IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’

(චන්ද්‍රසිරි ගුණසේකර)

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී අපි දිනයි කියලා. අපි සැලසුම් සහගතව පියවරෙන් පියවර ඇවිල්ලා මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී ජයග්‍රහණය කරන බලවේගය බවට අද ජාතික ජනබලවේගය පත්වෙලා තිබෙනවා. ඒක හාස්කමක් නෙමේද. ඒක විශාල පරිවර්තනයක්. අන්න ඒ වගේම අපි ඔබට සහතිකවෙනවා. මේ හැම අතින්ම කඩා වැටිල තිබෙන රටත්, පියවරෙන් පියවර ජාතික ජනබලවේගය මේ රට සමෘද්ධිමත් රටක් බවට පරිවර්තනය කරනවා යැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික ජනබලවේගයේ ජනහමුව අමතමින් ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා  මෙසේද කීය,

මීට කලින් අනෙක් පක්ෂවල අය කිය කිය සිටියේ අපට දිනන්න බැහැ. හැබැයි දැන් දිනන්න බෑ කියන කතාව නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද්ද ජාතික ජනබලවේගය දිනුවොත් ගෑස් නැතිවෙනවලු. ඔක්කොම ඉවරයිලු. තව අය කියනවා. ඒ ගොල්ලොත් ඉවරලු. ඒකෙ නම් පොඩි ඇත්තකුත් තිබෙනවා. සමාජය හමුවේ මේ වගේ  භීතියක් හදන්න ඒගොල්ල පටන් අරගෙන තිබෙනවා. මේ අසාර්ථක වෙන නායකයෝ, පරාජය වෙන නායකයෝ හැමදාමත්  සමාජයට බියක් හදනවා. ඔයාලට මතකද මහින්ද රාජපක්ෂ පැරදුණාම අපේ රටේ ඉන්න ඉහළ හමුදා නිලධාරීන් විදුලි පුටුවේ වාඩි කරයි කියල කිව්වා. ආයේ කිව්වා ගෝඨාභය රාජපක්ෂ පැරදුනොත් ජාතිය අනතුරේ කිව්වා.ඇත්තටම දිනල තමයි ජාතිය අනතුරේ දැම්මේ. කිව්වේ මොකද්ද එයා පැරදුනොත් රට අනතුරේ. ජාතිය අනතුරේ. ඒ කියන්නේ අනාගතය ගැන බයක් හදනවා. 

දැන් රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ ක්‍රියාමාර්ගය වෙලා තිබෙන්නේ අනාගතය ගැන බියක් හදන එකයි. සජිත් ප්‍රේමමදාසත් එහෙමයි. එයයි එයාගේ සහචර කණ්ඩායමයි දැන් පරාජය පිළිඅරගෙන ඉවරයි. දැන් ඒගොල්ල අපිට එල්ල කරන චෝදනාව තමයි අනාගතයේ බයයි. මතක තියාගන්න ඔය හැමදෙනාටම වඩා මේ රට පිළිබඳවත්,මේ  රටේ ජනතාව පිළිබඳවත් ජාතික ජන බලවේගයේ අපිට වගකීමක් තිබෙනවා. ඒ ගොල්ලෝ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි මුහුණ දී තිබෙන්නේ.



අදහස් (26)

’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’

Sara Thursday, 05 September 2024 03:11 PM

මොන සැලසුමක්ද, අනුන්ගේ අරගලයකට රිංග ගෙන ඒක අයිති කරගෙන ඒ ගැම්ම උඹලට හරව ගත්ත.

:       73       190

සමීර Thursday, 05 September 2024 03:17 PM

හැම රැස්වීමටම එකම කට්ටිය අදිනවා. අපිටනම් ඔය කිසිම සැලසුමක් පෙනෙන්නේ නැහැ. මහින්දගේ වහල්ලු දැන් අපි ජෙවිපි කියනවා. එයාලට මහින්ද නැති නිසා ජේවීපී එකේ එල්ලුනා. ඊළඟට රට බංකොලොත් කරන කණ්ඩායම හොයනවා.

:       60       115

තේජන Thursday, 05 September 2024 03:20 PM

පාරවල් දිගට හැම හන්දියෙම පොඩි කඩවල කාර්‍යයාල. රැස්වීම්, උත්සව, සාද. ඔය තරම් සල්ලි කොහෙන්ද? කවුද සල්ලි දෙන්නේ. පිටිපස්සෙන් ඉන්නෙ කවුද?

:       59       109

පිටරැටියා Thursday, 05 September 2024 03:21 PM

ආරම්භයේ පටන්ම ජාතික ජනබලවේගය ගැන උනන්දුවක් දැක්වූවා. විවිධ වෘත්තිකයින් එක්වී සිටින ජාතික ජනබලවේගය ගැන අපිට විස්වාස යි.මාළිමාවට ජයෙන් ජයම වේවා .

:       116       73

Priyantha Dissanayake Thursday, 05 September 2024 03:28 PM

"හාස්කමක්" ආගම සංස්කෘතිය පිළිනොගන්නා ඔයාලා හාස්කම ගැනකථාකරන්නේ කොහොමද..? ඔයාලා මේ රටට කරපු විනාසය අමතක නැහැ. මගේ රටට ජාතියට සම්බුද්ධ සාශනයට වින කරපු අයට , ඒ පරපුරේ අයට ජනාධිපති වෙන්න මොනතරම් අතීතය නොදන්නා තරුණයින් රැවටුවාට මේ උතුම් රට ආරක්ෂා කරන සම්‍යක්දෘෂ්ඨික දෙවියෝ නිරතුරුවම අවදානයෙන් ඉන්නේ.

:       68       138

Fathima Thursday, 05 September 2024 03:35 PM

ඒක ඉතින් අපි හොඳටම දන්නවා .ගොඩක් උද්ගෝෂණ කරවලා ,රට වට්ටලා ,ටොම් පච ,ඩීල් දාලා ගොඩක් වැඩ කරලා . හොඳටම සැලසුම් කරලා තමයි මේ ගමන ආවේ

:       54       112

Nishan Thursday, 05 September 2024 03:50 PM

මොකද්ද ඔයාලාගේ සැලසුම්? ඔයාලාට කිසිම සැලසුමක් නෑ.., බොරුවයි, වංචාවයි. ප්‍රෝඩාවයි ඇරෙන්න. ඔයාලා කලේ කළ දුටුකළ වල ඉහ ගැනීමක් මිසක් සැලසුමක් නෙවෙයි. රටේ ආර්ථික ප්‍රශ්ණය නිසා ඇති වූ ජනතා විරෝධය ඔයාලා වාසියට ගත්තා. එහෙම නැතුව ඔයාලා වැඩ කාරයෝ නෙවෙයි. ඔයාලා හරියට ප්‍රාදේශීය සභාවක් කර ගන්න බැරි වුණු අය...

:       26       118

සිල්වා Thursday, 05 September 2024 09:38 PM

තිස්සමහාරාම නගර සභාවේ පාලනය ඔබතුමන්ලාට එක් වරක් පමණයි ගන්න හැකියාව ලැබුනේ...!

:       1       18

Nimal Thursday, 05 September 2024 04:37 PM

ගවයින් කිහිප දෙනෙකු කුලප්පු වුණාද? ජයග්‍රහණය වැළැක්විය නොහැක. ජයවේවා..!

:       95       29

Manjula Pradeep Thursday, 05 September 2024 04:40 PM

දේශපාලන දැනුවත් නැති මෝඩයන් රැවටුණාට අපි ඒ ගැන හොඳින් දන්නවා. පසුගිය ජනාධිපතිවරණයෙන් පැරදුණු වෙලාවෙම කවදාවත් මිනිසුන්ගෙන් සාධාරණ විදිහකට ඡන්දයක් දිනන්න බැරි බව දැනගෙන එදා ඉඳන් උද්ඝෝෂණ වැඩ වර්ජනයක් බොරු අවලාද ආදිය කළා කොරෝනා කාලේ උපරිම ප්‍රයෝජනයට අරගෙන රට වහන්න කියලා පිටරටවල් ගානේ ගිහින් ලංකාවට සල්ලි එවන්න එපා කියලා රටේ ආර්ථික අර්බුදයක් ඇතිකළා. ඊට පස්සේ මිනිසුන්ගේ ඔලුවලට පාලකයින් ගැන වෛර ඇතිවන විදියේ ප්‍රචාර ගෙනිහිල්ලා මිනිස්සුන්ව ගෙවල් ගිනි තියන්න මිනිස්සු මරන්න උසිගැන්නුවා.. ඊට පස්සේ වෙනත් දේශපාලන පක්ෂියා නිහඬ කරලා තමන්ගේ කැම්පේන් එක අරගෙන ගියා...

:       28       108

විජිත් Thursday, 05 September 2024 04:42 PM

# මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා...!!! අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති...!!!

:       99       34

Manjula Pradeep Thursday, 05 September 2024 04:46 PM

2019 ජනාධිපතිවරණයෙන්ම අනුර කුමාර සියයට තුනයි දශම එකයි හයක් ගන්නත් මෙවර මැතිවරණයේ ජයග්‍රහණය කරන්නත් (වැරැදිලාවත්) අනුර කුමාර හෝ ජවිපෙ රටට කරපු එක හොඳ දෙයක් පුළුවන් නම් කියන්නකෝ...!

:       27       99

Ramani Thursday, 05 September 2024 04:46 PM

අවුරුදු 76 ක් රටේ මිනිසුන් රවට්ටමින් රට හොරාකාපු හොරු රංචුව දැන් බයේ වෙව්ලනවා. ඔවුන්ගේ ජරාව අසූචි කමින් බොරු කොමෙන්ට්ස් දමන අමනයින්ට 21 වෙනිදා රටේ ජනතාව හොඳ පිළිතුරක් දෙනවා. මාලිමාවට ජයවේවා...!

:       88       37

මැක්ස් Thursday, 05 September 2024 04:47 PM

ඔව් ඔව්.... ඉතාමත් සැලසුම් සහගත ලෙස බොරුව සමාජ ගත කිරීම, රටේ ප්‍රගමනය වෙනුවෙන් ඕනෑම රජයක් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීම, රනිල් වික්. සමඟ එකතු වෙමින් අරගල කරමින් ප්‍රගතිශීලී රජයන් පලවා හැරීම, ඇමරිකන් තානාපතිවරිය සමඟ හීන් නූලෙන් වැඩ කිරීම වැනි සැලසුම්නේ ඔබ සහෝදරයා ළඟ තියෙන්නේ...!

:       24       86

යෝගා Thursday, 05 September 2024 05:04 PM

එතකොට කෝවිඩ් වසංගතය ගෙනාවේත් සැලසුම් කරලාද? පෝර ප්‍රශ්නය සහ අනෙක් වැරැදි තීන්දු ගන්නත් ගෝඨාභය එක්ක සැලසුම් කරන්න ඇති නේද? රටේ ආර්ථිකය වැටුණාම ඒකෙන් වාසියක් ගත්තා මිසක් ඔහෙලා කරපු සැලසුමක් නෑ හලෝ.

:       33       91

Sanath Thursday, 05 September 2024 07:41 PM

අවුරුදු 50 කට අධික කාලයක් පක්ෂය කළ කැප කිරීම් වල ප්‍රතිඵලය...

:       47       19

Kumara Thursday, 05 September 2024 07:41 PM

9 වැනි විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක...!

:       10       2

සිල්වා Thursday, 05 September 2024 09:47 PM

මාලිමාව යම් විදියකින් මෙවර බලයට පත්වෙනවා නම් එය පොහොට්ටුවේ අවසානයට වඩා අන්ත බරපතල අවසානය දකිනවා නිසැකයි...!

:       4       6

SHERI Friday, 06 September 2024 03:53 AM

මූ හැමදාම කරේ බලෙන් රට ගන්න එක

:       3       27

සමන්ත Friday, 06 September 2024 06:15 AM

සැලසුම නම් මිනිසුන් ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීවාසිකම් අහෝසි කොට වෛරය සහ ක්‍රෝධ පදනම් වූ උතුරැ කොරියාව සහ කියුබාව වැ නි අසාර්ථක, අසමත් රාජ්‍යක් ගොඩ නැගීමයි. එයට කැමති, බඩගින්නේ, බියෙන් වෙවුලමින් ඉන්න කැමැති උන් චන්ද දී මොවුන් දිනවත්වා. පසුව එන අරගලයට උදව් කරත්වා.

:       5       34

Janak Friday, 06 September 2024 06:51 AM

ඔයාලා විජේවිර ගේ කාලේ ඉදලා තමයි සැලසුම ගැහුවේ රට අගාධයට දාලා බලය ගන්න.

:       6       29

තර්ස්ත මාෂල් Friday, 06 September 2024 07:33 AM

හෙල්මට් බලකායත් ඉන්නවනේ රටේ දියුණුවට . ඒකත් ඉතාම සැලසුම්සහගතව රටේ යහපතට ගොඩනගපු ආරක්ෂක බලකායක්නේ.

:       3       32

Nilantha Friday, 06 September 2024 07:42 AM

නුඹලාට කිසිම සැළසුමක් නැහැ 1971 සිටම විශ්වාස කලේ අරගලයෙන් බලය ලබාගෙන ඒකාධිපති පාලනයක් ගෙනයාමට තමයි චීනයේ මාවෝ සේතුං අරගල නොකර චීන්නු දැනුවත් කරමින් චීනය වටේ ගියා. අන්තිමට තමයි බලය ගත්තෙ. නුඹලාත් රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව පීඩාවට පත් නොකර දැනුවත් කරමින් සැලසුම් සහගතව ඉවසීමෙන් මානව දයාවෙන් ජනතාව නොමරා (ඔහේගෙ සුනිල් මැරුනෙත් එහෙම කියලා ඔහේගෙම කතවෙන් පේනවා ) රටේ සම්පත් විනාශ නොකර (1971 තේ කම්හල් විනාශ කල නිසා සුලු තේ ඉඩම් හිමියන් පීඩාවට පත්වුනා ) කටයුතු කලා නම් අවම වශයෙන් 2000 ට පෙර රටේ පාලනය ගන්න තිබුනා

:       5       48

Duminda Udayakumara Friday, 06 September 2024 09:02 AM

.කමෙන්ට් කරන අය ගැනත් ,ලයික් දාලා ප්‍රමෝට් කරන අය ගැනත් දුකයි . හොර නඩය හොඳටම බය වෙලා

:       41       7

Suranga Friday, 06 September 2024 11:14 AM

මාලිමාවට ජය නියතයි

:       41       4

Rakuka Saturday, 07 September 2024 12:39 AM

බොරුවේ උල්පත් අනුර...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 547 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 179 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 449 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 690 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 178 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 558 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site