(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ "රිච්මන්ඩ් කාසල්" අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ පලාතොට පිහිටි " රිච්මන්ඩ් කාසල්" පරිශ්‍රය හා පාර්ක් වත්ත මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු බූදලයක් වන අතර, එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පරිශ්‍රයක් වේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එම මන්දිරයේ සිදු කළ යුතුව ඇති අත්‍යවශ්‍ය අලුත්වැඩියා රාශියක් පෙන්වා දී තිබේ.
ඒ අනුව, තෙස්තමෙන්තුකරුගේ අභිප්රායන්ට පටහැනි නොවන පරිදි "රිච්මන්ඩ් කාසල් " මන්දිරය අලුත්වැඩියා කිරීම සහ එකී මන්දිරයෙහි කටයුතු පවත්වා ගෙන යාම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කිරීමට හැකි වන පරිදි උනන්දුවක් දක්වන පෞද්ගලික අංශයේ ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවෘත කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) කීය.
මාසයක් එකහමාරක් ඉවසා සිටියොත් දූෂණ,වංචා,අල්ලස්, මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය රටට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක
’’Gem Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්
බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මී
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (8) ශ්‍රී ජයවර
ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවය සංවර්ධනය ක
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
’රිච්මන්ඩ් කාසල්’’ රාජ්‍ය පෞද්ගලික හවුලකට
ගුණරත්න Tuesday, 07 January 2025 05:25 PM
මට මතකයි සීයාත් ඔහොම දෙයක් කිව්වම සැහෙන පිරිසක් කුලප්පු වුනා කියල