(අංජුල මහික වීරරත්න)
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී අද (12) පැවසීය.
වසර අවසන් වන විට සංවිධායකවරුන්ගේ සාර්ථකත්වය දැක ගැනීමේ අවස්ථාව එළඹෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
"මෙතැන ඉන්න සංවිධායක මහත්වරු සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ කොට්ඨාශයේ සංවිධායක හැටියට හෝ දිස්ත්‍රික් සංවිධායක හැටියට ඒ වගකීම ඉෂ්ඨ කරන්නැයි ඉල්ලා සිටිනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එහිදී ආසන සංවිධායක ලිපිය ලබාගන්නට පැමිණ මතු කළ කාරණයක් නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී ලක්ෂ්මන් විජයමාන්න මහතා එජාප නායකයා අමතමින්" සර්,මට කාරණයක් කියන්න තියෙනවා. මම පක්ෂයේ වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළා.රාජිත ආවාම එයා ලොකු කරගෙන තනියම වැඩ කරනවා යැයි පැවසීය.
එහිදී තවත් ආසන සංවිධායකවරු දෙදෙනෙක් ද නැගිට ඇතැම් පත් කිරීම්වලට විරෝධය පළ කරන බව පැවසූහ.
රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් අමතමින් කරුණාකර වාඩිවෙන්නැයි පැවසූ අතර " ඔබතුමාගේ නියෝගයට ගරු කරනවා" යැයි කියමින් ඔවුහු අසුන් වල වාඩි වූහ.
එජාප සභාපති වජිර අබේවර්ධන මහතා රැස්වීම අමතමින් පැවසූයේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා සියලු දෙනා ඒකරාශි වී සිටින බවයි.
පක්ෂයේ එකමුතුකම ඇති කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පැත්තෙන් කළ හැකි උපරිම දේ සිදු කර තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා ස.ජ.බ -එජාප එකතු කිරීමේ සාකච්ඡා සඳහා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කණ්ඩායමකට වගකීම් පවරා තිබෙන බව කීය.
"කණ්ඩායමක් ලෙස සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන්න කියා රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නා.ඒ පළවෙනි ක්‍රමය.එම එකඟතාවය වැදගත්.දෙවෙනි ක්‍රමය අලියා ලකුණ යටතේ තරඟ කිරීම. තුන්වෙනි ක්‍රමය සජබ, එජාප වශයෙන් තරඟ නොකර ස්වාධීන ලකුණකින් තරඟ කිරීමයි.ජයග්‍රහණය ලබා ගැනීමට නම් අපිට වෙනත් මාර්ගයක් නැහැ යනුවෙන් ද එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.
මෙම අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,උපනායක අකිල විරාජ් කාරියවසම්,හිටපු අමාත්‍ය නවීන් දිසානායක,රාජිත සේනාරත්න මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ ද සහභාගී වූහ.
ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇය
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද
අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ස
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගා
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඇරැඹු වර්ජනය අද(13) අවසන් කිරිමට පියවර ගත්බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘