(ජමිලා හුසේන්)
එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් මෙරට චීන තානාපති චී චෙන්හොන්ග් ප්‍රකාශ කළේය.
චීනය ශ්‍රී ලංකාව පිළිබඳ දරන ස්ථාවරය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති හමුවකදී චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනෙක් රටවල උදව් අවශ්‍ය බවට ඇතැම් පාර්ශ්ව ශ්‍රී ලංකා බලධාරීන්ට ඒත්තු ගන්වා ඇති බවත් එය නිවැරදි නොවන බවත් තානාපති චෙන්හොන්ග් මහතා එහිදී පැවැසුවේය.
ශ්‍රී ලාංකිකයන් තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් ගොඩ නගාගත යුතු බවත් චීනය වැනි මිත්‍ර හවුල්කරුවන් සමග සබඳතා දැඩි කර ගැනීමට අවධානය යොමුකළ යුතු බවත් චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පිළිබඳ චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බවත් ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් වීමටත් විදෙස් රාජ්‍යයන්ගෙන් එල්ල වන පීඩනයට ඔරොත්තු වීමටත් සිය සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි චීනය දැඩිව විශ්වාස කරන බවත් චෙන්හොන්ග් මහතා පැවැසුවේය.
නව රජයක් පත්කර ගැනීමත් සමග ශ්‍රී ලංකාව නව පරිච්ඡේදයක් ආරම්භ කළ බවත් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ චීනයට දැඩි විශ්වාසයක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
චීන පර්යේෂණ නෞකාවලට මෙරට මුහුදු තීරයට අවතීරණ වීමට අවසර ලබාදෙන ලෙස චීනය කළ ඉල්ලීම පසුගිය රජය ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාවය පළුදු වූ බවද චීන තානාපතිවරයා පැවැසුවේය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි සබඳතාවයක් තිබියදී පසුගිය රජය එවැනි ස්ථාවරයක් ගැනීම කළකිරීමට හේතුවක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ ඉල්ලීමට මාලදිවයින රජය අවසරය ලබාදුන් බවද චීන තානාපතිවරයා පැවැසුවේය.
ශ්‍රී ලංකාවට කිසිදු ලාභයක් නොමැති නමුත් විශාල මුදලක් වැයවූ ව්‍යාපෘති සඳහා චීනය මුදල් යොදවා ඇතැයි ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කළත් චීනය එම ව්‍යපෘතිවලට මුදල් යෙදවූයේ පසුගිය රජයන්ගේ ඉල්ලීම මත පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය රජයන්ගේ ඉල්ලීම් පරිදි චීනය එම විශාල මුදලක් වැයවූ ව්‍යපෘතිවලට චීනය මුදල් යොදවන විට එම ව්‍යාපෘතිවලින් ලාභ ලබා ගැනීමට ඉල්ලීම් කළ රජයන් දැනගත යුතු බවද චෙන්හොන්ග් මහතා පැවැසුවේය.
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘