(අංජුල මහික වීරරත්න)
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
මේ ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරන ඡන්දයක් මිස ජනාධිපති මැතිවරණයක් නොවේ යැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.
"මාලිමාවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් හැටියට මෙය යොදා ගන්නා ලෙස ජනාධිපති කියා තිබෙනවා.මේ මාස අටේ නවයේ හොඳට වැඩ කරලා තියනවා කියලත් කියනවා.
දැන් ලංකාවෙ හැම කොනටම ගිහින් කරපු වැඩ ගැන කතා කරනවා.ඊළඟට මට බනිනවා.විපක්ෂ නායකතුමාට හොඳ කියනවා.මෙහෙම ඡන්දයක් නම් මම දැකලා නෑ.
මම තරඟ කරන්නෙත් නෑ. ප්‍රසිද්ධ රැස්වීම් වල කතා කරන්නෙත් නෑ.දැනුවත් කිරීමේ රැස්වීම් දෙක තුනක විතරයි කතා කරන්නේ.
මැයි දින සැමරුමත් එනවා.ආණ්ඩුවේ අය ගෝල් පේස් පිටියේ එය කරන්නට යන බව කියනවා.දේශපාලන වැඩ වලට ගෝල් පේස් පිටිය දෙන්නේ නැතැයි අප එදා තීරණය කර තිබුණා.ඒකට ඔක්කොම පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාවය කඩනවා.මේ ප්‍රතිපත්තිය මොකක්ද?
විශාල රැස්වීමක් තියලා අපිට ප්‍රයෝජනයක් නෑ.ඡන්දෙට කලින් අන්තිම නිවාඩු දවස මැයි පළවෙනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කරන්න අප තීරණය කර තිබෙනවා.හය වෙනිදා ඡන්දය දුන්නාම අපේ ශක්තිය පෙන්වන්න පුළුවන් යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.
(ඡායාරූප ප්‍රදීප් පතිරණ)
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
Neel Tuesday, 29 April 2025 02:28 PM
කරල තියෙන වැඩ වල හැටිය බැනලා විතරක් මදි පස්සට තව දේවල් සිද්ධ වෙයි
නිසා න්න Tuesday, 29 April 2025 02:35 PM
බැනල මදි වැඩිම කාලයක් පාර්ලිමේන්තු පින් බන් කාලා රටට මෙලෝ දෙයක් නොකරපු අසාර්ථක ම පාලකයා ලෙස ඉතිහාස ගත වෙනවා ,.
අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 02:37 PM
රටේ ජනාධිපති මෙයාට බයවෙලා වගේ එකක් අගවන්නයි මේ හදන්නේ ! පවු අනේ ඔයා, ඊයේ අපි දැක්කා අල්ලස් කොමිසමට ගිහිල්ලා ඇවිල්ලා කෙරුව මාධ්‍ය සාකච්ඡාව මුහුණ රතුවෙලා වචන පැටලෙනවා කොලයක් බලාගෙන කියවනවා, දෙපැත්තෙන් දෙන්නෙක් ලග තියාගෙන අමතක වෙන ඒවා මතක් කරන්න. මම නම් මීට කලින් කවදාවත්ම දැකලා නැහැ මෙයා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. කවුද බයවෙලා ඉන්නේ කවුද කළබල වෙලා ඉන්නේ කියලා අපිට හොදටම තේරුනා. අනුරට නම් ඔයා නතින් !
ගමේ එකාලා Tuesday, 29 April 2025 02:47 PM
දසක වසරකටත් වැඩි කාලයක් දේසපාලනේ කරපු තමුන්ගේ කියුම් කෙරුම් අපි හොන්දහැටි දැකලා තියෙනවා.පළාත් පාලන චන්දෙට දින නියම කරලත්, පළාත් කීපයක චන්ද පත්‍රිකා.පවා මුද්‍රණය කර තිබියදීත් එය නැවැත්තුවා.තවත් කවර කතාද?
saman Tuesday, 29 April 2025 02:53 PM
මේ මනුස්සය ගැන පට්ට දුකක් තියෙන්නේ. ඇත්තටම මේ ආණ්ඩුව පත්වෙන්න කලින් ඉදන්ම මේ මනුස්සය ගැන රටේ ජනතාවගේ කැමැත්තක් තිබුනේ නැහැ. සමහරවිට මේ රටට නොගැලපෙන හැසිරීම් රටාව නිසා වෙන්න පුළුවන්. දැක්ක දෙයක් තියෙනවා බලය ලැබුනහම පිම්බෙනවා. මිනිහට ජනතා ප්‍රසාදය තියෙනවද කියල වැඩක් නැහැ. මමයි රජා වගේ ඉන්නේ. බලය නැති උනහම විහිලු කතා කියා කියා රට වටේ යනවා.
Liyanage Tuesday, 29 April 2025 02:55 PM
මේ කාලකන්නියවනම් හිරේට දාලම තියන්න ඕනේ එකෙක්
Amal Tuesday, 29 April 2025 02:55 PM
මොකක්ද සීයේ මේ වැඩේ තේරුම...? නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ නාහෙන් අඩ අඩ හැමදාම .... හැම ඉන්ටවිව් එකේම බුද්ධාගම කියෙව්වට ඔයා ඇත හැරීම ගැන අහල නැහැ වගේ....
ගුණරත්න Tuesday, 29 April 2025 02:58 PM
උන්නැහේ ජනාධිපති වුනාට අර තරම් බලයක් තිබුනාට වැඩක් කරගන්න බැහැ, මොකද වැඩ කරලා පුරුදු කට්ටිය නෙවේ, ඒ අයට පුරුදු උද්ගෝෂණ කරන්න ලොක්කන්න බනින්න වර්ජන කරන්න විනාශ කරන්න. ඉතින් පුළුවන් දේ තමයි ඔය කරන්නේ
Akila Tuesday, 29 April 2025 03:00 PM
එතකොට ආපහු චන්දෙ ඉල්ලන්නෙත් නැති පිස්සෙක් පක්ෂෙක නායක කම බලෙන් අල්ලාගෙන මලිමවට බැන රටේ වටේ යන එක මොකක් හරි මානසික ලෙඩක් නෙමෙයිද ?
බකල ජයා Tuesday, 29 April 2025 03:06 PM
ජනාධිපති විතරක් නෙවේ - රටේ මොලයක් තියෙන හැමෝම ඔබතුමාගේ හොඳ කිය කිය යනවා. දෙමව්පියන්ටත් පිං දෙනවා.
de silva Tuesday, 29 April 2025 03:08 PM
ඕව ගණන් ගන්න එපා , ඉස්සර අපි පොඩි කාලේ විජේකුමාරතුංග සහ විල්සන් කරූ දෙන්න ගහගන්න කොට සිතුවේ දෙන්න නඊ වෛරය කියලා , නමුත් දැන් දන්නවා එහෙම නැහැ කියල , අපි ඔය දෙන්නගේ ජෝක් බලලා හිනා වෙනවාද නැතිනම් අඩනවද කියල හිතාගන්න බැරිව සිටිනවා මිසක් ඕව විශ්වාස කරන්නේ නැහැ ,
මැක්ස් Tuesday, 29 April 2025 03:35 PM
වැඩ බැරි, කයිවාරුව පමණක් ඇති ජනපති කෙනෙකු වෙන කුමක් කරන්නද?
බද්රානි Tuesday, 29 April 2025 03:59 PM
එදා මේ රටේ ප්‍රබලම දේශපාලන පක්ෂය වන යූ එන් පී පක්ෂය විනාශ කල පුද්ගලයා මේ රටේ විනාශයටත් වගකිව යුතුයි කියලා ආයේ අමුතුවෙන් කියන්නත් ඕනෑද...? ජේ ආර් ජයවර්ධන මොහු මෙන් "කටින් බතල හිටවන" නායකයෙක් නොවෙයි... එතුමා උගතුන්ගෙන් වැඩ ගත්තා.. මේ පුද්ගලයා වැඩ බැරි ටාසන්ලා (හොර තක්කඩින්) සමග තවමත් ගේම් සෙල්ලමේ යෙදෙනවා... මහදැන මුත්තා වගේ බක පණ්ඩිත කතන්දර කියන්න නම් මොහු හපනෙක් බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. මහජනතාවගේ ඡන්දයෙන් පැරැදිලා, විපරිත ව්‍යවස්ථාවට පින්සිද්ධ වෙන්නට තක්කඩි රැලකගේ ඡන්දෙන් ජනාධිපති වුණු ලෝකයේ එකම පිං ජනපති... දැන්වත් මේ රටේ ජනතාවට පව් නොදී පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න.
රම්බොඩ Tuesday, 29 April 2025 04:17 PM
දකුණේදි රනිල්ට බනිනවා. උතුරට ගිහින් මහින්දට බනිනවා. මෙහෙම කූචිකිචයියෙක්නම් මං දැකලාම නෑ. මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන්ට නම් මෙව්වා මරු වැඩ...!
Asela Tuesday, 29 April 2025 04:35 PM
අපි කවදාවත් දැකලා නැහැ මේ වගේ පහත් ශ්‍රේණියේ ජනාධිපතිවරයෙක් හැම අස්සක් මුල්ලක් නෑරම ඕපාදූප පතුරුවනවා. බොරු කීමට කුප්‍රකට අනුරගේ ලක්ෂණය මෙයයි. ඇත්ත වශයෙන්ම, සියලුම එන්පීපී නායකයින් සහ වහලුන් ගිලෙන මහජනතාව රැවටීමට අමූලික බොරු කියති. වහලුන් ක්‍රියා කරන්නේ හිතාමතාම වඳුරන් ලෙසයි.
ගමේ එකාලා Tuesday, 29 April 2025 05:50 PM
හිටපු ජනපතිලා කියපු කරපු දේවල් නිසා රටම බන්කොලොත් වුණා. රැවැටිලිකාරයෝ, ගුණමකුවෝ... ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කෑවා. ජනතාව පැන්නුවේ නිකන්ද?
ChathuriTuesday, 29 April 2025 06:39 PM
ඔබලා කවදාවත් දැක්කේ නැත්තේ අසේල.... ඔවුන් කෙරුවේ... හැන්ගිලා එකාට එකා කොටවපු නිසා ඔවුන්ගේ කොන්ද පණ නැහැ. වරදක් කියන්නේ නැහැ.. කොටවනවා. සිරිසේනයි, නාකිමයිනායි. ගිවිසුම් ගහපු විදිය මතකද? මොවුන් මහ රෑට යන්නේ ගෙවල් වලට. අනුරට ඒ වගේ පහත් වැඩ නැහැ. මොවුන් කරපු හැම හොර වැඩක්ම පෙන්නලා දෙන්න ඕනෑ. මේ අපි ලියන ඒවාට විරුද්ධව ඔබලා තමයි පැරදිලා ගෙදර ඉන්නේ.
Thusitha Tuesday, 29 April 2025 05:54 PM
මොවුන්ට රැස්වීමක් තියාගන්න මිනිස්සු නැතිකම කියන්නෑ ...
චතුරි Tuesday, 29 April 2025 06:32 PM
අම්මා හිටියා නම් කියන්න තිබුණා. අම්මේ මල්ලි. ජනාධිපති වුණා කියලා. මට බැන බැන. ගම වටේ යනවා කියලා. හැම ඡන්දයක්ම වටිනා නිසයි මෙහෙම කියන්නේ. ජනාධිපති තරගය. වුණත්, ග්‍රාමසේවක තරගය වුණත්.. කලින් අයගේ ජරා වැඩ මතක් කරලා දීලා. අලුත් ආණ්ඩුවට... හොරු නැති මොල ඇති කට්ටිය තෝරා ගන්න ඕනෑ. තමුන් මේ දේවල් කෙරුවාද? මයිනත් කෙරුවේ කෝටි ගණන් මුදල් දෙමින් ජනතාවගේ. මුදල් හොරුන්, තක්කඩියන් අර ගත්තු ර්ක ඒවල සාපේ තමයි මේ. නායකයත් හොරා, පොඩි මිනිහත් හොරා. දැනට ජීවත්වෙලා ඉන්න සේරම ජනාධිපතිවරු අත්අඩන්ගුවට ගන්න. මොවුන් සේරම රටේ මුදල් දේපල සොරාකාලා... ගොබ්බ පැට්වුන්ටත් දුන්නා.
fairoos Tuesday, 29 April 2025 07:12 PM
රටම බංකොළොත් කරපු අයට බනින්නේ නැතිව බුලත් තියලා වඳින්න ඕනෑ...?