IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


‘‘මාලිමාවට නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි‘‘

(චාපා මධුභාෂිනී)

තමුන්නාන්සේලා අපි කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. සැප්තැම්බර් මාසේ 21 වැනිදා අපිට ඡන්දය නොදුන් වෙන කාට හරි ඡන්දය දුන්න කෙනෙක් ඉන්නව නම් එයාටත් හිතෙනවා ටික දවසක් යනකොට අපරාදේ ජාතික ජන බලවේගයට තමයි ඡන්දෙ දෙන්න තිබ්බෙ කියලා. අපිට ඡන්දය නොදුන්න කෙනාගෙත් විශ්වාසය දිනා ගන්න අපි කටයුතු කරනවා.

මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් රැවටීමට භාජනය වුණා. විශාල බලාපොරොත්තු විශාල ඉලක්ක ඇතුව ආණ්ඩු හැදුවා. ආණ්ඩු ගන්න අය මොනවද නොකිව්වේ. මේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරනවා කිව්වා. ආසියාවේම පුදුමය බවට පත් කරනවා කිව්වා. පහුගිය අවුරුද්ද දෙක තුන ඇතුළත පුදුමය අපි හොඳටම දැක්කා. ආසියාවේ දියුණුම රාජ්‍ය බවට පත්වන නිසා මිනිස්සු ඡන්දෙ දුන්නා.

මේ රටේ පාලකයෝ සුබවාදී සිහින ජනතාවට පෙන්නුවා.හැබැයි බලය අරගෙන ඉතා කෙටි කාලයක් යනකොට තේරෙන්න පටන් ගත්ත බොරුවක්,රැවටීමක්, වංචාවක් කරන්නේ කියලා.

2015 වෙන කොහෙන්වත් ගේන්නේ නෑ පොළොන්නරුවේන්ම ගේන්න ඕනේ කියලා තීරණය කරා තිබ්බ තත්ත්වයටත් වඩා හපන්. ඒ නිසා මේ ජනතාවට ආණ්ඩු මාරු කරලා හති. ජනතාව දැන් වෙහෙසකාරී අපේක්‍ෂාවකින් හති වැටිලා ඉන්නේ.

සැප්තැම්බර් මාසේ 21 වෙනිද අපි ආණ්ඩුව හදමු. සතුටෙන් හැම පුරවැසියටම ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි හදමු.ඒක අපි කරන්න ඕනේ.ඒක අපිට අත්හරින්න බැරි වගකීමක්.

අද දේශපාලන කඳවුර විශාල වියවුලකට පත්වෙලා ඉන්නේ.රනිල් වික්‍රමසිංහලා,සජිත් ප්‍රේමදාසලා,රාජපක්ෂලා කවදාවත් හිතුවේ නෑ තමන්ගේ ජීවිත කාලය ඇතුලත මෙවැනි මහා ජන ගඟක් නැගී සිටි කියලා.එයාලා හැමදාම හිතුවේ මහින්ද පරදිනකොට රනිල් දිනයි,රනිල් පරදිනකොට සජිත් දිනයි එහෙම තමයි හිතුවේ. මෙහෙම තමයි සූදුව ගමන් කරේ. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ.ඒ හැම දෙනාම අද තැතිගැන්මකට භාජනය වෙලා.ඒ හැම දෙනාම සැලකිය යුතු ප්‍රමාණයකින් කලබලයකට පත්වෙලා. මේ ජාතික ජන බලවේගය නැගී සිටීම නවත්වන්න බැරිමහා ජන බල ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා.

මං අහගෙන රනිල් වික්‍රමසිංහ ඊයෙත් කියනවා මා මිත්‍ර අනුර කියලා.මගේ යාළුවා අනුර කියනව නේද.හොරකම් කරලා හොරකම් කරලා අපේ අතට බලය එනවා කියලා දැනෙනකොට දැන් ශේප් වෙන්න යාළුවා යාළුවා කියනවා.ඕවට අහු වෙනවද අපි.ඒවට අහුවෙන්නෑ මතක තියාගන්න.රනිල් වික්‍රම සිංහල කොච්චර යාළුවා යාළුවා කිව්වත් මහා බැංකුවට වැඩේ දුන්න එක ගැන නම් මම හොයනවා. රනිල් වික්‍රමසිංහ ඔයා කොච්චර යාළුවා යාළුවා කිව්වත් මේ දවස්වල බාර් පර්මිට් දුන්න එක ගැන හොයනවා. එතකොට රනිල්ට තේරෙයි යාළුවගේ තරම.ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ ඡන්ද ව්‍යාපාරයේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන්න.

ඒ අස්සේ සජිත් ප්‍රේමදාස කියනව රනිලුයි අපි අතර ඩීල් එකක් තියෙනවලු. මේ අයට මේකට හරි උත්තරයක් දෙන්න ඕනේ.සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලින් මුදල් වංචා කිරීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණයක් තිබුණා ඒක නතර වුණේ මොකක් නිසාද.නතර වුණේ ඩීල් නිසා. සජිත් ගේ නංගී හොර සල්ලි අච්චු ගහල අහුවුනා දවසක්වත් රිමාන්ඩ් වෙන්නෙ නැතුව එළියට ආවේ මොකක් නිසාද මහින්දත් එක්ක තිබ්බ ඩීල් නිසා. කින්ස් නෙල්සන් රනිල් වික්‍රමසිංහයා එක්ක පහුගියදා උගන්ඩාවේ ගියා ආණ්ඩුවේ සල්ලි වලින්, ජනාධිපතිව්‍ය ශීර්ෂයෙන් අන්න සජිත් ඩීල්. ඒවට තමයි ඩීල් කියන්නේ. රනිල්ගේ කරට අත දාගෙන උගන්ඩාව යනවා පොළොන්නරුවට ඇවිත් රනිල්ව පට්ට ගහනවා. පහුගියදා මරික්කාර් මන්ත්‍රීතුමා උපදිනකොටම නියම නම තමයි දාලා තියෙන්නෙ. එතුමා පහුගියදා කාර් පර්මිට් ඉල්ල ඉල්ලා රනිල් වික්‍රමසිංහත් එක්කන් සතුටු සාමීචියේ යෙදිච්ච විදිහ මතකද, එයා දැනන් හිටියේ නෑ මේක රෙකෝඩ් කරන බව.අන්න ඇත්තටම කතා කරන විදිහ.සර් පර්මිට් දෙන්න සර්ගේ අත්සන ගහන්න. අන්න ඩීල්.

ඒ වගේම මම කලින් කීවේ රනිල් වික්‍රමසිංහ බාර් පර්මිට් දුන්නා කියලා, ඒ බාර් පර්මිට් සජබේ මන්ත්‍රීවරුත් ගත්තා. නැත්තං නෑ කියන්න ඔන්න ඕව තමා ඩීල්. එල්.ආර්.සී එකේ ඉඩම් රනිල් තම තමන්ට ඕන විදිහට බෙදා ගත්තා කියලා මහනුවර හන්තානෙ අක්කර දොළහක් කබීර් හෂීම්ට දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ නියෝගයක් දුන්නා. කබීර් හශීම් කියන්නේ සජබෙ නායකයෙක්. ඉඩම් දෙන්නෙ රනිල් වික්‍රමසිංහ. සජිත්ගේ ලාමක දේශපාලනයට ඒ තරම් ගුණ කීමේ තේරුමක් නෑ.

රනිල් වික්‍රමසිංහ ඉදිරි සතිය අපිට අවලාද කරන්න විශාල දැන්වීම් ප්‍රමාණයක් හදලා.හෙට අනිද්දා ටීවිවල සමාජ මාධ්‍යවල යයි.මම රනිල් වික්‍රමසිංහට කියන්නේ අපරාදෙ ඔය සල්ලි ටික තියාගන්න. අද අවලාද වලට අසත්‍යවලට බොරු චෝදනා වලට ගොදුරුවන ජනතාවක් නෙවෙයි අද ඉන්නේ. ජාතික ජන බලවේගයේ දිනුම ගැන අපේක්ෂාවෙන් ඉන්න ජනතාවක් දැන් ඉන්නේ.

සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රනිල් ගෙදර යනවා.ඊට පස්සේ අපිට බලය ආපු වහාම ඉතා කෙටි දවසකින්, කෙටි වෙලාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා.එතකොට කින්ස් නෙල්සනුත් ගෙදර යවනවා. මෛත්‍රීපාල සිරිසේනත් ගෙදර යවනවා.මේ ඡන්දෙ ලේසි ඡන්දයක් නෙවෙයි.රනිල් විතරක් නෙවෙයි ගෙදර යන්නේ සෙට් එකම ගෙදර යවනවා. මාස එකහමාරකින් පාර්ලිමේන්තු ඡන්දෙ තියෙනවා. ඊට පස්සේ ජාතික ජන බලවේගය ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවනවා. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු උපරිම 25යි. හරියට අමාත්‍යාංශ වැඩ කරන්න පුළුවන් විදිහට බෙදනවා.කෘෂිකර්ම,ඉඩම්,වාරිමාර්ග,පශු සම්පත් සියල්ලටම එක අමාත්‍යාංශයයි. දැන් කොහොමද තියෙන්නේ කෘෂිකර්ම ඇමති ඉන්නවා, කාබනික පොහොර ඇමති ඉන්නවා, ඉඩම් ඇමති ඉන්නවා,ජනවසම ඇමති ඉන්නවා,වාරිමාර්ග ඇමති ඉන්නවා,මහවැලිවාරිමාර්ග ඇමති ඉන්නවා,සුළු වාරි මාර්ග ඇමති කියලා කෙනෙකුත් ඉන්නවා. පශු සම්පත් ඇමති ඉන්නවා, ගව සම්පත් ඇමති ඉන්නවා.මේවා කඩලා තියෙන්නේ ඇති තරම් බෙදා ගන්න. හැබැයි ජාතික ජන බලවේගය කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් මේ සියල්ලටම එක අමාත්‍යංශයයි. අමාත්‍ය ධුර ඔක්කොම උපරිම 25 යි.

රාජ්‍ය අමාත්‍යවරු කියලා ජාතියක් නැත. කැබිනට් මණ්ඩලයට සරිලන නියෝජ්‍ය ඇමතිවරු කණ්ඩායමක් හදනවා. එතකොට ආණ්ඩුව හරි. ඊළඟට කැබිනට් මණ්ඩලය රැස් වෙනවා.පළවෙනි තීන්දුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි. කොන්ද වගුරු වෙච්ච ගොවි අම්මල තාත්තා උදේ පාන්දර කුඹුරට යනවා.විශ්‍රාම යන්න දිනයක් කියලා එකක් නෑ.විශ්‍රාම වැටුපක් කියලා එකක් නෑ. පාර්ලිමේන්තුවේ අවුරුදු පහයි.විශ්‍රාම වැටුප අහෝසි කරනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කාර් පර්මිට් එකක් දෙනවා. ඕකෙන් කරන්නේ කාර් එක විකුණනවා. සමහර වාහන කෝටි දෙකයි තුනයි පහයි.ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය අහෝසි කරනු ඇත.ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් කොළඹ ගෙවල් දෙනවා. අපි ඒක නැති කරනවා. ඇමතිවරුන්ගේ ලයිට් බිල වතුර බිල ගෙවන්නේ ආණ්ඩුවෙන්. මීට පස්සේ ඒක ඇමතිවරුම ගෙවා ගන්න ඕනේ.

කෙහෙළියගේ ලයිට් බිල 125,000යි. ගම්වල අපිට රුපියල් තුන්දහක හාරදහක ලයිට් බිල ගෙවා ගන්න විදිහක් නෑ. හැබැයි ඇමතියට එක් ලක්ෂ 125000හේ ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවනවා. මේක නතර කරන්න ඕනෙ නැද්ද, අපි නතර කරනවා. ඊළඟට ඇමතිවරු එනකොට වාහන හත අට පිටිපස්සෙන් එනවා ඒක උපරිම එකයි දෙකයි. හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා.හිටා හිටපු ජනාධිපතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දීලා බලාගන්නේ නැත.

මෛත්‍රී ඒ කාලේ කිව්වා එතුමා පැරදුනාම පොළොන්නරුවේ ගෙදරට ඇවිල්ලා පොතක් කියව කියව ඉන්නවා කිව්වා.එහෙම ඉන්නවා කිව්වම මෛත්‍රී තමන් කැබිනට් මණ්ඩලයේ ඉන්න කොටම කෝටි 800ක ගෙයක් පාස් කරගත්තා.හැබැයි කිව්වේ කොහොමද පැරදුණාම පොළොන්නරුවේ ගෙදරට ගිහිල්ලා පොතක් කියව කියව ඉන්නවා කිව්වා. හැබැයි පැරදෙන්න කලින්ම කෝටි 800ක් ගෙයක් පාස් කරගත්තා.හැබැයි මොකද කරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට ඇදලා දැම්මා පව්. පිස්කල් ඇවිල්ල එළියට ඇදලම දැම්මා.

ජනාධිපතිවරුන්ට හතර වටේ තියෙනවා මන්දිර ඔක්කොම සංස්කෘතික මධ්‍යස්ථාන,එක්කෝ අධ්‍යාපනික මධ්‍යස්ථාන,එක්කෝ සංචාරක නිකේතන බවට පත් කරනවා.දැන් අපි මේ ටික කියනවනේ අපි මොකක් ඒවත් සජියා කොපි කරනවා. හැබැයි මේක කොපි කරන්නේ නෑ.දැන් සජිත්ගෙ වේදිකාවේ විශ්‍රාම වැටුප අහෝ සී කියලා, කාර් පෝමිට් අහෝසි කරනවා කියලා කිව්වොත් එකෙක් වේදිකාව ඉතුරු වෙන්නේ නෑ. ඕවට තමයි ඔය ඉන්නෙ. ඔය හැම දෙනාම එන්නේ පර්මිට් එක ගන්න නැත්තං රනිල් ගාව වැඳ වැඳ යනවද පර්මිට් එකක් ඉල්ලගෙන.

ජාතික ජන බලවේගය ප්‍රථම කොටම තුට්ටු දෙකේ දේශපාලනය අහෝසි කරනවා. දේශපාලනයට ගෞරවයක් වටිනාකමක් අපි ඇති කරනවා.

අපේ රටේ මේ දේශපාලනය පවුල් කිහිපයක් අතේ තියෙන්නේ. ඩී.සේනානායක මැතිතුමා හිටියා.පුතා ඩඩ්ලි සේනානායක මැතිතුමා හිටියා.ඊළඟට බණ්ඩාරනායක මහත්තයා හිටියා,සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හිටියා,ඊට පස්සේ චන්ද්‍රිකා මැතිනිය හිටියා. අවුරුදු විසි හතක් ලේසි නෑ. ඊළඟට ජයවර්ධනලා වික්‍රමසිංහලා අවුරුදු 17ක් හිටියා. ඊළඟට අවුරුදු දොළහක් මැද මුලන වලව්ව පාලනය කරා. මේ අවුරුදු හැත්තෑ හයෙන් 73ක්මරට පාලනය කරලා තියෙන්නේ මේ අය. සේනානායකලා, බණ්ඩාරනායකලා,ජයවර්ධනලා වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා.

මේ ආණ්ඩු හැදුවට අවුරුදු හැත්තෑ හයක්රට පාලනය කරලා තියෙන්නේ පවුල් හතරක්.ඉස්සරහටත් ඒ පවුල් තමා පෙළ ගස්වල තියෙන්නේ.දැන් මේ ජනාධිපති ඡන්දෙ බලන්නකෝ. එක්කෙනෙක් පේමදාසගේ පුතා. ප්‍රේමදාසගේ පුතා නොවෙන්න එයා ජනාධිපති අපේක්ෂකයෙක් වෙයිද? එයා පහුගියදා කලා වැව පැත්තට ඇවිල්ලා කියනවා අලි එලවන මන්තරයක් තියෙනවලු ඕන නම් හෙට ගිහින් අලි ගාව හිටගන්නම්ලු. හිට ගත්තනම් තියෙයි. ඊට පස්සෙ කියනවා හැම පාසලකටම කෝටිපතියෙක් සම්බන්ධ කරනවලු. පාසල් දහදාස් එකසිය විසි හයක් තියෙනවලු ලෝකෙ කෝටිපතියො දහදාස් එකසිය විසිහයක් ගෙනල්ලා ඉස්කෝල වලට බට් කරනවලු. ඊට පස්සේ කියනවා බොත්තමක් ඔබපුවහම ගමේ දේවල් දැනගන්න පුළුවන්ලු. ජනතාව දැක්කහම ලේ නහර මොකක්දෝ වෙනවලු.මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා.මම මේ අපහාස කරනවා එහෙම නෙවෙයි.එයා මේ ජනාධිපතිවරණයට එන්නේ ප්‍රේමදාසගේ පුතා මිසක්එහෙම නැතුව මැදට ප්‍රාදේශීය සභාවටවත් ඉල්ලන්න බෑ.

ඊළඟට එන්නේ මහින්දගේ පුතා. ඒ නිසා සැප්තැම්බර් මාස 21 වෙනිදා පවුල් දේශපාලනයට තිත තියන්න. ජාතික ජන බලවේගයෙන් අපි මේ දේශපාලනය පොරපිටිය සුද්ද කරලා දෙනවා.අපි එන්න චිරාත් කාලයක් මේකේ ඉන්න නෙවෙයි. මේගොල්ලන්ගේ අතින් අරගෙන මේ බැටන් එක අලුත් පරම්පරාවකට ඒක දීලා අපි බලන් ඉන්නවා අලුත් පරම්පරාව රට පාලනය කරන හැටි.

රට ගොඩ ගන්නකම් අපි හැම කෙනෙකුටම පහසුකම් සලසනවා.මේ පොළොන්නරුවේ පුරන් වෙච්ච එක ඉඩමක් තියෙන්න බෑ.මුඩුබිම් එක ඉඩමක් තියෙන්න බෑ. හැම කෙනාම වගා කරන්න පටන් ගන්න.කුඹුරට යන්න හේනට බහින්න, අස්වනු නෙලන්න ඕනේ. සංචාරක කර්මාන්තයට ඕන වෙන හාල් වර්ගයක් තියෙනවා ඒ ඇරෙන්න එක හාල් ඇටයක් පිටරටින් ගේන්නෙ නෑ. මේ අය කැමති පිටරටින් ගේන්න පිටරටින් ගේනකොට කොමිස් තියෙනවා.මේ අය හදන්න කැමති නෑ ගේන්න කැමති. දැන් බිත්තර ගේනවා පිටරටින්.බිත්තරකට රුපියල් අටක් කොමිස් තියෙනවා.බිත්තර කෝටියක් ගෙනාවොත් කෝටි අටක් කොමිස් හම්බෙනවා.ඇමතිට ලාබයි.සීනි ගේනවා පිටරටින් කන්තලේ වැහුවා, හිඟුරාණ වැහුවා, අන්න බදු වංචාවේ ලාභය කෝටි 1500යි. ඉස්සර අපි පොල්තෙල් හදලා පිටරට යැව්වා. ඒ පිටරට යවන්න වරායේ තාවකාලිකව ගබඩා කරන ටැංකි තිබ්බා. දැන් පිටරටින් තෙල් ගෙනල්ලා අර ටැංකි වල දාලා අපිට බෙදනවා. පොල්තෙල් බදු වංචාව කෝටි 350 යි. හදනවට වඩා ගේන එක මෙයාලට ලාබයි.

ලුණු ගේනවා කොමිෂන් එක හම්බෙනවා. කංකුං, කව්පි, ලුණු, මුං ඇට, උඳු, කුරක්කන් සියල්ල පිටරටින් ගෙන්වනවා කොමිස් ලබනවා. ඒ අය කවදාකවත් රට ගොඩනගන්න හැදුවෙ නෑ. පිටරටින් ගේන්නයි උත්සාහ කරේ.

දැන් ඉන්දියාව බලන්නකෝ.1987 කාලේ ඉන්දියන් හමුදාව ඇවිත් හිටියනෙ ලංකාවට ඒ කාලේපොඩි කතාබහක් ගියා මේ ඉන්දියන් හමුදාව සබන් කනවා, පොල්තෙල් බොනව කියලා. ඇත්තටම සබන් කකා යුද්ද කරන්න පුලුවන්ද? ඒ අය සබන් ගත්තෙ කන්න නෙවෙයි. දකින දකින තැනින් සබන් එකතුකරා.එතකොට කට්ටිය හිතුවා නාන්න නෙවෙයි කන්න තමයි එකතු කරන්නේ කියලා. ඕකෙන් තමයි සබන් කනවා කියන මතය ආවේ. මේ අය සබන් එකතු කරේ නිවාඩුවට යනකොට ඉන්දියාවට සබන් අරන් යන්න එකතු එකතු කරා. ඉන්දියාව ඒකාලෙ සබන් නෑ.

දැන් මේ කලාපෙට ආහාර හදන්නේ, වාහන හදන්නේ, රෙදි පිළි හදන්නේ, ඖෂධ හදන්නේ, කිරිපිටි හදන්නේ, සියල්ල කරන්නේ ඉන්දියාවෙන්. ඒ අය හදනවා අපි ගේනවා. ගේන තරමට ඇමතිට ලාබයි.ඒ නිසා ජාතික ජන බලවේගය අපි හදන්න පුළුවන් සියල්ල හදනවා. එක හාල් ඇටයක් අපි ගේන්නේ නෑ පිටරටින්. ගොවියගෙ අස්වැන්නට සාධාරණ මුදලක් දෙනවා.ගොවියා ණය උගුලෙන් මුදවා ගන්න ඕනේ.එතකොට ගොවියගේ ජීවිතයේ උසස් වෙනවා.

ඔය ඉන්න ඇමතිවරු ගොඩක් කොළඹින් ගෙවල් ගන්නවා නුවරඑළියෙ සීතලට ඉන්න ගෙවල් ගන්නවා, වැල්ලෙ හුළං වදින්න ගෙවල් ගන්නවා,ගමේ ඡන්ද කරන්න ගෙවල් ගන්නවා, එංගලන්තෙ දරුවන්ට උගන්වන්න ගෙවල් ගන්නවා එහෙමයි ඒ අය. ඒගොල්ලෝ පෝසත් වුණාට රට පෝසත් වෙන්නෙ නෑ.

මේ සියල්ල කරන්න සැප්තැම්බර් 21 ආණ්ඩුව ගන්නම ඕනේ.එතකොට කට්ටිය කියනවා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනවා හරි කරයිද කියලා අහනවා.රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ කරන දේ තමයි ගල් කැටයක් වත් අතින් ගන්නේ නැතුවසාමකාමීව ගෙදර යනවා. ඇයි දන්නවද පැරදිලා පුරුදු නැති කෙනෙක් නෙවෙයිනේ. එතකොට ඡන්ද පෙට්ටියට දාන ඡන්දෙ හොර කරයිද අහනවා. ඡන්ද පෙට්ටියට ඡන්දෙ දැම්මහම ඒක ගණන් කරලා ප්‍රකාශයට පත් කරන්නේ රාජ්‍ය නිලධාරීන්. සියයට අසූවක් මාලිමාවත් එක්ක. ඒ අය ඡන්දෙ ආරක්ෂා කරල දෙනවා. ඊට පස්සේ අහනවා පෙට්ටි මාරු කරයිද කියලා.ඡන්ද මධ්‍යස්ථානයට හිස් පෙට්ටි ගේනකොට ඒක බාරගන්නේ පොලිස් නිලධාරීන්. ඒ ඡන්ද පෙට්ටිය පුරවනකම් බලාගන්නෙ පොලිස් මහත්වරු. ඒ ඡන්ද පෙට්ටි ටික ගණන් කරන මධ්‍යස්ථානයට ආරක්ෂිත වරක් යන්නේ පොලිස් මහත්වරු. කච්චේරියේදී ගණන් කරනකන් ඒව බලා ගන්නේ පොලිසියේ මහත්වරු. මොකවත් වෙන්න දෙන්නෑ.නිල ඇඳුම නැතිවෙලාවේ අහලා බලන්නකෝ පෙරේදා ඡන්දෙ දුන්නේ කාටද කියලා. මාලිමාවට කියලා කියයි. රාජකාරියට වඩා ඒක කරන්නේ ඇගෙන්ම.

ඔබ අප කෙරෙහි තියෙන විශ්වාසයට අපි සහතිකයක් දෙනවා.මම අහගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ කියනවා එයා ආපුවහම මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් ඒකකයක් හදනවාලු. පිටිපස්සේ ඉඳන් ලන්ස හිනාවෙනවා.මත්ද්‍රව්‍ය වලට රැකවරණය දෙන්නෙ ඒගොල්ලෝ. එක්කෝ වරායෙන් එහෙම නැත්නම් ගුවනින් කොහෙන් හරි ලංකාවට ගොඩ බැහැලා. මේ මැදිරිගිරියට පොළොන්නරුවට කුඩු වෙන්නේ හුලගෙන්ද.

මේ කුඩු මත්ද්‍රව්‍ය ගේන්නෙ මන්ත්‍රීලගෙ ජීප්වල. පහුගිය කාලේ මන්ත්‍රී කෙනෙක්ගේ ජීප් එකේ තිබිලා හම්බ වුණා කුඩු කිලෝ අටක්. පහුගිය දවසක ටීවී සාකච්ඡාවක් තිබ්බා. එකම පක්ෂෙ දෙන්න දෙපැත්තට බෙදුනා. වේළුකුමාරණුයි දිගම්බරයි. දිගම්බරන් කියනවා වේලුකුමාරට බාර් කුමාරන් කියනවා කුඩු දිගා කියලා. ඒ කියන්නේ එයා තමයි නුවර එළියට කුඩු ගෙනිච්චෙ කියලා කියන්නේ. මේ එකම පක්ෂයක මන්ත්‍රීවරු දෙන්නෙක්. මේ ගිය මාසෙ බෙදුනේ වැඩි කාලයක් නෙවෙයි. මේ දෙන්නා රනිල්ටයි සජිත්ටයි සහාය දෙන්න ගත්තා. දෙන්න තරහ උනා. දෙන්න දෙන්නගෙ පැටිකිරිය කියන්න ගත්තා.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා.

නිතර අනුර සහෝදරයා කියනවා හිනාවක් නැති ජනතාවක්, සන්තෝෂයක් නැති මුහුණු, වියලි ගිය තොල්තියෙන ජනතාවක් අපිට ඉන්නේ. මෙයට හේතු තියෙනවා. ඔබේ අතට පොකට්ටුවට සල්ලි ටිකක් ලැබුණ පලියට මනුස්සයෙක්ගේ ජීවිතයේ සුපුශ්පිත වෙන්නෙ නෑ. ගෙයක් කාමරයක් හදාගත්ත පලියට ජීවිතය සුපුශ්පිත වෙන්නෙ නෑ. මේක ටිකක් බරසාර වචනයක් වුනත් එය මලක් වගේ ප්‍රමුදිත වෙන්න ඕනේ. එතකොට තමයි මනුස්ස ජීවිතයට අර්ථයක් එන්නේ. එහෙම නැත්තං අර්ථ විරහිත ජීවිතයක් ගත කරලා අපි මියැදෙනවා. මනුස්ස ජීවිතයට අර්ථයක් එන්න නම්, තවත් කරුණු කාරණා ගණනාවක් අපට සම්පූර්ණ කරගන්න වෙනවා. මූලික අවස්ථාව වන ආහාරපාන ඇඳුම් පැළඳුම් නිවහනක් තිබෙන්නට ඕනේ. ඉන් පසුව මනුෂ්‍යයාට අවශ්‍ය වෙනවා වින්දනය ආශ්වාදය ප්‍රහර්ෂය සන්තෝෂය මානව සම්බන්ධතා ආදී ගොඩක් කරුණු. එතකොට තමයි සහකල්පනීය ජනතාවක් නිර්මාණය කරනවා යැයි කියන ජාතික ජන බලවේගය නිතර කියන අදහසට අර්ථයක් එන්නේ. සහකල්පනය කියලා කියන්නේ අනෙකාව දැනෙන හැටි.එහෙම කෙනෙක් හදන එක ආර්ථිකය හදනවටත් වඩා අමාරුයි.

මේ තියෙන්නේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිච්ච රටක්.ප්‍රාථමික අධ්‍යාපනය,උසස් අධ්‍යාපනය,, කලා ක්ෂේත්‍රය,සිනමාව, වෛද්‍ය වෘත්තීය එකී මෙකී නොකී සියලු ක්ෂේත්‍ර විනාශ මුඛයට වැටිලා තියෙන්නේ. ඒ නිසා අනුර කුමාර සහෝදරයාට තියෙන්නේ විශාල රාජකාරියක්. ඒ රාජකාරිය සිද්ධ කිරීම සඳහා අපි සියල්ලෝම කැපවෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කරන ජන බලය ඡන්ද බලය ශක්තිය ඔහුට ලබාදෙන්න කටයුතු කළ යුතුයි.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ටී.බී සරත්, ගොවිජනසේවා බලමණ්ඩලයේ දිස්ත්‍රික් සභාපති කේ.ජි අශෝක කරුණාසේන, ලංකා ගුරු සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කුමාර අඹගහවත්ත, සමස්ථ ලංකා සුවසේවක සංගමයේ දිස්ත්‍රික් ලේකම් සුසිලා ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියහ.

 



අදහස් (53)

‘‘මාලිමාවට නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි‘‘

සේනක Wednesday, 11 September 2024 02:25 PM

එහෙනම් ඡන්ද නොතියා රනිල්ගෙන් තනතුර ඉල්ලගන්න එකයි තියෙන්නේ. මෙයා කියන විදිහට සියයට සියයක් මෙයට දිය යුතුයි.

:       75       105

gayanWednesday, 11 September 2024 02:44 PM

රනිල් නම් හැමදාම බලේට ආවේ ඉල්ලගෙන තමයි. කවදාවත් ඡන්දෙකින් ආවේ නෑ සේනක..

:       44       80

විකූම්Wednesday, 11 September 2024 02:58 PM

එහෙනම් රට අඳුරට...!

:       52       64

ThilinaWednesday, 11 September 2024 03:11 PM

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා..!

:       85       88

karolisWednesday, 11 September 2024 09:02 PM

දැන් හිතන්නකෝ ඔයාට යාන්තන් ඔලුව උස්ස ගෙන එන බිස්නස් එකක් තිබ්බ කියල. ඔයාට පුළුවන් ද ඒක බාර දෙන්න මීට කලින් අඩු ගානේ තේ කඩයක් වත් නොකර හන්දී වල කයිවාරු ගහ ගහ හිටපු මිනිහෙක් ට? බෑ නේද? එහෙනම් රටක් බාර දෙන්න කියන්නේ කොහොමද? ඉස්සරහට කරයි කියල උපකල්පනය කරන්නේ මොන පදනමෙන් ද?

:       11       14

NissankaWednesday, 11 September 2024 03:13 PM

හොරුන් බියෙන් සලිත කළ සිංහ නාදය අනුර කුමාර...!

:       86       82

karolisWednesday, 11 September 2024 09:10 PM

නාදය සිංහ වෙලා වැඩ හිවල් උනොත් මොකද කරන්නේ? ආයෙත් ගෝල්ෆේස් එකේ කූඩාරන් ගහන් පවුල් කනවද?

:       7       13

VajiraWednesday, 11 September 2024 03:27 PM

ජනතාවගේ ජනාධිපති අනුර සහෝදරයා...! 

:       75       74

Don perea Wednesday, 11 September 2024 02:26 PM

කරුමයක් කරලා තියෙනවා නම් විඳවන්නම වෙනවා. ගෝඨාභය 02...

:       84       118

KumaraWednesday, 11 September 2024 03:07 PM

මෙච්චර කල් දෙපැත්තට දීලා ඔයාලා දැන් සැපේද ඉන්නේ පෙරේරා...?

:       54       58

SanathWednesday, 11 September 2024 03:08 PM

අවුරුදු 76 ක් තිස්සේ විඳින කරුමය අවසන් කරන්න මාලිමාව දිනවමු...

:       75       74

Tikiri BandaThursday, 12 September 2024 04:53 PM

දැන් ඔය සෙනරත්ට වයස අවුරුදු සීයක්වත් වෙලාද බාං ඔහොම කියන්නේ අවුරුදු 76 ක් තිස්සේ දුක් වින්දා නම් එහෙම වයසක් වෙනවා ඇතිනේ...! කොහොමද බාං සුද්දගේ කාලේ නුඹලා අපූරුවට හැම් බේකම් අරගෙන සුරසැප විඳින්න ඇති නේද? කියන්නකෝ... ඒකාලේ රටේ සමුර්ධිය කොහොමද කියලා...!

:       3       8

චන්දිමWednesday, 11 September 2024 03:38 PM

මේක ගෝඨාභය අන්ක 1 වේවි දිනුවොත්.අපි දුක් වෙන්නේ මේ මිනිස්සු දිනුවොත්.ස්ථීරවම මේ මිනිස්සු දිනුවොත් තුන්වේල කන්න නැති රටක් වීම ස්ථීරයි.දක්ෂ විවේචකයො කිසිම දවසක දක්ෂ පිතිකරුවන් උනේ නැ.ස්ටෙජ් උඩ ගැලරියට දෙන ලොකු ටෝක් ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න බෑ.එහෙම කරන්න නම් බිලියන 15ක් විතර ප්‍රදානයක් ලෙස සල්ලි ලැබෙන්න ඕනි.ඒව හින විතරයි.අවස්ථා දෙකකදි මේ රට කාපු මේ මිනිස්සු තවත් කොහොමද විස්වාස කරන්නෙ? මහින්ද ,ගෝටාබය ගේන්න මුක්කු ගැහුවෙත් මේ මිනිස්සු.මේ රටේ විනාසයට මේහේතූන් නිසාම ජේවිපි එක වගකිව යුතුයි. කොහොමද අත්දැකීමක් නැතිව මේ වගේ රටක් කරවන්නෙ? මේ මිනිස්සුන්ට එහෙම කලහැකි ටීම් එකක් නෑ.මහාචාර්යවරුන් ඇති.ඒ ම්නිනිස්සුන්උග් න්වන්න විවේචනයට හැකියාව තිබ්බට ප්‍රායෝගිකව ආර්ථිකයක් මෙහෙයවීමේ ශක්තිය නෑ.පඩි වැඩි කරල බදු අඩුකරලා සහන දෙන්නෙ කොහෙන් සල්ලි ගෙනත්ද?

:       42       73

WipuliThursday, 12 September 2024 05:02 PM

විපුල මචං උඹට මතකෙයි බං 1977 ට ඉස්සෙල්ලා සිරිමාවෝ මැතිණියගේ කාලයේ මිනිස්සු කාලා බීලා ජොලියෙන් හිටපු හැටි... කොහොමද කියලා මට නම් යන්තමින් මතකයි... ඉස්සර මිනිස්සු කුඹුරු කොටන්න යනකොට අමුඩ ගහන්න ගන්නා කොටු ලේන්සුවෙන් අමුඩ ගහගෙන හිටපු හැටි කොහොමද කියලා...!

:       4       3

චතුරWednesday, 11 September 2024 04:02 PM

චන්දිම දැන් අපි කාටද ඡන්දේ දෙන්නේ මේ වෙලාවේ...?

:       10       23

නිමල්Wednesday, 11 September 2024 04:38 PM

චතුර කියන කෙනා එකම ප්‍රශ්නය දෙසැරයක් අහල කාටද චන්දෙ දෙන්නෙ කියල.චතුර ඔයාගෙ චන්දෙ ඔයා දෙන්න.ඒත් එක දෙයක්.මේ අද ඉන්න අපේක්ශකයන්ගෙන් නම් සජිත් ජනාදිපති උනොත් විතරයි සුගතියක් වෙන්නෙ.අංක 2 රනිල්.ඒත් රනිල්ගෙ ප්‍රශ්ණය පොහොට්ටුවේ පල් හොරු රකින්නෙ රනිල් විමයි.අනුරට තියෙන්නෙ විපක්ශයේ සිට විවේචනය කිරීමේ හැකියාව මිසක් රටක් භාර දුන්නොත් බරපතල අහේනියකට මේ රට වැටෙනව.ගෝටා දිනවන්න වැඩකරපු සෙට් එකමයි අද අනුරට චියර් එක දෙන්නෙ.මේ මිනිස්සු තෙරුම් නොගන්න දේ මාලිමාවේ පොලිසි ස්ටේට්මන්ට් එකේ තියන දේවල් කරන්න මේ රටට බෑ .අනුරට එවැනි කැපෑසිටි එකකුත් නැ

:       25       34

Frencis Wednesday, 11 September 2024 05:57 PM

ඉතාමත් තර්කානුකූල අදහස් ඉදිරිපත් කර තියෙනවා. මේක තේරුම් ගන්න ලක්ෂ හැටනවයක් ජනතාව තවමත් මුහුකුරා ගිහිල්ලා නැහැ .ගෝඨාභය දිනෙව්වාට වඩා භයානක දෙයක් මාලිමාව දිනුවොත් සිදුවෙනවා

:       4       10

VipulaThursday, 12 September 2024 07:21 AM

ඇත්තටම දෙන්න කෙනෙක් නැහැ. 1977 ඉදන් රටේ ආර්ථිකය වසරින් වසර විනාශයට ගියේ. 1977 දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4 ක් වනවිට අද රුපියල් 300. සරලවම උදාහරණයක්.

:       2       2

යෝගා Wednesday, 11 September 2024 02:30 PM

බොරු පොරොන්දු අහලා තියෙනවා. ඒත් මේ වගේ පට්ටපල් බොරුකාරයෙක් ලංකා ඉතිහාසයේ නම් පහළ වෙලා නැතුව ඇති. අනික දිනෙන් දින බොරු කීමේ ප්‍රවීණත්වය වැඩිවෙලා. දැන්නම් ඔස්තාර් කෙනෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්..! 

:       50       70

Manjula Pradeep Wednesday, 11 September 2024 02:32 PM

මාලිමාවට දුන්න අයට තමයි දුක හිතෙන්නේ. රටක් පාලනය කරන්න රටේ තියෙන ගැටළු වලට විසඳුමක් හොයාගන්න බැරි අනුර කුමාර ගේ ජනාධිපති සිහිනය සැබෑ කරන්න. රටේ අනිත් අහිංසක මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය කැප කරන්න කියලනේ මේ ගොල්ලෝ කියන්නේ

:       48       74

කුසුම් Wednesday, 11 September 2024 02:34 PM

අනේ මාලිමාව. රට අදුරට. මේ රටේ අනිකුත් දේශපාලකයෝ හොරකම් කළ නිසා ජේවීපී කියන මාලිමාවට දෙනවා නම් ජේවීපී එක කළ විනාශය අමතක කරන්න පුලුවන්ද? ජේවීපී එක මරපු මිනිස්සුන්ට කවුද යුක්තිය ඉටු කරන්නෙ?

:       30       56

සුරෙශ් Wednesday, 11 September 2024 02:42 PM

මම විශ්ව විද්‍යාලේ ඉන්නකොට ශිෂ්‍ය සන්ගම් වලින් වැඩි බලය තිබුණේ ජේවීපී එකට. විරුද්ධ අදහසකට ඉඩක් නැහැ. ඔලු පැලෙන්න ගහනවා. නවක වදය දෙනවා, ගිය දා ඉඳලා මෙයාලා ගැන පම්පෝරි අහලා එපාවෙලා. ගිය අය දන්නවා... බලය ලැබුනොත් කන්න වෙනවා...

:       30       60

විරාජ් Wednesday, 11 September 2024 02:47 PM

අපි ජේවීපී කියන පොඩි ළමයින්ගේ දෙමව්පියන් චන්ද්‍රිකාට දීලා මහින්දට දෙපාරක් දීලා ඒ සියලු දෙනා ගෝඨාභයටත් දීලා දැන් හොයනවා ඊළඟට බන්කොලොත් කරන්නේ කවුද කියලා. මේක මේ රටේ කරුමය...

:       29       37

ප්‍රදීප් Wednesday, 11 September 2024 03:03 PM

කොමෙන්ට් ටික දකින කොට දුක හිතෙන්නෙ මට විතරද? බත් කන බයියෝ තව කොච්චරක් ඉන්නවද? මේ රටේ අවුරුදු 76 ක් තිස්සේ පව් අපේ මිනිස්සු...!

:       50       36

Chandanie Wednesday, 11 September 2024 06:10 PM

මෝඩ සිමයියෝ අවුරුදු 76 කට පෙර ලංකාවෙ මිනිස්සු කෑවෙ රටින්ම ගෙනා හාල් සලාකය පමණයි. නිදහස ලැබුනාම ඩීඇස් මැතිතුමා ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය කරද්දී මහලොකු සමාජවාදී මාර්ටින් පෙරේරා ඒකට විරුද්ධව කටයුතු කලේ මැලේරියාව හදල මිනිස්සු මරණවා කියලා තමයි. දැන් ලංකාවෙ මිනිස්සු තුන් වේලම නැත්නම් තොපි කියන හැටියට දෙවේලක්වත් කන්නෙ ලංකාවෙ නිෂ්පාදනය කරන සහල් තමයි. පැවති ආණ්ඩු තොගේ ආච්චිට හාල් ගැරුවෙ නැහැ .මහ එවුන් ඉන්නවා නම් අහල බලපං උන්දැලා අතීතයේ හිටියෙ කොහොමද කියලා .කයියනානායකලා කියනදේම අහන්නෙ නැතුව දැනුවත් මොන්ටිසෝරියකට ගිහිල්ලා අකුරක් වත් ඉගෙන ගන්න බලපංකො

:       1       11

සකුන්තලා Wednesday, 11 September 2024 03:06 PM

එදා ගෝඨාභයට දෙන්න එපා කියලත් අපි කිව්වා... අන්තිමේ මොකද වුනේ. ඒ වගේ සමහර වෙලාවට ඊටත් එහා ගිය කට්ටක් කන්න වෙනවා...!

:       21       52

fairoos Wednesday, 11 September 2024 03:09 PM

ජයවේවා...!

:       39       27

Lalitha Wednesday, 11 September 2024 03:12 PM

අනුර කුමාර දිසානායක රටේ එකම බලාපොරොත්තුව​යි...

:       58       40

Manjula Pradeep Wednesday, 11 September 2024 03:22 PM

මීළඟට කළ යුත්තේ දේශපාලනය, ඉතිහාසය, සංස්කෘතිය, සභ්‍යත්වය ධර්මය ගැන නොදත් හා හය හතර නොදත් ෆෝන් එක ඔබන්න හා වීඩියෝ ගේම් ගහන්න විතරක් දන්නා තරුණ පරපුර මිථ්‍යාව, බොරුව හා වාචාල බස් දොඩන දේශපාලනඥයින්ගේ බොරුවට රැවැටිලා, දැනුමක්, බුද්ධිමත් හා මනා අත්දැකීම් ඇති දෙමව්පියන්ට ඡන්දය පාවිච්චි කරන හැටි කියලා දෙන්න, ඡන්දය දෙන්න බල කරන එක නවත්වා ගන්න එක. මම දන්නා පරිදි සෑහෙන දෙමව්පියන් පිරිසකට ඒ අය අදහන අයට ඡන්දය දෙන්න කියලා බලකරන නිසා අසරණ වෙලා ඉන්නවා. මැතිවරණ කොමිසම හෝ අනෙකුත් සාධාරණ ඡන්දයක් වෙනුවෙන් කටයුතු කරන අය මේ සඳහා මැදිහත් විය යුතුමයි...

:       10       39

චතුරWednesday, 11 September 2024 04:05 PM

දැන් ඔබතුමා කාටද අපිට ජන්දෙ දෙන්න කියන්නේ?

:       9       9

මිහිරාන් Wednesday, 11 September 2024 03:26 PM

අනුර බන්ඩාරනායක රටේ තැනකට ආවේ නැහැ. අනුර දිසානායක එන්නෙත් නැහැ. අනුරලාට මේ රටේ බලයට එන්න බැහැ.

:       27       46

පූජිත Wednesday, 11 September 2024 03:28 PM

තමුන් භුක්ති විඳින නිදහස නැති කරගත්තු රටේ බහුතර ජනතාව කැමැති නැහැ. ඒ නිසා මිනිස්සු ජේවීපී එකට බලය දෙන්නේ නැහැ...! 

:       15       45

රිද්මා Wednesday, 11 September 2024 03:31 PM

ෆෝන් එකයි අන්තර්ජාලෙයි ජීවිතය කියලා හිතන පොඩි ළමයි අපි ජේවීපී කිව්වාට මේ රටේ බහුතර ජනතාව දන්නවා ජේවීපී එක ආවොත් ආගම දහමක් නැති වෙනවා කියලා.ඒ නිසා ජේවීපී එකට බලය ලැබෙන්නේ නැහැ.

:       21       50

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 03:41 PM

මංජුල ප්‍රදීප් , පහුගිය දවසක රනිල් තරුණයින් ටිකක් අල්ලගෙන ආතල් ගත්තු ඒවා හරිද? තරුණයින්ට අපේක්ෂා භංගත්වය, වයසක පරපුර රුපියල් පන්දාහට ඡන්දේ විකුණනවා ඉවසන්න බැහැ... ඒක නිසා තරුණ කොටස් මාලිමාවට...

:       41       16

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 03:44 PM

මෙතන අනුර කියපු එකම කතාවක් බොරුය නොකිය අතීතය ගැන ,නිකන් හීතලු මවාගෙන අවලාද නගනවා, සජිත් රනිල් ඩීල් ගැන කීවේ බොරු කියලා මෙතන එකම විරුද්ධ අදහස් දරණ අයෙක් කිව්වෙ නැහැ. එහෙම නොකිය නිකන් අවලාද කවුද ගණන් ගන්නේ, බියෙන් සලිත වෙලා, හොරුන්ගෙන් යැපෙන අය අනේ පව්.

:       30       20

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 03:46 PM

මෙතන කියපු එකම දෙයක් වැරදියි කියලා කියන්නකෝ, එහෙම නම් විතරක් අනුරට විරුද්ධව කමන්ට් දාන්න. සජිත් වගේ මොලේ අමාරුකාරයන්ට ඡන්දෙ දෙන්න තරම් ජනතාව මොඩ නැහැ.

:       30       17

sunimal Wednesday, 11 September 2024 03:49 PM

තමන්ගේ තරම නොදැන සුළු පිරිසක් උඩ පැන්නට මාලිමාව දිනන්නේ නැහැ . මොකද ඒ අයට තියෙන්නේ බොරුවට මවාපාපු රැල්ලක්. එනිසා ඔවුන්ට ලැබෙන්නේ ඡන්ද ලක්ෂ 15 කට අඩු ගණනක්. අපි බලමු 22 උදේට .

:       16       41

Wijekon Wednesday, 11 September 2024 03:51 PM

ලිපියේ මාතෘකාව අනුව නම් පේන්නේ කයියනායක තර්ජනයක් කරනවාම කියලා තමයි. නැත්නම් සිතට එකඟව ඡන්දය පාවිච්චි කළාම දුකක් ඇතිවෙන්නේ කොහොමද? කිසිවෙකුට දණින් නොවැටෙන කෙනෙකුට හිතට විරුද්ධව කටයුතු කළා කියලා දුකක් ඇතිවෙන්නේ නැහැ...!

:       12       42

Cham Wednesday, 11 September 2024 03:58 PM

මම හිතන්නේ කලබල නැතිව 21 වෙනිදා වෙනකන් ඉඳලා බලමු කියලා... ජනතාව පුදුම විදිහට කලබල වෙලානේ...! 

:       1       18

Kamal Wednesday, 11 September 2024 04:08 PM

සිංහ නාද කරන සිංහයා මාරම කොටයි. අනේ මන්දා ලංකාවේ මිනිස්සු...

:       14       32

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 04:22 PM

වඳ කොත්තු වඳ සාපිට රැවටිච්ච අය මේ රැල්ල ගොටගෙ රැල්ලට සමාන කරනව, මේ රැල්ල බුද්ධියට ඉඩදුන් රැල්ලක්.

:       35       15

බණ්ඩා Wednesday, 11 September 2024 04:48 PM

නෑ, ඔය පැහැදිලිවම විහින් නැහෙන්න ඇති කරන්න හදන ව්‍යාජ රැල්ලක්. බොරුවක්. වැඩිම ගන්නේ ලක්ෂ විස්සයි හෝ ඊට අඩුවෙන්...!

:       13       32

සමන්ත Wednesday, 11 September 2024 04:42 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු පළපුරුදු, උගත්, අත්දැකීම් සහිත දේශපාලඥයෙකු වන අතර ඔහුට තරම් ජාත්‍යන්තර සම්බන්ධතා, සැලසුම් සහ උපාය මාර්ගික අර්බුද කළමනාකරණය පිළිබඳ හැකියාවන් සහ දැනුම ඇති වෙනත් කිසිවෙකු අද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නැත. ඔහු සමග සසඳන විට අනුර කුමාර සහ සජිත් යනු කට මැත දොඩවන ළදරුවන් සේ මට දිස්වේ. මා රනිල් වාදියෙක් නොවෙමි. මගේ දේශපාලන අත්දැකීම් පරාසය වසර 40 ක් පුරා ජ.වී.පෙ., ශ්‍රි .ල.නි.ප., සහ ඒ.ජා.ප ය සමග වැඩ කර ලබාගත් අතර, එබැවින් මගේ මතය නම් ශ්‍රී ලංකාවට උදාකරගත හැකි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටක තත්වය ඔබ විසින් නැති කර නොගත යුතු බවයි. නැවත රට ආපස්සට යන්න ඉඩ නොදෙන්න.

:       16       45

vipulaThursday, 12 September 2024 07:47 AM

ඔබගෙ අදහස 100% නිවැරදි නමුත් රනිල් විසින් රට සංවර්ධනය කරනවා යැයි සිතන්නට අපහසුයි.

:       9       5

පඬිතුමා Wednesday, 11 September 2024 05:28 PM

මෙතැන ගොඩක් අය හොරු සමඟ හෙළුවෙන්. තවම හරියට ඡන්දයක් දාන්න තීරණයක් හිතාගන්න බැරිකමේ මහත රටට මෙච්චර වින්නැහියක් වෙලත්. නූගත් කමද? මෝඩකමද?

:       27       17

nanda Wednesday, 11 September 2024 08:33 PM

රටේ මිනිස්සු තමන්ට කැමති කෙනාට චන්දෙ දේවි හැම කෙනාම බල තන්හාවෙන් දොඩවනවා

:       0       5

පියලාල් Wednesday, 11 September 2024 09:36 PM

එහෙම නෙමෙයි .මේ අය දිනුවොත් අවුරුද්දක් විතර යනකොට චන්දෙ දුන්නු අය හොයාගන්න බැරි වෙනවා

:       2       10

lelwala Wednesday, 11 September 2024 09:55 PM

රතු පාට තියන රටවල් දැන් කොලපාට වේ ගෙන යනවා .අපි මොනවාටද රතු බදා ගන්නේ .අපට එකම දුක කුහක ජෙප්පොන්ට ජනතාව කයියනායකගේ බොරු අහලා රැවටෙන එක

:       4       11

ama Thursday, 12 September 2024 10:30 AM

විශ්‍රාම වැටුප් පබාට නැතිවෙන එකට, පර්මිට් නැතිවෙන එක, ජනාධිපති වරුන්ට කන්ඩ දෙන එක නැතිවෙන එකට අකමැති දවසපුරා කෝචිචියෙ බස් එකේ කට්ට කාගන දුවන අය. මොලේ අතේ තියාගෙන ඡන්දෙ දෙන අය. මේක තේරෙන මිනිස්සු අද මාලිමාව එක්ක. ඒකට එකතුවෙන එක ඇරෙන්න ,තවත් ආර්යාවන් හදල දුවා දරුවන්ගෙ කොන්ද නමන්න දෙන්න එපා!

:       8       4

podi hadaya Thursday, 12 September 2024 06:02 PM

කටින් බතල කොළ හිටුවන ඔබ ගැන කවර කතාද? 21න් පස්සෙවත් පිම්බිච්චි මනස සැහැල්ලු කරගෙන පරාද වුණා. හිත සනසගන්න.

:       2       9

Chamara D Friday, 13 September 2024 09:09 AM

අනේ පින් සිද්දවෙයි 21න් පස්සේ ඔයාගේ හෙන්චයියන් ටිකත් එක්ක ගෙදෙට්ට වෙලා ඉන්න. අපි පුළුවන් විදියට බදු ගෙවලා රට හදන්නම්... 2022 වැටුණාම ඔයාලා කොහේවත් හිටියේ නෑනේ. අපි තමා බදු ගෙවලා මේ තරමට හරි රට ඉස්සුවේ. එක කන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න...

:       0       1

බණ්ඩා Friday, 13 September 2024 10:55 AM

මොනම හේතුවක් මත හෝ මාලිමවට ඔබේ කැමැත්ත ඔබ දුනහොත්, සිදුවන දේ මාලිමාව හෙවත් ජ. වී. පෙ. වේදිකාවේ ගිරිය පුප්ප ගෙන කෑ මොර දෙන කථිකයන්ගේ මුහුණේ ලියැවී ඇත. අනුර දිසානායක ද කතා කරන්නේ ක්‍රෝධය, වෛරය සමග ඇතිවන මානසික අතතියද සමග බව හොඳින් නිරීක්ෂණය කල විට පෙනේ. එබැවින් ඔබ කාට චන්දය දුන්නද, තමන්ගේ වල තමන්ම කපා නොගන්න වග බලා ගන්න. එසේ ඔබ කළහොත් එයිට වඩා ගෝටා දහස් වාරයක් හොඳ යැ, (හොඳ නොවුනද ) ඔබට සිතෙනු ඇත. එදාට ඔය හුරේ දමන පිරිස හොයාගන්නටවත් නැතිවනු ඇත. ඔබට හිමිවනු ඇත්තේ උණ්ඩ පමණක් බව ඔබට වැටහෙන විට සියල්ල සිදුවී හමාර වනු ඇත.

:       0       4

Suranga Friday, 13 September 2024 11:51 AM

අනුර බලයට එනවයි හිතමුකෝ.. වැඩි දෙයක් ඕනෑ නෑ. පුළුවන්නම් බැඳුම්කර චෝදනාව පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට අරන් පෙන්වන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 134 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 190 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 919 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 419 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 494 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1432 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site