(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාමය ගෙනඒමට කැපවූ වීරෝදරා රණවිරුවන් වෙනුවෙන් ජාතියක් සහ රටක් ලෙස පෙනී සිටින්නේ යැයි ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සාගර කාරියවසම් මහතා එසේ කීය.
මෙම ගැටලුවේදී රජයේ සහයෝගය කුමන පාර්ශවයකට ද යන්න රජයේ ස්ථාවරය පැහැදිළිව එංගලන්තයට දැනුම්දිය යුතු බව ද ඒ මහතා පැවසීය.
මෙම සම්බාදක පැනවීම පිළිබඳව රජය මැදිහත්ව හැකිඉක්මණින් කරුණු පැහැදිළි කළ යුතු බව කී කාරියවසම් මහතා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පසුගිය කාලයේ අපහාස සහ චෝදනා කිරීම් ඉහළ ගොස් තිබූ බව ද සඳහන් කළේය.
පාතාල ක්‍රියාකාරකම් ගෙනහැර දක්වමින් යුද්ධය වෙනුවෙන් කැපවූ රණවිරුවන් අපහසාත්මක තත්වයකට තල්ලු කරමින් ඇති බවත් පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන්ම පොලිසියට අපහාස සහ චෝදනා කරමින් සිටින බවත් ඒ මහතා කීය.
හිටපු යුද හමුදාපතිවරු වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට බි්‍රතාන්‍ය මෙලෙස සම්බාධක පනවා ඇත.
තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.
සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ශ්රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
‘‘බ්‍රිතාන්‍ය සම්බාධක ගැන ජනපති මොකද කියන්නේ‘‘
මැක්ස් Tuesday, 25 March 2025 05:14 PM
ජූලී චන්ග් නෝනා ප්‍රමුඛ බටහිර බලවේගවල සුවච කීකරු කුක්කකු වන ජනපතිත්, එතුමන්ගේ එහෙයි අහිනකගෙන් සමන්විත මාලිමා ආණ්ඩුවත් මෙම ප්‍රශ්නයේදී බකංනිලා සිටීම හැර වෙන මොනවා කරන්නද?
පිටිගල මිලානෝ Tuesday, 25 March 2025 05:44 PM
ශවේන්ද්‍රගේ දියවන්නාවේ ගෙදර අනීතික ඔප්පුවකින් රිසවේෂන් ඉඩමක තියෙන්නේ කියන කතාවක් තියෙනවා. අදාල බලධාරින් මේ ගැන පරීක්ෂණයක් පවත්වා මොහුගේ නම නිරවුල් කර දෙන්න. නැත්නම් නඩු දමන්න.
යෝගා Tuesday, 25 March 2025 06:05 PM
අන්දරේගේ කටේ කොටි ඩයස්‌පෝරා ඩොලර් ඔබලා තියෙන හැටියට, හ්ම් කියාගන්නත් අමාරු වෙයි වගේ...
අකිල Tuesday, 25 March 2025 06:16 PM
ජනාධිපති මුකුත් කියන්න ඕනේ නැහැ. ඒ හතර දෙනාට එංගලන්තේ යන්න නැතිව ඉන්න කියන්න... ප්‍රශ්නේ ඉවරයිනේ...
Neel Tuesday, 25 March 2025 08:11 PM
මෙයා හැමදාම හැසිරෙන්නේ කිසිදෙයක් දන්නේ නැහැ වගේ. බබා වෙන්න හදන්න එපා. කරලා තියෙන අපරාධ වලට තමයි ඔය සම්බාධක දාලා තියෙන්නේ... මම මේ කියන්නේ අවුරුදු 30 ක යුද්ධය ගැන නෙමේ...