IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


’’කාබනික පොහොර විප්ලවය ආපස්සට හරවන්න දෙන්නෙ නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ විප්ලවය ආපස්සට හැරවීමට ඇතැමුන් විවිධ ප්‍රයත්න දරමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

රසායන පොහොර ආනයනය කිරීමට රජය සූදානම් බවට ඇතැම් වෙබ් අඩවිවල පළ වී ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එම ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසී ලැබූ පාර්ශවයන්ගේ කූඨ ව්‍යාපෘතියේම කොටසක් බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

 



අදහස් (10)

’’කාබනික පොහොර විප්ලවය ආපස්සට හරවන්න දෙන්නෙ නෑ’’

සෙනෙවිරත්න Saturday, 10 July 2021 09:44 PM

හරවන්න නම් එපා, අපි බඩගින්නෙ මැරෙන්න සූදානම්. ඔබ තුමාගෙ පවුලෙ අන්තිමයත් රටේ නායකය වෙන එකයි අපේ අපේක්ෂාව. ඔබතුමා කියනව නම් පිදුරු උනත් කන්නම්. පිදුරුත් නැතිවෙන එක වෙනම කතාවක්

:       114       12

වර්ණකුලසූරිය Saturday, 10 July 2021 11:47 PM

ජනතා උද්ඝෝෂණවලට වැට ගසා චණ්ඩි පාට් දමන එක චණ්ඩි කමක්ද? තීරණය ආපස්සට නොගන්නා හැටි බලන්න උද්ඝෝෂණවලට පනවා ඇති නීතිය ඉවත් කරන්න. ඉදිරි මැතිවරණයේදි තමුන්නාන්සේලාව ආපස්සට යවන්න ජනතාව අමතක කරන්නේ නැත. තමුන්නාන්සේලාගේ බූදලය වශයෙන් සළකා විදේශිකයන්ට ලබාදී ඇති ඉඩම්වලත් කාබනික පොහොර භාවිතය අනිවාර්ය බව රටට කියන්න.

:       28       5

Sri Lanka Sunday, 11 July 2021 01:46 AM

ජයවේවා..!!! 

:       1       15

Puppa Sunday, 11 July 2021 04:49 AM

මෙයාගේ පැටිකිරිය දන්න මිනිස්සු දන්නවා මොනවද ඉස්සරහට වෙන්නේ කියලා... අසාර්ථක මිනිසෙක් පවුල් බලයෙන් පැවැත්ම ඇති කර ගත්තා.

:       60       10

ලුම්බිණි Sunday, 11 July 2021 06:26 AM

අනික රසායන පොහොර ආනයනය කිරීමට විදේශ විනිමයත් ඕන නේ.

:       26       4

69lakshaya Sunday, 11 July 2021 08:03 AM

අපි කාබනික පෝර කන්න වුණත් ලෑස්තියි.

:       62       5

ase Sunday, 11 July 2021 09:37 AM

රසායනික පොහොර ආනයනයට වඩා සහල් ආනයනයෙන් වැඩි කොමිස්ද? දන්නේ නැති නිසා ඇහැව්වේ...?

:       269       182

කිරි පුතා Sunday, 11 July 2021 10:56 AM

අපේ පසට, පරිසරයට වසවිෂ එකතු කරන එක නතර විය යුතුමයි. මිනිසා ජීවත් විය යුත්තේ පරිසරය තුළ තනියම නොව අනෙක් සිියලු ස්වභාවික සාධක සමඟයි.

:       2       112

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 11 July 2021 10:58 AM

කාබනික පොහොර භාවිතයට යොමුවීම වැදගත් දෙයක්. ඒත්, එය සිදුවිය යුත්තේ එක්වරම නොව, කිසියම් ක්‍රමානුකූල පිළිවෙලකට අනුවයි. එක්වරම එය ක්‍රියාත්මක කිරීමට යාම නිසා රටේ බොහෝ ප්‍රශ්න ඇතිවිය.

:       210       181

de silva Sunday, 11 July 2021 11:29 AM

රසායනික පොහොර ආනයනයෙන් 10% ලැබෙන්නේ නැද්ද?

:       44       17

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට
2025 ජනවාරි මස 15 404 0

යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති


සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ
2025 ජනවාරි මස 15 170 0

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද


තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 15 83 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 699 0

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .


පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්
2025 ජනවාරි මස 14 1439 4

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ


අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ
2025 ජනවාරි මස 14 845 0

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 215 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 552 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 299 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site