IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘

(රංජිත් රාජපක්ෂ)

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.

මෙරට තනාධිපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කළ යුතුයි.

සියළුම ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසිය.

නාමල් රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ අද දින ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදිය.



අදහස් (34)

‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘

Lasa Friday, 25 October 2024 11:06 PM

ආරක්ෂාව අවදානම් තමයි අර ඩුබායි වල හංගල තියෙන කෝටි ගණං රටේ සල්ලි ආපහු ගෙන්න ගන්න එක නේ.

:       0       5

පිටිගල මිලානෝ Saturday, 26 October 2024 12:17 AM

වඳ කොත්තුවක්වත් කැවිලද….?

:       0       4

හසන්ති Saturday, 26 October 2024 12:18 AM

විරුවෙක් ඕනෑ කර තිබේ.

:       0       4

සහරා පෙරෙරා Saturday, 26 October 2024 12:48 AM

රටේ ආරක්ශාව අනේ උඹලා කාලා හොඳට ම කලා උඹලා අපේ රටට පොඩි මිනිහට කන්න නැතුව බෙල්ලෙ වැල දාන් මැරෙන රටක් උඹලා අන්තිමට ඉතුරු කලේ උඹලා සුර සැප විදිමින් තව එනව කියවන්න. ඕවා උඹලගේ ගෙදර උන් එක්ක කියෝපන්.

:       0       2

CHANDIMA Saturday, 26 October 2024 12:50 AM

මේ වගෙ දෙයක් ඉස්සෙල්ලම වුණාම කරන්නේ සියලු පක්ෂ එකතුවෙලා රට බේරගන්න හඳනවා. අපේ උන් කරන්නේ මිටින් තිය තිය මිනිස්සු උසිගන්නවනවා. අම්මපා මේ වගේ දේශප්‍රේමී නායකයෝ?

:       0       3

Adanga Saturday, 26 October 2024 01:49 AM

මෙයා කටින්ද දන්නෑ මේවා කියන්නේ?

:       0       3

C.K.Lankaputhra Saturday, 26 October 2024 04:40 AM

ඔයාගේ බාප්පාට නැවතත් රට භාර ගන්න කියමුද? නිකං යන්ඩ මහත්තයා යන්ඩ. බොරු කයිවාරු .

:       0       4

saman Saturday, 26 October 2024 04:44 AM

මේ මෝඩ හරක් හරියට කළා වගේ. මුන් ඔක්කොම කරලා දැන් බොරුවට කෑ ගහනවා. ඔයාලගේ දේශපාලනේ දැන් ඉවරයි. උඹලගේ සාදය හමාරයි .

:       0       4

Rasi Saturday, 26 October 2024 04:45 AM

රාජපක්ෂලා නැතුව ලංකාව ආරක්ෂා කරන්න බැහැ. ඔය අදෝනාව ඉතින් අඩුම තව අවුරුදු 5ක් වත් අහන්න වෙනවා.

:       1       3

පුරවැසියා Saturday, 26 October 2024 05:31 AM

ගිය පාර පල්ලිවලට ගහලා මිනිස්සු සිය ගානක් මරලා රට රකින අපේ විරුවෙක් ගෙනාවා. මේ පාර සංචාරකයෝ මරලා ලෝකෙම අවදානෙ අරගෙන ආයෙත් රාජපක්ෂලා නැත්තං රට ඉවරයි කියන්න වගේ හදන්නේ.

:       0       5

Chathura Saturday, 26 October 2024 06:15 AM

කරුණාකරලා මේ ආණ්ඩුව ඉක්මනට රාජපක්ෂලා ෂිෂෙල්ස්වල හා උගන්ඩාවේ හංගපු සල්ලි ගෙනල්ල ණය ගෙවලා ජනතාවට සහන දෙන්න ඕන. එතකොට මේ දැගලිල්ල අඩු වෙයි.

:       0       2

sam Saturday, 26 October 2024 06:36 AM

රටේ ආරක්ෂාව ගැන කතා කරන්න හරිම කෙනා තමයි. රටයි, රටේ ආරක්ෂාවයි නැතිකළේ තමුන්ලගේම පවුලේ අයනේ... දැන් බබාලා වගේ ඉන්නේ. කෝ සුනාමි ආධාර...? ලැජ්ජයි...! 

:       1       15

යස්සයා Saturday, 26 October 2024 06:59 AM

ඔව් ඔව් රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා නුඹලා වගේ දාර හොරු එළියේ ඉන්න නිසා... ඉක්මනටම නුඹලාව කූඩු කරාම රටට කිසි අවදානමක් නැතිවෙයි...!

:       1       25

ප්‍රේමතිලක පෙරමුණ Saturday, 26 October 2024 07:07 AM

ඔබතුමා ඒ ගැන වද වෙන්න එපා. ඕක කිව්වා කියලා 1 ඡන්දයක් වැඩි වෙන්නේ නෑ...

:       3       21

අරවින්ද මොනරවිල Saturday, 26 October 2024 07:15 AM

උබලා නිදහසේ ඉන්නා තුරු රටේ ආරක්ෂාව අනතුරේ තමයි තියෙන්නේ..., ඒ නිසා තාත්තාලා, පුතාලා, බාප්පලා, මහප්පලා, අයියලා, මල්ලිලා සියල්ල හිරේට දැක්වූවාට පසුව රටේ අනතුරුදායක තත්වය මග හැරෙනු ඇත...!

:       1       23

Janahitha Saturday, 26 October 2024 07:15 AM

ණය එහෙම ගන්න හැටි කියලා දෙන්නේ නැතෙයි... පාස්කු ප්‍රහාරය වගේ එකක් ගැනද කියන්නේ?

:       1       12

Bandara Saturday, 26 October 2024 08:27 AM

බලලා මල්ලෙන් එළියට පැන්නා. රටේ ජාතික ආරක්ෂාව තියෙන්නට නම් රාජපක්ෂවරු බලයට ගෙන ආ යුතුයැයි හැඟීමක් මහජනයා තුළ ඇතිකිරීම සඳහා මෙය සිදු කරන්නට ඇත...!

:       1       19

priyanka Saturday, 26 October 2024 08:43 AM

ඔයා බලයේ ඉන්නකොට අපිට අවදානමක් තියෙනවා.

:       1       17

achini Saturday, 26 October 2024 08:50 AM

පාස්කු ඉරිදා පල්ලි ගිය අහිංසක මිනිස්සුන්ව මරවලා බාප්පට බලය අරන් දෙද්දී අවදානමක් තිබුණේ නැද්ද?

:       1       20

චින්තක Saturday, 26 October 2024 09:01 AM

රටේ දැන් ආරක්ෂාව තියෙනවා.. ඔබලා වගේ හොරු නැති නිසා..!

:       1       20

සෙනෙවිරත්න Saturday, 26 October 2024 10:10 AM

නින්දේද හිටියේ? ඔය කියපුවා රජය කරලා ඉවරයි. පාස්කු ප්‍රහාරය වගේ බලයට එන්න කුමන්ත්‍රණයක් කළොත් හැර ඕවා අපේ අයට වළක්වන්න පුළුවන්.., තමුන්ලා එකතුවෙලා යවපු රනිල් ඊශ්‍රායල් කාරයින්ට ආරුගම්බේ වල පල්ලි දාන්න නුදුන්නා නම් ඕවා වෙන්නේ නැහැ... අහක යන නයි රෙද්ද අස්සේ දාගෙක මේ රජයට දොස් කියන්න එපා...!

:       1       18

Nilantha Saturday, 26 October 2024 10:58 AM

මේ කතාව නම් සහතිකම ඇත්ත. මොකද පසුගිය ජනාධිපතිවරණය දක්වා හිටපු සියලු ජනාධිපතිවරු ශ්‍ර්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිලා වුණත් වත්මන් ජනාධිපති ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති හැටියට තමයි ඉන්නේ ඒක මේ දවස්වල මැතිවරණ රැස්වීම් වෙනුවෙන් සවිකර තිබෙන බැනර් වලින් හොඳින්ම පේනවා. මේ ගැන දෑහිතකාමී ජනතාවගේ අවධානයට යොමුවේවා...!

:       5       7

Perera Saturday, 26 October 2024 11:32 AM

නාමල්ගේ තුට්ටු දෙකේ කුහක කතා...

:       2       35

Zara Saturday, 26 October 2024 11:45 AM

2019 පාස්කු ප්‍රහාරය කාලේ කවුද රටේ බලය ගන්නේ? ඔයාට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ ආපහු...

:       1       39

nimal Saturday, 26 October 2024 12:01 PM

2.5%

:       1       26

Lalla Saturday, 26 October 2024 12:03 PM

2019 සිදුවීම නැවත කරලියට ගෙන එන්න වගේ. ලේ නොදැක ඡන්ද කරන්න නොදන්න රාජපක්ෂ පවුල...

:       2       29

fahim Saturday, 26 October 2024 12:20 PM

අනේ පව්... රාජපක්ෂවරුන්ට වුණු අපරාධය..!

:       2       12

HELAYA Saturday, 26 October 2024 12:56 PM

රටේ ආරක්ෂාව නෙවෙයි ඔබේ ආරක්ෂාව... අවදානමේ... ඇති.. එක එක ඇතුළට... යනවනේ...!

:       2       13

ගමේ එකාලා Saturday, 26 October 2024 02:59 PM

තමුන්ගේ මහ අය කරපු හරිය ගැන දවසක් වුණත් කියන්න පුළුවන්. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු අය, පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා බලයට ආපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවෝ ගැන ලෝකෙම දන්නවා.

:       2       10

බද්රානි Saturday, 26 October 2024 03:07 PM

පාස්කු ප්‍රහාරයත් සමග ජාතික ආරක්ෂාව ගැන දොඩවලා බාප්පා බලය ඩැහැ ගත්තා වගේ නාටකයක් නටන්නද මේ දඟලන්නේ..? ඊශ්‍රායල් ජාතිකයින්ගේ "චබඩ් හවුස්" ලෝකයේ රටවල් සියයක පමණ තියනවා.. අසල්වැසි ඉන්දියාවේ පවා තියනවා.. එතකොට කොහොමද ලංකාවට පමණක් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන්නේ..? අනික ආරුගම්බේ "චබඩ් හවුස්" එක ආරම්භ කලේ 2018 වසරේදී.. කොළඹ හික්කඩුවේත් තියනවා... එදා සිටම ජාතිවාදය, ආගම්වාදය අවුලවමින් මේ රටේ බලය ලබාගෙන මේ රට විනාශ කල හොර කල්ලිය තමයි මේ සැලසුම පිටුපස සිටින්නේත්.. ප්‍රහාරයක් සිදු නොවුනත් සංචාරක කර්මාන්තයට මෙයින් වෙන හානිය අති විශාලයි.. එදා සහරාන් යොදාගෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා මෙන් අදත් උත්සාහ දරන්නේ, මේරට පුද්ගලයින් යොදාගෙන යම්කිසි ප්‍රහාරයක් එල්ල කර බලය ලබා ගන්නයි.. මේ ත්‍රස්තයින්ට බෝම්බ තාක්ෂණය හා මුදල් ලබාදෙන්නේ කවුද? නුඹලා මේ රටට කරන අපරාධයට පරම්පරා පිටින් හැඳි ගෑවිලාම යන්න ඕනෑ!! කරුණාකර මේ ගැන පුළුල් විමර්ශනයක් සිදුකොට මේ මහමොලකරුවන්ට මරණ දඬුවම දිය යුතුයි..

:       2       10

nimal Saturday, 26 October 2024 03:18 PM

මොකද ඔයාගේ 2.5% අනතුරේ නොවේද? මීළඟ මහ මැතිවරණයේදී? ඔයා ගැන කණගාටුයි සහෝ...!

:       3       10

විපරමා Saturday, 26 October 2024 04:18 PM

රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙන්නේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන්ගෙන් කියලා අපිට අමුතුවෙන් දෙයක් නැහැ.අතීතයේ කියපු කරපුවා කවුද නොදන්නේ? උන් හිතාගෙන හිටියේ අපේ රට උන්ගේ බූදලේ කියලා?

:       0       2

පොඩිඑකා Saturday, 26 October 2024 04:23 PM

බයත් හිතෙනවා, සූ ගාලා මීටිමට පස්දෙනෙක් විතර ඉන්නවා..

:       0       2

Bokka Saturday, 26 October 2024 05:38 PM

ලැජ්ජයි...!

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්
2024 ඔක්තෝබර් මස 26 6605 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්


හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා
2024 ඔක්තෝබර් මස 26 1456 0

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හ


කොළඹ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි අරඹයි
2024 ඔක්තෝබර් මස 26 875 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්‍රී ලංකා දුම්


සී.බීට ආ විරෝධය
2024 ඔක්තෝබර් මස 26 2019 1

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂි


සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
2024 ඔක්තෝබර් මස 26 4830 12

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝග


ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
2024 ඔක්තෝබර් මස 26 1272 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 582 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site