IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘

(ජේ ඒ එල් ජයසිංහ)

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලීත් ජයවීර මහතා මහනුවර සහශ්‍ර උයනේ අද (17) පැවති මහා ජන හමුව අමතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දීලීත් ජයවීර මහතා මෙසේද කීය.

මම කවදාවත් දේශපාළනයට එන්න අදහස් කලේ නැහැ. ඒත් මට හිතුණා මගේ රටේ ජනතාව සතුටින් ආදරයෙන් සැමදා ජීවත් විය යුතුයි කියල .රටට සතුටු පවුලක් නිර්මාණය කිරීම මගේ අරමුණයි. මේ සම්ප්‍රදාය දේශපාළනය තුලින් මේ රටේ ජනතාවට යහපතක් උදාවුණේ නැහැ කියල මට හිතෙනව.හැමදාම ජනතාව අපේක්ෂා කළ දේ නොවෙයි ඉටුවුණේ දේශපාලකයන්ගේ බලාපොරොත්තු  පමණයි ඉටුවුණේ.

අපේ රටේ ජනතාවගේ පවුලක ආදායම මේ 21 දායින් පසු අපේ ආණ්ඩුවක් යටතේ වසරකට ලක්ෂයක් දක්වා වැඩිවන වැඩ පිලිවෙලක් ආරම්භ කරනවා.

අපේ පක්ෂයේ අරමුණ අපේ රටෙි තරුණ තරුණියන්ට ඈත රටකට නොගොස් මෙරටේම රැඳී රැකියාවක් කරන තත්ත්වයට ඔවුන්ගේ ජීවන මාර්ගය සලසා දීමයි. ව්‍යවසාත්වක රාජ්‍යයක් ඇතිකිරීම අපේ අරමුණයි. ඒ සඳහා ආණ්ඩුව සහායක් ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනව.මේ රටෙි කාන්තාවට ව්‍යවසායකත්ව සංවර්ධනයක් උදාකර දීම අපේ අරමුණයි.

අපේ රටේ මොන්ටිසෝරි ගුරුතුමියට කාන්තා ගෘහ සේවිකාවට සතුටුදායක වැටුපක් ලබාගත හැකි ක්‍රමවෙිදයක් අපේ රජයක් යටතේ ඇති කරනව.මට ඕනෑ තරම් ධනය බලය තියනව මම දේශපාළනයට එන්නේ මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් . ගන්න 21 පැන්සල අතට ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් ගහන්න තරුවට කතිරය තමන්ගේ රට තමන්ගේ නූපන් දරුවා වෙනුවෙන්අ පි අපේ හදවතේ ප්‍රකාශනයයි මේ ඉදිරිපත් කරන්නේ වෙනස් කරමු මේ රට හදමු මේ රට.

වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නීතීඥ තුෂාරි ගංඟේ කුලරත්න යන මහත්ම මහත්මිහූ මෙහිදී කතා කළහ



අදහස් (4)

‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘

බද්රානි Tuesday, 17 September 2024 06:21 PM

ඇත්තම කියනවා නම්, මෙතුමා මේ රටේ ජනාධිපති වුණා නම්, අපිට නයි නැටුම් නොමිලේම නරඹා කොච්චර ජොලියෙන් ඉන්න පුලුවන්ද..? අඩු ගානට ඇන්ටිජන් ටෙස්ට් එකකුත් කර ගන්න පුළුවන්... පිස්සු නැත්නම් ෂෝක් අප්පා!!

:       5       24

නයි පාල Tuesday, 17 September 2024 07:11 PM

මගෙ රස්සාව නයි නටවන එක. මටත් ඔබතුමාගෙන් නයි දෙතුන් දෙනෙක් ඕනෑ...

:       5       16

Gayansika Tuesday, 17 September 2024 07:21 PM

අදහස් ඉදිරිපත් කරන්න ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම හොඳයි... ඒත් පාර්ලිමේන්තුව සඳහා පිරිසක් නැතුව ජනාධිපති තනතුර කරන්න කාටවත් බැහැ... දැනට ඉදිරිපත්වෙලා ඉන්න වත්මන් ජනාධිපතිතුමාටත් සජිත්ටත්, නාමල්ටත් අනුගාමිකයන් පිරිසක් ඉන්නවා. අනෙක් සියලු දෙනාටම ප්‍රමාණවත් පිරිසක් නැහැ. ඒ ගැන ජනතාව සලකා බලා තීරණයක් නොගත්තොත් රට බරපතල ආකාරයට අගාධයට වැටෙනවා. උදාහරණයක් ලෙසට රටේ ජනතාව නොදන්නා පිරිස් ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වීමේදී හිටපු සමාගමක සභාපති, ජනාධිපති අපේක්ෂකයෙක් ලෙසට ප්‍රචාරක කටයුතු කරන්න යද්දී පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් බත්තරමුල්ලේ හිමිට පොලිස් නිලධාරි කෙනෙක් සිටිද්දී තර්ජනය කළා කීමත් පෙන්වා දෙන්න පුළුවන්... එයිනුත් පේන්නේ රට තොට නොදන්නෙක් වීමත් ප්‍රසිද්ධ අනුගාමිකයන් පිරිසක් නැතුව ඉදිරිපත් වීම නිෂ්ප්‍රයෝජන බවක් පෙන්වාදීමක් බව කියන්න පුළුවන්...!

:       10       6

ටී එච් සී සිහින Tuesday, 17 September 2024 08:32 PM

සිහින මවන්නැති අහස උසට තනියම... ළංවෙන්න, වෙන්න, වෙන්න ජනපති සිහිනෙට දුර...

:       9       10

ඔබේ අදහස් එවන්න

දියත

රිය අනතුරින් තිදරු පියා මරුට
2024 සැප්තැම්බර් මස 19 89 0

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව ප්‍රදේයේදී අද ( 19) සිදුවු අනතුරකින් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් පුත්


නිකවැරැටියෙත් වෙඩි තැබීමක් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 19 85 0

නිකවැරැටිය රස්නායකපුර නම්මුවාවේ දී සිදු කළ වෙඩි තැබීමකින් කුඩා කඩයක් පවත්වාගෙන යන එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි


ආහාර විස වීමෙන් 500ක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 19 229 0

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ


සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 287 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


රිය අනතුරින් දෙකක් මරුට
2024 සැප්තැම්බර් මස 19 237 0

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.


මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 1358 ක්
2024 සැප්තැම්බර් මස 19 127 0

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 42 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 121 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2173 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site