IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


’’අනුර දවල් හීන දකිනවා’’

(නිමල කොඩිතුවක්කු)

අනුර කුමාර ජනාධිපතිධුරය සම්බන්ධයෙන් දවල් හීන දකිමින් සිටින බවත් උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතුයැයි පවසන බවත් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මාවතගමදී පැවසීය.

සාමාන්‍ය ජනතාවට සලකන පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිසා රකින රජයක් වෙනුවෙන් මුළු රටම විට එකට එකතු වී ඇති බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ උග්‍ර පොහොසතුන් හැරුණු කොට ලක්ෂ 220 ජනතාව දරාගත නොහැකි දුකක් විදින බවත් මේ දුුකින් ජනතාව මුදවා ගැනීම තමගේ වගකීම බවත් ඔහු පැවසීය.

ඉදිරි  ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 42 වැනි විජයග්‍රාහී ජන රැළිය මාවතගමදී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව  කීවේය.

පක්ෂ දෙකක් ලෙස සිටියත් අනියම් ආකාරයෙන් එකතු වූ ප්‍රතිවාදීන් දෙන්නෙක් වන රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක එකට එකතු වී රහස් ගණුදෙනුවක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනුර රනිල් රහස් ගණුදෙනුව ජනාධිපතිවරයාගේ කටින්ම එළියට ආ බවත් ජනාධිපතිවරයා ඔහු පරාජය වන බවත් එම නිසා අනුර කුමාරට ඡන්දය දෙන ලෙසත් පවසා ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තමා බලයට පැමිණි පසු නැවත ගම් උදා යුගය බිහි කර ඉඩමක නිවසක අයිතිය ලබා දෙන බවත් මේවාට රනිල් අනුර කැමති නැති බවත් ඔහු කීවේය.

මේ අය කැමැති ජනතාව හැමදාම දුකින් පීඩාවට පත් සිටිම බවත් ඒ නිසා ඒවාට රැවටෙන්න එපා යැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකාර්මික කටයුතු සිදු කරන ගොවි ජනතාව වෙනුවෙන් කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙන බවත් වගා ණය කප්පාදු කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රජයට කෝටි ප්‍රකෝටිපතියන්ගේ ඇප නැති ණයත් පොළියත් කපා හරින්න පුළුවන් නම් ගොවියාගේ වගා ණය ද කප්පාදු කළ හැකි යුතු බවත් ඔහු කීවේය.

සහනාධාර මතම යැපෙන සමාජයක් නිර්මාණය නොකරන බවත් දුප්පත්කම ක්‍රමානුකූලව නැති කිරීමට දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

උග්‍ර පොහොසතුන් හැරුණු කොට වත්මන් රජය යටතේ බහුතරයක් ජනතාව අන්ත අසරණ තත්වයට පීඩනයට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කලේය.

වත්මන් පාලකයන් රට ගොඩගෙන ඇති බවට පුරාජ්රු දෙඩුවත් දුප්පත්කම වර්ධනය වී විරැකියාව නිර්මාණය වී කර්මාන්තශාලා වැසී එක වේලක්වත් කන්න බැරි තැනට ජනතාව පත්ව සිටින බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ජනතාව පත්ව සිටින  දුෂ්කරතා වචනයෙන් විග්‍රහ කළ නොහැකි බවත් 21 වැනි දා සමගි ජන බලවේගය බලයට පත් වූ පසු මේ වැටි ඇති ප්‍රපාතයෙන් ජනතාව ගොඩ ගෙන ජනතා කේන්ද්‍රිය රජයක් තුළ යුතුකම් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සි අලවතුවල, දයාසිරි ජයසේකර, තුෂාර ඉදුනිල් අමරසේන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (25)

’’අනුර දවල් හීන දකිනවා’’

අරවින්ද මොනරවිල Wednesday, 11 September 2024 11:18 AM

ලබන 22 දාට ඔයාට දවල් තරු පෙනෙයි !

:       220       156

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 11:39 AM

පෝබියා වර්ග කිහිපයකින් පෙලෙන අයෙක් දවල් හීන දකිනවා.. පිටින් කන්න වතුර බොන්න බැරි, නිතර අත හෝදන්න ඕනෑවෙන අයෙකු ජනාධිපති කරන්න එපා. පිස්සන් කොටුවට යවන්න සුදුසුයි...!

:       130       76

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 11:41 AM

මෙතුමා කියන්නේ මොකක්ද කියලා එතුමාවත් දන්නේ නැති තරමට මොලේ අවුල්, රනිල්, අනුර හොර ගිවිසුම් නැති බව කුඩා දරුවන් පවා දන්නවා, රනිල්ට අභියෝගය අනුර, එහෙම එකේ තමන්ගේ හිත හදාගන්න පච විදිනවා...

:       146       85

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 11:43 AM

පුළුවන් නම් හිස් වෙච්චි මන්ත්‍රී ධුරය පුරවන්නකෝ, එතකොට සමගිය බලතැහැකි...!

:       151       73

සෙනෙවිරත්න Wednesday, 11 September 2024 11:44 AM

කිරිඇල්ල සහ වසන්ත යාපා ඇරගන්නවා, මරු සමගිය, බලතැහැකි ඉස්සරහට මරාගන්න හැටි තනතුරු වලට...!

:       131       61

කමල් Wednesday, 11 September 2024 11:59 AM

අනේ ඉතින් ඔයයි තාත්තයි දෙන්නාම ගම් උදාකර කර ඉන්න. ඕක උදා වෙන ගමක් නෙවෙයි. ඔයාලාගේ පැවැත්ම තියෙන්නේ දුප්පතුන් වැඩිවෙන තරමට තමයි. රට හැමදාම එකම තැන. අපේ මිනිස්සුත් කැමැති නිකන් ඉඳලා කන්න තමයි. ඔයාලාම තමයි මිනිස්සුන්ට ඕවා පුරුදු කරන්නේ...

:       129       61

කැලුම් Wednesday, 11 September 2024 12:02 PM

අරවින්ද මොනරවිල, තමුන්ට සජිත් එක්ක තියෙන්නේ පුදුම වයිරයක් නේද...?

:       67       140

අරවින්ද මොනරවිල Wednesday, 11 September 2024 12:41 PM

අනේ අපොයි නැහැ....දුකක් තියෙන්නේ අඩුම ගානේ තමන්ගේ තරමවත් නොදන්න මනුස්සයෙක් පව්.....

:       119       49

සිතුම් Wednesday, 11 September 2024 12:03 PM

නියත ජනපති සජිත්. සජිත්ට ජයවේවා...!

:       86       125

නුවන් Wednesday, 11 September 2024 12:05 PM

අනිවාර්‍යෙන් සජිත් ජනපති. අනුරගේ පොලිස් රජ්‍යයේ සිහිනය බොඳ වෙනවා.

:       86       130

විරාජ් Wednesday, 11 September 2024 12:09 PM

අරවින්ද මොනරවිල, මේ රටේ දුශ්කර පළාතක් වෙන හම්බන්තොට ඇතුළු රටේ අහින්සක ජනතාව සජිත්ට ආදරෙයි. ගිය පාර සියයට තුනේ පක්ශෙ බලයට ගේන්න සිහින දකින ඔයාට දවල් තරු පෙනෙයි.

:       70       129

අරවින්ද මොනරවිල Wednesday, 11 September 2024 12:42 PM

ඔයාටත් සජිත් එක්කම දවල් තරු බලන්න වාසනාව ලැබේවී.

:       132       51

සේනක Wednesday, 11 September 2024 12:11 PM

හැම ආන්ඩුවටම මුක්කු ගැහුව ජේවීපී එක අනිත් පක්ශ වලට ඇඟිල්ල දික් කරනවා. අනුර දැන් ලොකු කතා කියනවා.

:       67       143

firdhaws Wednesday, 11 September 2024 12:22 PM

ඔව් අනුර දකිනවා. ඔහු ෆේස්බුක් ජනාධිපති. අපිට ඕන ජනතාවගේ ජනාධිපති සජිත්... මේ රටට ස්වභාවික මනුස්සයෙක් ජනාධිපති වෙන්න ඕනෑ. සජිත් සිම්පල්... සජිත්ට ජයවේවා...!

:       55       121

Rata Perata Wednesday, 11 September 2024 12:33 PM

දැන් ඔය සජිත් වීරට කරන අයට ඕවා වමාරවන්න වෙයි... මෙයා බලයට ආවොත්... සජිත්ට ගෙදර ගැහැණු 3 දෙනාගෙන් පිට මොනවත් කරන්න ලැබෙන්නේ නෑ. අනික් එක හොරසල්ලි ගහපු සහෝදරියන්ගේ කේස් එක කිසිම කතාවක් නැහැ. සමෘද්ධි සල්ලි නිසි ක්‍රමවේදයකින් තොරව කෝටි ගනන් ඇදලා තියෙනවා.

:       136       43

Nana Wednesday, 11 September 2024 02:22 PM

රනිල්ට ජය..උබ ගෙදර පල අනුර....සජියා තුන්වෙනිය වෙන්නේ බොල

:       31       127

buwaThursday, 12 September 2024 11:46 AM

ෂුවර් එකටම පිනට කන බඩ ජාරියෙක් . තණකොළ තමයි උඹට කන්න වෙන්නේ රනිල් දුන්නොත් .රටඅනුරට

:       2       0

කපිල Wednesday, 11 September 2024 02:30 PM

අරවින්ද මොනරවිල. ගිය පාර ගෝඨාභයට ඡන්දෙ දුන්නු කෙනෙක් නේද? මේ රටේ කලිනුත් සජිත්ට ලක්ශ පනස් පහක් ඡන්දය දුන්නා. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ ඉඳලා ඔය ජෙවිපි එකත් ආණ්ඩු කරන්න හවුල් වුණා. ඔය රටේ මිනිස්සු අසරණයි.

:       21       114

අරවින්ද මොනරවිල Thursday, 12 September 2024 10:59 AM

අපොයි නැහැ, චන්ද්‍රිකාගේ කාලයේ ඉදලම ජේ.වී.පී. ආණ්ඩු කරන්න හවුල් උනා කියන එක වැරදියි. 2002 දී රනිල් කොටින්ට ෆෙඩරල් දෙන්න උත්සහ කරනවිට රනිල්ව පරද්දලා චන්ද්‍රිකා එක්ක ආණ්ඩූවක් හැදුවා, 2004 චන්ද්‍රිකා කොටින්ට සුනාමි සහන මණ්ඩල දෙන්න උත්සහ කරන විට ජ.වි.පෙ. ආණ්ඩුවවෙන් ඉවත්වී උසාවි ගිහිල්ලා ඒක පරාජය. කෙරුවා. 2015 දී නැවත රනිල්ගේ බෙදුම්වාදී දේශපාලන පරාද කරන්න මහින්දව ජනාධිපති කරන්න උදව් කෙරුවා.එකෙන් තමයි මේ රටේ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න හැකි උනේ.එය රට ලැබු ජයග්‍රහණය නොවෙයිද ?

:       1       1

ගමේ එකාලා Wednesday, 11 September 2024 04:35 PM

අනුර කුමාර මහතාට දවල් හීන දකින්ඩ අවශ්‍ය නැහැ .මේ වෙනකොට දෙස්,විදෙස් රටවල ජීවත් වෙන විශාල පිරිසක් එතුමා වටා ඉන්නවා.තමුන්ගේ වෙන්ඩ ආර්‍යාව සහ පවුලේ උදවිය නම් හීන ලෝකෙක ජීවත් වෙන බව නම් පේන්ඩම තියෙනවා ?

:       120       17

විජිත් Wednesday, 11 September 2024 04:39 PM

අවුරුදු 2 ක් පිස්සන් කොටුවේ තියන් හොරෙන් බෙහෙත් කරපු සජිත් ජනාධිපති කරන්න රටේ ජනතාවට පිස්සු නැහැ . අවුරුදු 12 ක ළමයෙකුගේ මානසික තත්වයකින් පසුවන මේ පුද්ගලයා මේ පාර පැරදුනාම මහනවෙන්න යනවාලු. ( සමහරවිට පන්සල්වල තියෙන නිධන් කඩන්නද දන්නේ නැහැ ) # මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක , ජනතාවගේ ජනාධිපති !!!

:       110       16

chandima Wednesday, 11 September 2024 10:51 PM

අනුර දවල් හීන දකිනව ද. සජිත් රෑට හීන බලල දවල්ට කියවනව ද?

:       0       1

පොඩි පුතා Wednesday, 11 September 2024 10:58 PM

සජිත් මාමා ජනාධිපති උනොත් හරි ෂෝක්.අපිටත් ජපන් බාසාව ඉගෙන ගන්ඩ පුලුවන් නේ?

:       1       2

buwa Thursday, 12 September 2024 11:42 AM

නිදන් හොරා ගෙදර පල .

:       1       2

Laksitha Thursday, 12 September 2024 03:27 PM

අපි එනවෝ හොරැ රැල පන්නන්න . අපිට ලංකාවට ඇවිත් ජිවත් වෙන්න ඕනේ. රටවල් වල අපි දුක් විදිනවා . 76 ක් ඇති මුන් කලා .දැන් වෙනසක් ඕනේ. මමත් කලින් එජාප. දැන් මාලිමාව. මැරෙන්න ඉන්න කාලෙට හරි මව් රටේ ජිවත්වීමට ආසයි . පිට ඉන්න එවුන්ට තමයි එක තේරෙන්නෙ, මාලිමාවට 2 කෝ ටියක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 124 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 176 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 902 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 412 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 482 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1408 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site