IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


‘‘සෝලා නිසා අනුරට ගෙදර යන්න වෙයි ද?

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

සිංහල අවුරුද්ද උදා වෙද්දි අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මිලියන 1100 ක පාඩුවක් සිදුවී ඇතැයි ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අද 13 චෝදනා කළේය.

මේ ක්‍රියාදාමය නිසා අඩු වියදම් විදුලි ඒකක 7 90,000ක් පද්ධතියට අහිමි වෙලා. ඒවා එහෙම නැවැත්තුවට ඉන්ධන වලින් බලාගාර දුවනවා එතනිනුත් පාඩුව රුපියල් මිලියන 200යි. රුපියල් දහයක මුදලට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක ප්‍රමාණය අතහැරලා රුපියල් පනහේ ඉඳලා සීය දක්වා මුදල්වලට ඒ ඒ අයගේ බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා.

ගණන් බලපුවාම අවුරුදු තෑග්ගේ සමස්ත පාඩුව රුපියල් මිලියන 2100 ක් විතර වෙනවා. ජනතාවට වගකිවයුතු ආයතනය මහජන උපයෝගීතා කොමිසම අහිංසක පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාවක් උදාවෙලා.

පිරිවැය අධිකයි නිෂ්පාදනය සඳහා යන මුදල වැඩියි කියා ජුනි මාසේ ඉඳලා විදුලි බිල වැඩි කරන්ඩ කරන සූදානමක් බවයි අපිට මේ පේන්නේ. පෙරහරක් ළඟ එනවා කියලා කස කාරයෝ ඇවිත්ලා තියෙනවා. රට අනුරට කිව්වා වගේ විදුලි බලය තිලක්ට දීල තියෙනවා. පොහොර නිසා ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා මේ යන විදිහට සෝලා නිසා අනුර කුමාර දිසානායකට ගෙදර යන්න සිදුවෙනවා. රජයේ බලයට පත්වුණේ හොරු අල්ලන්න කියලා ඒ උනාට දැන් විදුලි බල මණ්ඩලය හොරු බෝ කරන තෝතැන්නක් බවට පත්වෙලා ඉවරයි.

සංජීව ධම්මික මහතා මේ අදහස් පළ කලේ කොටදෙනියාව මැල්ලවගෙදර දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (0)

‘‘සෝලා නිසා අනුරට ගෙදර යන්න වෙයි ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උප ජනපති පාපන්දු කුසලානය කඩලා
2025 අප්‍රේල් මස 15 453 0

ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ


ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි
2025 අප්‍රේල් මස 15 163 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පිල්ලෙයාන් එක්ක රනිල්ට කතා බෑ
2025 අප්‍රේල් මස 15 577 0

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන්



ප්‍රදේශ කීපයකට සවස තද වැසි
2025 අප්‍රේල් මස 15 269 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
2025 අප්‍රේල් මස 15 608 0

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 887 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site