(ගයාන් සූරියආරච්චි)
පළාත් නවයට අදාළ දිස්ත්‍රික්ක 16 විහාරස්ථාන 89 කට යුද හමුදා නිලධාරීන් 1584 දෙනකු විහාරස්ථානවල ආරක්ෂාවට සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසීය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අකුරගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රසික කුමාර මහතා කියා සිටියේය.
දිවයිනේ විහාරස්ථාන සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉවත් කර නැහැ.
ආරක්ෂාව සඳහා පමණකි 364 දෙනකු සහ ඉදිකිරීම් කටයුතු සඳහා 1220 පමණ යොදවා සිටිනවා.
ආරුගම්බෙ සහ පොතුවිල් ප්‍රදේශ අයත් වන අම්පාර දිස්ත්‍රික්කයේ ඇති දීඝවාපී විහාරයට විශේෂ ආරක්ෂාවක් ලබාදී නැහැ. විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය විහාරස්ථාන බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ඉල්ලීමක් කළ යුතුයි. එම ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත ආරක්ෂක නිලධාරීන් යොදවනවා.
යුද හමුදාවේ නිත්‍ය භට පිරිස් අවම කිරීමට කටයුතු කර නැහැ. මෙම වසරේ නිත්‍ය බල සේනාවට 3000 ද ස්වේච්ඡා බල සේනාවට යුද හමුදා සෙබළුන් 1000 වශයෙන් 4000 බඳවාගෙන තිබෙනවා.
මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කර්නල් දුමිල් පතිරණ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
යුරෝපයේ සැගවී සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙක්ට අයත් ජීව උණ්ඩ 12ක් සහ මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු ති
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය.
ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය
ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ.
අනුරාධපුර,මිහිදුපුර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ නිධන් ලබා ගැනිමේ අරමුණින් දින කිහිපයක් තිස්සේ කැණිම් කරමින් සිටි නිවෙස් හිමිකාර කාන්තාවක් ඇතුළු සි
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
‘‘වෙහෙර විහාරස්ථානවලට 1500 වැඩි භට පිරිසක් යෙදවලා‘‘
lalith Sunday, 03 November 2024 10:58 PM
ඇත්තටම ආගමික ස්ථානවලට හමුදා ආරක්ෂාව අවශ්‍යද?
බමුණු Monday, 04 November 2024 01:13 AM
මේක බෞද්ධ රටක් රජය බෞද්ධ ආගමට සැලකීමක් කරනවා කියන්නේ මේක. නැතුව ලපයා පිරිකර උස්සගෙන හාමුදුරුවෝ බලන්න යන එක නොවෙයි.