IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’

(නිමල කොඩිතුවක්කු)

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවට දුන් පොරොන්දු මෙන්ම ජනතා අපේක්ෂාවන්ට පයින් ගැසූ මාලිමා ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමට ගමේ ජනතාව බලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී රට සුබ නැකැතින් අනුරට බාර දුන්නත් අද වන විට ටොම් පච දේශපාලනය රට පුරා කප් ගහන බවත් ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඊයේ (22)පැවති ජන හමුවක් අමතමින් ප්‍රේමදාස මහතා කීවේය.

සෑම මොහොතකදීම ජනතාව රවටන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවත් ජනාධිපතිවරනයේදී හා මහමැතිවරණයේදී ජනතාව පිට පිට දෙවතාවක් රවටා තුන් වැනි වතාවටත් ටොම් පච දේශනා කරනා නායකයන්ට ගම බාර දෙන්නැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මාලිමා රජය අද වන විට බොරු කීමෙන් ලෝක වාර්තා තබා ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප රු 20000කින් වැඩි කර මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි පැවසුවත්  මේ සියලු පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද ප්‍රේමදාස මහතා කීවේය. 

මාලිමා බලය නැති පළාත් පාලන ආයතනවලට මුදල් නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කරන බවත් පළාත් පාලන ආයතන පනතවත් නොදැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේ.

බලය තිබුණත් නැතත් රජයේ මුදල් තිබුණත් නැතත් සමගි ජන බලවේගය රටට සේවාවක් ඉටු කරන බවත් එම නිසා බිය නොවී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.



අදහස් (8)

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’

Perera Wednesday, 23 April 2025 02:27 PM

අනේ ඔයාට දැන් කීපාරක් ජනතාව පාඩම් කියා දුන්නාද? පාඩම් හිටින්නේ නැද්ද?

:       6       40

ගමේ එකාලා Wednesday, 23 April 2025 02:39 PM

කොහෙන් ද දන්නේ නැහැ ඔය කතා කියන්නේ? පහුගිය මැතිවරණ වලදී ජනතාව පාඩමක් ඉගැන්නුවේ කාටද කියලා රටම දන්නවා. බේගල් වලට ජනතාව රැවැට්ටුවේ ඉස්සර, දැන් ඒ කාලේ ඉවරයි...

:       7       36

Neel Wednesday, 23 April 2025 02:51 PM

ආණ්ඩුවට එරෙහිව එල්ල කරන බොරු ප්‍රචාර හැර වෙන කිසිම චෝදනාවක් නැහැ කියලා මහ ජනතාව හොඳටම දන්නවා. ඒක සජිත් ප්‍රේමදාස දන්නවාද?.. මේ පාර තමයි විපක්ෂය පාඩමක් ඉගෙනගන්නේ... රටට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරලා තව බයිලා කියන්නත් එනවද...?

:       6       27

sakraya Wednesday, 23 April 2025 03:11 PM

ආණ්ඩුවට පාඩම් කියාදෙන්න ජනතාව බලාගෙන හිටියාට ඔයා වගේ ලාමක ටිං ටිං කෙනෙකුට බලය දෙන්න ජනතාව ලෑස්ති නැති බවත් දැනගන්න. රනිල්ගේ මයිලක් තරම් ඔහේ වටින්නේ නැහැ. ඔහෙට ඒ මනුස්සයාගේ පරිචයේ අහලකටවත් එන්න බැහැ.

:       5       14

Kamal Koyrala Wednesday, 23 April 2025 04:01 PM

තලතා ලේකම් තුමියත්, හෙළ උරුමයේ, පාඨලීත්, සන්නස්ගලත් ඔයාට චරිත සහතිකේ දුන්නේ නෑ. ඒකයි දෙවරක්ම ප්‍රතික්ෂේප වුණේ.. මේ ඡන්දයෙන් පස්සේ නායක කමත් ඉවත් කරන්න වෙයි.

:       1       13

janahitha Wednesday, 23 April 2025 04:16 PM

නෑ එහෙම නැහැ. හොර සල්ලි අච්චු ගහපු අයට සහ ඔවුන්ට ප්‍රසිද්ධිය ලැබෙන අයට පාඩමක් උගන්වන්න ජනතාව බලාගෙන ඉන්නවා.

:       2       4

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 04:25 PM

අනුන්ට පාඩම් උගන්වන්න කලියෙන් ජනතාව ඔයාට කියලා දුන්නු පාඩම ඉගෙන ගන්න උත්සාහ කරන්න. ජනාධිපති වෙන්න බැරි නම් අඩුම තරමේ රටට ප්‍රයෝජනවත් විපක්ෂ නායකයෙක් වෙන්න උත්සාහ කරන්න...

:       1       8

ගමේ එකාලා Wednesday, 23 April 2025 04:29 PM

ආණ්ඩුවට පාඩමක් උගන්වන්න, ජනතාවට සිද්ද වෙන එකක් නම් නැහැ.. තමුන්ගේ පක්ෂයේ හිටපු අය නම්, පාඩම් උගන්වලා තියෙන බව නම් පේන්නම තියෙනවා. පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරුවයි ඉන්නේ, තවත් මොන කතාද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 12 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 473 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 554 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 309 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 848 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 463 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 647 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 328 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site