IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘

( තිලකරත්න දිසානායක)

"මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනාධිපති කරන්න. ඒ වගේම  සජබෙන් එකතුවෙලා ඉන්න කණ්ඩායම බලාපොරොත්තු වුණේ එම නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති කරන්න. නමුත් අපි කොච්චර මහන්සිවෙලා වැඩ කළත් රටේ ජනතාව යමකිසි තීරණයක් අරගෙන මේ රටේ වෙනසක් කරන්න ඕනේ කියල අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපති කරල තියෙනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහ දී පැවසීය.

මම හිතන්නේ ජනාධිපතිවරයෙක් හැටියට අද අනුර දිසානායක මහත්තයගෙ පළවෙනි මාසෙ සමරන අවස්ථාව. නමුත් එතුමාට අපි සුබ පතනවා , එතුමාව විවේචනය කරන්න නෙමේ අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් එතුමා මේ කාලය තුළ ගත්ත යම් යම් තීන්දු තීරණ දෙස බලන කොට පොඩ්ඩක් අපිට ඒ ගැන කල්පනා කරල බලන්න වෙනවා. ඉදිරියේදී මෙවැනි තීන්දු තීරණ ගන්නවා නම් රටේ ආර්ථිකයට මොකක්ද වෙන්නේ කියලා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් සහ ඊට සහාය දක්වන සමගි ජනබලවේගය පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණෙහි පිරිසක් , ගම්පහ වියානා උත්සව ශාලාවේදී හමුවූ අවස්ථාවේ එසේ සදහන් කළ විජයවර්ධන මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

"අපි දන්නව මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයේ උණුසුමෙන් මහ මැතිවරණයකට යන කොට වෙනද වගේ රටේ ජනතාව ඒ ජයග්‍රහණය ලබා ගත්ත , ජනාධිපතිරණයේදී ජයග්‍රහණය ලබා ගත්ත කණ්ඩායමට තමයි ඡන්දය ලබු දෙන්නෙ. නමුත් මේ අවස්ථාවේදී මම හිතනවා සමහර කණ්ඩායමක් අපේ තලතා අතුකෝරළ මැතිණිය කිව්ව වගේ ඒ ඡන්දෙ දීපු කණ්ඩායමත් මේ මහ මැතිවරණය ගැන කල්පනා කරල බලනවා තුනෙන් දෙකේ බලය දුන්නොත් නම් රටට මොකද වෙන්නෙ කියල. ඒ ගොල්ලනුත් හිත ඇතුළේ තියාගෙන ඉන්නවා යම් සමබරතාවයක් පාර්ලිමේන්තුවේ තියෙන්න ඔනේ කියලා. මං හිතනවා ඉදිරියේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් රටේ අනාගතයටත් අපිට හොඳ මන්ත්‍රී කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා.

ඒ සමබරතාවය තියාගන්න අපි මේ දැන් ඉදන් මහන්සි වලො අපේ අපේක්ෂකයන් මේ පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍ය වෙනව. මෙවර ගෑස් සිලින්ඩරයෙන් අපි ඉදිරිපත් කරල තියෙන කණ්ඩායම පලපුරුද්දක් තියෙන කණ්ඩායමක්. රජයේ ඇමතිකම් කරපු කණ්ඩායමක්. පළාත් සභා මන්ත්‍රීවරුන් හැටියට වැඩ කරල තියෙනවා. නගර සභාවේ සභාපතිවරු උපසභාපතිවරු විදිහට වැඩ කරල තියෙනවා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු හැටියට වැඩ කරල තියෙනවා. විපක්ෂයේ වැඩ කරල තියෙනවා. එවැනි කණ්ඩායමක් මේ රට දුවන්නේ කොහාමද කියලා දැනුමක් තියෙන කණ්ඩායමක් ඉන්නේ. මෙවැනි කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නට ඕනේ.

මොකද අපේ කණ්ඩායමේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරන ජයන්ත මුදන්නායක මහත්මයා, ඒ වගේ ගුණවර්ධන මහතාත් ජනතාවත් එක්ක දේශපාලනය කරන්නේ. ප්‍රශ්නයක් අපිට අහන්නත් වෙනවා දැන් මේ මාලිමාවෙන් ඉදිරිපත් කරල ඉන්නේ අපේක්ෂකවරුන් මේ ගම්වල කට්ටිය අඳුරනවාද නැද්ද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මෙතුමාලත් අපිත් දීර්ඝ කාලයක් අපේ ආසනයේ ගමේ අපේ පාක්ෂිකයන් සමග සම්බන්ධවෙලා වැඩ කටයුතු කරල තිවෙනවා. සංවර්ධන කටයුතු කරල තියෙනවා. අඩුගානේ මෙතුමාලා අපේ පාක්ෂිකයෙකුගේ මළ ගෙදරකට හෝ ගිහින් තියෙනවා. නමුත් මේ මාලිමාවෙන් ඉදිරිපත් කරල තියෙන අපේක්ෂකයන් ගමේ කට්ටිය අඳුරන්නේ නෑ. ඒ නිසා අපි හරියට ගිහිල්ලා අපේ ගම්වලට ගිහිල්ලා මේක පැහැදිලි කරල දුනනොත් ඒ අය තමන් දන්නා අයට ඡන්දෙ දෙයි. එතැන්ටයි අපි ඉල්ලක කර ගන්න ඕනේ.

ඒ නිසා මේ මහ මැතිවරණයේදී අපිට මහන්සි වෙන්න වෙනවා. අපිට කෙටි කාලයයි තියෙන්නෙ. ජනතාව වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් පළපුරුද්දක් තියෙන, රටේ ආර්ථිකයක් කොහොමද දුවන්නේ කියන දැනුමක් තියෙන , අමාත්‍යාංශයක් දුවන්නේ කොහොමද කියල දැනුමක් තියෙන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරන්න අවශ්‍යයි. එතකොට තමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කරගෙන රටේ ජනතාවත් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ.

මොකද මේ රටේ ආර්ථිකයට මොනවගේ බලපෑමක් වෙයිද කියලා අපිට හිතාගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිකම බාරගන්න කොට මේ රට වැටිල තිබුණ තත්ත්වය ගැන මං කියන්න ඕනේ නැහැ. ඒ ගැන හැමෝටම මතකයි. එතුමා අවුරුදු දෙකහමාරකින් ටිකින් ටික හදාගෙන ඇවිදිද්ලා යම්කිසි ස්ථාවරභාවයක් මේ රටට ලබා දුන්නත් සියුම් තත්ත්වයක් තමා තවමත් මේ රටේ ආර්ථිකයේ තියෙන්නේ. අපි තාමත් ණය වෙච්චි රටක්. අපි ණය වෙලා තියෙන රටවල නායකයෝ එක්ක සාකච්ඡා කරල තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට හදාගෙන ආවෙ , තව අවුරුදු තුනකට මේ ණය ගෙවන්න ඕනේ නැහැ කියලා. ඒ අවුරු දු තුන ගතවුණාට පස්සේ තව අවුරුදු විස්සකට ඉඩදීල තියෙනවා මේ ණය ගෙවල දාන්න. එසේනම් අපි කැපවෙලා අපේ කණ්ඩායමෙන් දක්ෂයින් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ජනතාව දැනුවත් කරමු."

මෙහිදී හිටපු ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ඇතුලු කථිකයින් කිහිප දෙනෙකුම අදහස් දැක්වූහ.

 



අදහස් (0)

‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය හිතුමතේ පඩි ගෙවලා
2024 ඔක්තෝබර් මස 22 260 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අතිකාල හා දීමනා ගෙවා ඇත්තේ ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් කාලය සනාථ කර ගැනීමෙ


ගංවතුර විපතට චීනයෙන් අස්වැසිල්ලක්
2024 ඔක්තෝබර් මස 22 244 0

හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.


ඇල්පිටිය ප්‍රා ස මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රැයෙන් අවසන්
2024 ඔක්තෝබර් මස 22 119 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කා


රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 867 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 1532 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 717 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 786 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site