IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ටෙහෙරාන්,කුසෙස්තාන් සහ ඉලාම් පළාත්වල හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළත් ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතියට ඒ සඳහා සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබුණු බව එම මුලස්ථානය පැවැසුවේය. ඉරානයේ හමුදා ඉලක්ක 20 කට පමණ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළත් එය නිවැරැදි නොවන බවද ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය සඳහන් කළේය.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් සිදුවූ හානියේ බරපතළකම ඇස්තමේන්තු කිරීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව එම මුලස්ථානය පැවැසුවේය.

මේ අතර ඊශ්‍රායලය ඉරානය ප්‍රහාර එල්ල කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුමට ප්‍රහාරක ගුවන් යානා 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථමයෙන් සිරියාවේ රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කර ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය අඩපණ කර ඇති බවත් ජෙරුසලම් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

 



අදහස් (1)

‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘

Saman Dissanayake Saturday, 26 October 2024 06:02 PM

විශිෂ්ඨයි... ඊශ්‍රායලයට මාගේ ආචාරය..!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
2024 ඔක්තෝබර් මස 26 232 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම


කොට්ටාව නගරයේදී වෑන් රථයක් ගිනි ගනියි
2024 ඔක්තෝබර් මස 26 647 0

කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 26 325 0

නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘
2024 ඔක්තෝබර් මස 26 2650 1

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නික


ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය
2024 ඔක්තෝබර් මස 26 1641 0

ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.


විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්
2024 ඔක්තෝබර් මස 26 1007 1

රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 196 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 916 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 577 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site