(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා තවත් සාකච්ඡාවක් යොදාගත් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (4) පස්වරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අද (4) පෙරවරුවේ පැවැති සාකච්ඡාව පිළිබඳව කළ විමසුමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියා එසේ පැවසීය.
ඛනිජ තෙල් බෙදුම්කරුවන් එම සාකච්ඡාවේදී වට්ටම් සමුදල සම්බන්ධ නව සූත්‍රය පිළිනොගත් බව කී එම නිලධාරියා එය පිළිගත්තේ නම් තවත් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළේය.
සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් එම සංගමය ගත් තීරණය සම්බන්ධයෙන් එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඩී.යට ද කැඳවා ඇති බවත් එවැනි තත්වයක් තුළ ප්‍රාකාශකයන් කිරීම සම්බන්ධයෙන් දැඩි බියක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි
ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්න
කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තු
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා
පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබද බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බව ජාතික පොලිස් කොමිෂන් සභ
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’
ජිල්බු Tuesday, 04 March 2025 04:27 PM
දැඩි බියක් ලු, උසස් ලු, නිලධාරියෙක්ලු, ප්‍රකාශයක් දෙන්න බෑලු, ඒත් ප්‍රකාශයක් දුන්නලු
රම්බොඩ Tuesday, 04 March 2025 05:02 PM
කාලයක් තිස්සේ කිසිම රජයකට කිසිම නිවැරැදි තීරණයක් ගන්නට නොදී රටම අකර්මණ්‍ය කරණ කණ්ඩායම් කිහිපයක් ඇත. මේ එයින් එක කණ්ඩායමකි. ඉස්සර නම් මේ කණ්ඩායම් පිටුපස මාලිමාව සිටින්නට ඇත. මොකද මාලිමාවේ එක් කාර්යක් වූවේ ඕනෑම රජයක් අපහසුතාවයට පත් කිරීමයි. දැන් ඔවුන් බලයේය. රටට අපහසුවක් නොවන සේ සියල්ල විසඳේවා යි පතමු.
හසක Tuesday, 04 March 2025 05:16 PM
ඒකනම් ඇත්ත, රම්බෝ... ඉස්සර තීරණ සාමාන්‍යයෙන් ජනතා විරෝධියි. දැන් මේ තීරණය විතරක් ගත්තත් ඒක පොදුවේ රටට වාසියි. ඒ කියන්නේ ජනතා හිතෛෂී. සමහර අයගේ දෑස්වල බැඳී ඇති තිමිර පටල ඉවත්වී සැබෑව පෙනී රටට අපහසුවක් නොවන සේ සියල්ල විසඳේවායි පතමු...
Hasantha Tuesday, 04 March 2025 05:08 PM
කෝර්ට් ඕඩර් එකක් ඕක...!
මැක්ස් Tuesday, 04 March 2025 05:08 PM
බොරු කීම ප්‍රගුණ කර ඇති. ජයතිස්ස ඇතුළු මාලිමා නඩේ කියන දේ පිළිගන්නවාද? බවුසර් නඩේ කියන දේ පිළිගන්නවාදැයි හුදී ජනයින් වන අපට ප්‍රහේලිකාවකි.