IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


‘‘ලසන්තට යුක්තිය ඉටුකරනවා”

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සන්ඩේ  ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්  යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ  දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මිය ඒම  නඩුව සම්බන්ධයෙන් නීතිපති වරයාට  චෝදනාවක්  කරමින් ඒවා ඇති ලිපිය  සම්බන්ධයෙන් ඇයට පෞද්ගලිකව පිළිතුරු  ලිපියක් යැවීමට     බලාපොරොත්තු වන බවත්   අගමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පාර්ලිමේන්තුවේදී අද (7)   පැවසුවාය.

සන්ඩේ  ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේදී නීතිපති පාරින්ද රණසිංහ මහතා  ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගෙන ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි  ඒ මහතාගේ දියණිය අගමැතිනී  හරි නි අමරසූරිය මහත්මිය ට ඊයේ (6)  ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළාය.

හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය

ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕන.  ඒ්ක තමයි අපේ ස්ථාවරය.  ඉදිරියටත් එහෙමයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මතුකර ඇති කරුණු සහ ඇයගේ වේදනාව අපට හොඳින් තේරෙනවා.  යුක්තිය සාධාරණය ඉටු කරන බවට   අප ඇයට සහතිකයක් දෙනවා.නීතියේ නිසි ක්‍රියාදාමය අනුව කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අයට යුක්තිය ඉටු වෙන්න ඕන.  ඒක තමයි රජයේ මතය.



අදහස් (7)

‘‘ලසන්තට යුක්තිය ඉටුකරනවා”

යෝගා Friday, 07 February 2025 01:58 PM

තවත් පුස් පොරොන්දුවක් පමණක් නොවේවා.

:       6       11

රම්බොඩ Friday, 07 February 2025 02:10 PM

ලසන්ත කවුද? මොනවා කරන්න ගිය නිසාද මෙහෙම වුණේ කියලා මෙයාලා දන්නවා ඇති. නමුත් දේශපාලනික නිවටකම් ඉදිරියේ අසූචිත් බුදින පක්ෂයක සාමාජිකයින් ගැන කතා කරන්න අවශ්‍ය නෑ...

:       10       6

Asela Friday, 07 February 2025 02:39 PM

ලසන්ත මිනීමැරුම පිළිබඳ විමර්ශනය බොරු කඩතුරාවක් යටතේ වාසි ලබා ගැනීමට අවස්ථාවක් නම්, ඔව්. අපි ජවිපෙ ක්‍රමයට ඒක කඩිනම් කරනවා. හේ හරිනි, මිනීමැරුම් සහ වෙනත් එවැනි සිදුවීම් දහස් ගණනක් තිබේ. ඔබේ දේශපාලන පැවැත්ම සඳහා මෙම නඩුව ඉදිරිපත් නොකර සැමට යුක්තිය ඉටු කිරීමට අධිකරණය ඉක්මන් කරන්න.

:       6       5

යුක්තිය Friday, 07 February 2025 02:40 PM

ලසන්තට යුක්තිය ඉටු කිරීම යනු ඔහුගේ දියණිය හෝ ඒ සමාජ ස්ථරයේ දෝෂදර්ශනයට ලක් වූ, වෙසෙසින්ම එල්ටීටීඊ ත්‍රස්තවාදයට බැට දුන් අයවලුන් දඩයම් කිරීම නොවන වගත් අගමැතිනියට වැටහිය යුතුය. ලසන්තලා එකල ක්‍රියා කළේ ශ්‍රී ලංකා රාජ්‍යය සුරැකීමට වඩා එල්ටීටීඊ ත්‍රස්තවාදයට සුදු හුණු ගෑමට වග, බොහෝ දේ ඉක්මනින් අමතක කර දමන ශ්‍රී ලාංකිකයනට වුව මතක තිබිය යුතුය.

:       2       1

රනේ Friday, 07 February 2025 03:12 PM

අනේ අසේල..? මතකද සමහර බලල්ලුත් ඒ කාලේ දඩයම් කළා....!

:       0       2

Jayani Friday, 07 February 2025 03:36 PM

කිව්වොත් මෙයාලා අනිවාර්යයෙන්ම කරයි... මෙච්චර දවසක් කිව්වා සියලු දේවල් කරානේ...! බොරු කියන්නේ නැහැනේ..!

:       1       3

Bunny Preena Friday, 07 February 2025 03:52 PM

මිනීමරු දේශපාලන සංස්කෘතිය ලංකාවෙන් තුරන් කළ යුතුයි....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජනපති-ජපාන නිපොන් පදනමේ සභාපති හමුවෙයි
2025 පෙබරවාරි මස 07 4 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්


යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා
2025 පෙබරවාරි මස 07 18 0

රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (


තුන්වන පන්තියේ වෙන්කළ ආසන ඉවත්කිරීම අත්හිටුවයි
2025 පෙබරවාරි මස 07 103 0

කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර


ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට
2025 පෙබරවාරි මස 07 703 1

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද


ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි
2025 පෙබරවාරි මස 07 675 0

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප


මන්නා පහරින් තිදරු මව මරුට
2025 පෙබරවාරි මස 07 673 0

සැමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 814 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 757 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site