ හොරා කෑමයි‘‘

(ජේ.කේ.එල්. චාමින්ද)

ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට අලුත් අය වුවත් මේ කිසිවකු දේශපාලනයට අලුත් අය නොවන බැව් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා  බද්දේගම දි පැවසිය.

දේශපාලන පොරපිටිය පිරිසිදු කිරිම සදහා නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න යැයිද ජනාධිපතිවරයා සදහන් කළේය.

ජාතික ජනබලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරගවදින අපේක්ෂකයන්ට ආධාර පිණිස මෙම රැස්විම් පැවැත්විණි.

එහිදි ජනාධිපතිවරයා මේසේද කිවේය.

ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට අලුත් අය වුණත් මේ කිසිවකු දේශපාලනයට අලුත් අය නෙවෙයි.

මේ රට ඕනැම අවස්ථාවක විපතට පත්වෙන විට රට ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් දේශපාලනය කරපු අය. මේ රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කරන විට එයට විරුද්ධව හඩ නගන අය, මේ රටේ සම්පත් විකුණන විට ඒ සම්පත් ආරක්ෂා කරන්න කියලා පෙනි හිටපු අය. මේ රටේ කොතනක හෝ අසාධාරණයක් සිදුවන විට ඒ අසාධාරණයට විරුද්ධව දේශපාලනය කරපු අය. ජනතාව විපතට පත්වු අවස්ථාවලදි ජනතාව වෙනුවෙන් කුමක් හෝ දෙයක් කිරිමට මැදිහත් වු අය. පාර්ලිමේන්තුවට අලුත් මුහුණු වුණාට දේශපාලනයට අලුත් අය නෙවෙයි.

ඒ අය නරක වැඩවලට පුරුදු අය අපේ අය හොද වැඩවලට පුරුදු අය. දේශපාලනය පුරුදු අලුත් අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕන. අන්න ඒ අය තමයි මාලිමාව නියෝජනය කරන්නේ. නොවැම්බර් මස 14 වැනිදි මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කරන්න ඕන. ඒ දේශපාලන පොරපිටිය ශුද්ධ කිරිමට නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕන.

අපිට රට පාලනය කරන්න අත්දැකම් නැහැ කියලා එදා කිවා. දැන් ඒකම කියනවා.අලුත් අයට අත්දැකිම් නැහැ. පරණ අයම එවන්න කියලා. පුරුදු අයම එවන්නලු. හොරකමට පුරුදු අය තමයි ඒ අය. නිතිය නොසලකා කටයුතු කරන අය. වාහනයක් ලියාපදිංචි කරන්න ඕන පාරේ දුවන්න.එක අපේ රටේ නිතිය, ජනතාව නිතියට භයයි. ජනතාව නිතියට ගරුකරනවා. නමුත් පාලකයින් එහෙම නැහැ. දැන් හමුවෙනවා.ලියාපදිංචි කරලත් නැහැ අංක තහඩු නැති එංගලන්තයෙන් උස්සපු කාර්. අන්න පලපුරුද්ද. ඒ අය හිතනවා ඒ අය නිතියට යටත් නැහැ. නිතියට වඩා උඩින් ඉන්නවා කියලා. නිසි පරිදි ලියාපදිංචි කරලා නැහැ නිසිපරිදි බදු ගෙවලා නැහැ.ගෙවල්වලින් වාහන හමුවෙනවා. පාලකයන් වැඩ කරලා තියෙන්නේ ඒ අයට නිතිය අදාල නැහැ. වාහන ලියාපදිංචි කරලා දුවන්න ඕන මහජනතාව, ඇමතිවරුන්ට හොරෙන් දුවන්න පුළුවන්.

අන්න එහෙම දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ. උසාවි වලින් පනින්නේ කොහොමද? හොරකම් කරලා බේරෙන්නේ කොහොමද? අපරාධ කරලා කට්ටි පැන පැන ඉන්නේ කොහොමද? අන්න ඒ පිළිබදව නම් අත්දැකිම් තියෙනවා. ඒ අය නියෝජනය කරපු පාර්ලිමේන්තුව තමයි එපා වුනේ. නරකම තැනට පත්වුනේ.අද කියන පලපුරුදු කථා. ඒ අයට තියෙන්නේ නරක දේවල්වලට පුරුදු වැඩ. පාර්ලිමෙන්තුවට හොරෙන් පිහි, මිරිස් කුඩු, අරන් එන්න පුරුද්ද. පාර්ලමේන්තුවේ පුටු වලින් ගහගන්න පුළුවන් අන්න පුරුද්ද, පාර්ලිමේන්තුවේ නරක දේවල්වලට අතඋස්සන්න පුළුවන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා හිටපු සෞඛ්‍ය ඇමති බෙහෙත්වලින් හොරකම් කරලා කියලා පාර්ලිමේන්තුවේ දි එයාට පක්ෂය අත උස්සනවා. අන්න පුරුද්ද පාර්ලිමේන්තුවේ අසභ්‍ය වචනවලින් බැන ගන්නවා අන්න පුරුද්ද පාර්ලිමේන්තුවේ ඉන්න අයට නිතියට උඩන් ඉන්න පුළුවන් මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුවෙන් ඉන්න අයට මහජනයාට වඩා විශාල වරප්‍රසාද තෙල් මිල, විදුලිබිල ඉහල යනවිට එම ගාස්තු වැඩිකරගන්න පුළුවන්. කාර්යාල දිමනා කියලා අමතර මුදල් ගන්න පුළුවන් කාර් බලපත්‍ර ලබාගන්න පුළුවන්. සුරාබදු බලපත්‍ර ගන්න පුළුවන් අන්න පුරුද්ද ජනතාව ඒවගේ පුරුදු නම් හොදටම ඇතිවෙලා තියෙන්නේ.

හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා පුරුදු අය එවන්න කියලා මේ වතාවේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන අලුත් අයගෙන් .

මේ රටේ දේශපාලනය යහපත් දේශපාලනයක් බවට පරිවර්තනය කරනවා. අපේ රටේ දේශපාලනය තියෙන්නේ බිස්නස් එක්ක හැටියට.ජනතාවගේ ඡන්දයෙන් මන්ත්‍රි වෙලා.ආණ්ඩුවේ බලය උපයෝගි කරගෙන ධනය එකතු කරනවා. ඒ අයගේ දේශපාලනය මුදල් ඉපයිමේ මාර්ගය ජාතික ජනබලවේගයේ දේශපානය යනු මහජන සේවයයි. බිසන්ස් එක්ක ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන දේශපාලනය අපි මහජන සේවාවක් බවට පත්කරනවා. රටට යහපත් ව්‍යාපෘතියක් එනවිට බලන්නේ රටට හොදද කියලා නෙවෙයි එයාට හොදද කියලා. අද අපිට විශාල ආයෝජකයන් ප්‍රමාණයක් හමුවෙනවා. ආයෝජකයකු එනවිට ඒ අයගෙන් කියක් හරි ඉල්ලනවා ඊට පස්සේ ආයෝජකයා හැරිලා යනවා .

මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද අඩුකරන්න ඕන. මන්ත්‍රිවරු ජනාධිපතිවරයා වෙනුවෙන් දරණු ලබන වැය බර අඩුකරන්න ඕන. හිටපු ජනාධිපතිවරු වෙනුවෙන් දරණු ලබන වැයබර මුළුමනින්ම අඩුකරන්න ඕන. සමහර වරප්‍රසාද චක්‍ර ලේඛනවලින් පනත්වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදිලා තියෙනවා. ඒ සියල්ල ඉවත් කිරිම සදහා කමිටුවක් දමලා තියෙනවා. මේ සියල්ල වෙනස් කරලා හිටපු ජනාධිපතිවරු එක බලාගන්න එක අපි නතර කරණවා.

අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කරන්න ඕන. අපේ රටේ තවමත් තියෙන්නේ පැරණි රාජ්‍ය යාන්ත්‍රණයක්. ලෝකයේ මේවා විශාල ලෙස තාක්ෂණයත් සමග දියුණුවෙලා තියෙනවා. ලංකාව ඩිජිටල්කරණය කිරිමේ ව්‍යාපෘතිය පටන් ගන්නවා ගොඩක් දේවල් ගෙදර ඉදගෙන සමහර දේවල් ජංගම දුරකථනයෙන් ගෙවන්න පුළුවන් විදියට අපි කටයුතු කරණවා. අස්වැසුම් දිමනාව තමන්ගේ ජංගම දුරකථනයට එන්න ජංගම දුරකථනයෙන් වෙළදසැලෙන් ගණුදෙනු කිරිමට පුළුවන් අයුරින් කාර්යක්ෂම සේවාවක් පටන්ගන්නවා. පුරවැසියන්ට කරදර නොවන හිරිහැර නොවන කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මානය කරණවා. මේ සදහා සිටින ප්‍රබලතා විද්වතා ලංකාවට එනවා ස්වෙච්ඡාවෙන් එනවා.අපි පෙන්වන්නම් රට හදන හැටි

මෙම ජන රැළිය අමතා ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින් හේවගේ, ජාතිකජනබලවේගයේ විධායක සභික ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්න ගමගේ යන මහත්වරු ඇතුළු අපේක්ෂකයින්ද මෙම රැළිය ඇමතුහ.මේ සදහා විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

‘‘අපේ අයට පුරුදු නැත්තේ හොරා කෑමයි‘‘

ඔබේ අදහස් එවන්න

දියත

සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි
2024 ඔක්තෝබර් මස 28 160 0

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 28 188 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 259 0

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


ඩෙංගු වැඩි වීමේ අවධානමක්
2024 ඔක්තෝබර් මස 28 57 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක
2024 ඔක්තෝබර් මස 28 314 0

වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පි


සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි
2024 ඔක්තෝබර් මස 28 848 0

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 596 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site