IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අනතුරට පත් ගුවන් යානය සම්බන්ධ වාර්තාව පමණක් ලැබී ඇති බව කී අමාත්‍යවරයා බිමල් රත්නායක අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය කර ඇත්තේ එම වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු අනුව බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

"ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව තමා ආවේ. ගුවන් අනතුර සම්බන්ධයෙන්  වාර්තාව තාම ආවේ නෑ. ඒකට දින කිහිපයක් ගත වේවි. ගුවන් යානාවේ වාර්තාවෙන් හෙළිදරව් වෙන දේ තමා බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වේ. අනතුර සම්බන්ධයෙන් මොකද්ද වෙන්න පුළුවන්, කාගේද අඩුපාඩුව ආදිය ගැන කරුණු කියන්න වෙන්නේ සමස්ත අනතුර ගැන වාර්තාව පිටවුණාට පස්සේ.ඒවාර්තාව ලැබුණට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ අදාළ බලධාරියෙක් කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (4)

’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’

මැක්ස් Wednesday, 26 March 2025 04:07 PM

මේ අපුරුවට වැඩ වර්ජනයක් කරගෙන, කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර ගෙන, විරෝධයක් පා ගෙන, විවේචනයක් කරගෙන, කා ගෙන් හරි කීයක් හරි කඩා ගෙන, ලොරි ටෝක්ස් දීගෙන හිටපු හාදයෝ රෑනකට දේශපාලන බලය සහ රට කිරීමට බලය දීල අමාරුවේ දාපු එක නම් වැරදියි ලංකාවේ ජහමනයින්.

:       7       31

සකියම Wednesday, 26 March 2025 04:25 PM

හොරාට කළින් කෙසෙල්කැන වැට පැන්නාම, වටේ අයටත් වැඩක් නෑ. ඒවා ඇරෙන්න. අහන අහන හැම එකටම කට මැත දොඩවන්නේ නැතුව, ගිය වැඩේ කරගෙන එන්න බෑනේ අම්මපා. ආණ්ඩුවේ ඇමතියෙක් නේ... හොරකම් නොකරන එක ඇරෙන්න අනිත් වැඩ නම් වෙනසක් වෙලා නෑ වගේ...

:       3       18

Dog vs donkey Wednesday, 26 March 2025 06:10 PM

ප්‍රවාහන ඇමැති ආරක්ෂක ඇමැතිගේ වැඩ කරන්න හදන්නේ බල්ලාගේ වැඩය බූරුවා කරා වගේ තමයි. සුනිල් වටගල නියෝජ්‍ය ඇමැති බූරුවා කිව්වේ වැරැදි මිනිහාට. නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තාලු. මදැයි උගත්, නැණවත් පිරිසකට රට බාර දුන්නා. රන්ජන් රාමනායක පාර්ලිමන්ට් ජෝක්ස් කියලා බයිස්කෝප් එකක් හැදුවේ නිකං නෙවෙයි. දැන්නේ ඒක පෙන්නන්නේ.

:       2       17

යෝගා Wednesday, 26 March 2025 08:51 PM

එහෙනම් කන්ටේනර් හොරා කිව්වේ යානාවේ දෝෂයක් නෑ කියලා?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප
2025 මාර්තු මස 29 341 0

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා


දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර?
2025 මාර්තු මස 29 1093 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


ඇමැති බංගලා තානාපතිවරුන්ට
2025 මාර්තු මස 29 961 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.


අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා
2025 මාර්තු මස 29 554 2

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප


චාමරත් ගෙදර කෑම ඉල්ලයි
2025 මාර්තු මස 29 1305 9

තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල


දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු
2025 මාර්තු මස 29 3229 4

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 551 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 710 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1422 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site