IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


‘‘පෙබරවාරි අය වැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා‘‘

(පද්මසිරි ගාර්දියවසම්)

අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා.  පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා.  එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීම පිළිබඳව අවධානය යොමු කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තංගල්ලේදී අද පැවසීය .

ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළකළේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ මංගල ප්‍රචාරක රැළිය අමතමිනි .

තංගල්ල මහජන ක්‍රීඩාංගණයේ මෙම රැළිය පැවත්විනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය .

ආරම්භයක් වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථිකය ස්ථාවර කිරීම. අප එය ඉටුකලා. අපි ඉදිරිපත් කරන අයවැයෙන් පාසල් දරුවන්ට දීමනාවක් ලබා දීම ගැන අවධානය යොමු කරනවා .

එසේම දිළිදු ජනතාවට දුබලතා ඇති පුද්ගලයන්ට ලබා දෙන එලඹෙන අයවැයෙන් අපි සහතික වශයෙන් වැඩිකරනවා.

අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. එය නිර්මාණය කිරීමේ ප්‍රධානම වගකීම තිබෙන්නේ අපට.  ආණ්ඩුවේ නායකයන් හැටියට එයට අපේ කැපවීම පෙන්වන්න ඕනෑ . අපට බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ බලවත් වෙන්න ඕන වගේම නියෝජනය කරන කණ්ඩායමේ ගුණාංගවලින් බලවත් වෙන්න ඕනෑ .පියවරෙන් පියවර මේ රට ශක්තිමත්ව ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම අපි බාර ගන්නවා



අදහස් (3)

‘‘පෙබරවාරි අය වැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා‘‘

රම්බොඩ Saturday, 19 October 2024 10:13 PM

පඩි වැඩිවීම් , නිකම් දීම් නෙවෙයි. ණ්ය ගන්න එක නතර කරලා දේශීය නිෂ්පාදනය වැඩි කරලා රටේ ආදායම වැඩීකිරීමට මුල් තැන හිමි විය යුතුයි. නැත්නම් ඉතින් පරණ ක්‍රමයම තමයි

:       1       17

Don perea Saturday, 19 October 2024 10:22 PM

වැඩ කරන්නේ නැති හොරා කන උන්ට පඩි වැඩිකරන, පඩි ගෙවන එකම රට.

:       1       14

Priyantha Dissanayake Saturday, 19 October 2024 10:38 PM

රනිල් මහත්තයාත් තැපැල් ඡන්දය පෙනි පෙනී පඩි වැඩිකළානේ රාජ්‍ය සේවකයින්ගේ. මිනිසුන් තණකොළ හෝ පුන්නක්කු ආහාරයට ගන්නේ නැහැ. ජනප්‍රිය ගතානුගතික අනුවණ දේශපාලන හැසිරීම් පෙන්වන්න එපා. තලුමර මර වේදිකාවේ කීව දේවල් දැන් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න කරුණාකරලා .

:       1       18

ඔබේ අදහස් එවන්න

දියත

ධාවනය වූ යතුරු පැදිය එකවරම ගිනි ගනී
2024 ඔක්තෝබර් මස 19 576 0

පුද්ගලික සරසවියක සිසුවකු සහ ඔහුගේ මිතුරකු ගමන් ගත් යතුරුපැදියක් අද දහවල් බණ්ඩාරගම වැල්මිල්ල හන්දියේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොල


මාස 10 පෙර මියගිය අයගේ සිරුරුක් හමුවේ
2024 ඔක්තෝබර් මස 19 796 0

මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


‘‘පෙබරවාරි අය වැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 19 859 3

අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිර


මඩොල්සිම අනතුරකින් අටක් රෝහලට
2024 ඔක්තෝබර් මස 19 637 0

මඩොල්සිම පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී අද (19) රාත්‍රි වෑන් රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් අටදෙනකු බරපතළ තුවාල ලබා මීග


ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 19 543 3

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 2551 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 513 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site