IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


’’තානාපතිවරු පත් කරන්න සාධාරණ කාලයක් අවශ්‍යයි’’

(විමුක්ති එස් රුද්‍රිගු)

නව රජය පත්වීමෙන් පසු තානාපති සහ මහා කොමසාරිස් කාර්යාල කීපයකට සිදු කර තිබූ දේශපාලන පත්වීම් අවසන් කිරීම නිසා කාර්යාල කීපයකම පුරප්පාඩු ඇතිවී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. නමුත් තානාපතිවරු සහ මහා කොමසාරිස්වරු පත්කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබාගැනීමට සිදුවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එම එකඟතාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එකී විදේශ රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා මෙන්ම එම විදේශ රාජ්‍යය සතුව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් වෙතොත් එය හරහා ද එම රාජ්‍යයේ රජයට ඉදිරිපත් කරනු ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම එකඟතාව ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස් ය.

සමහර රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටිය ප්‍රකාරව එම එකඟතාව ලබා දීමට මාස තුන හතරක් වැනි දීර්ඝ කාලයක් ගන්නා බවත් තවත් රටවල් එතරම් දීර්ඝ කාලයක් නොගෙන එම එකඟතාව ලබාදෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. කෙසේවුවද, සාමාන්‍යයෙන් එම කාලය මසක් හෝ දෙකක් විය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එලෙස විදේශ රාජ්‍යයකින් එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එසේ ඔහු හෝ ඇය එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිනුයේ එම සති දෙකක කාලය ඉක්ම යෑමෙන් අනතුරුව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබුණු පසු එම තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීමේ මූලික නෛතික පසුබිම සකස් වෙන බවත් ඉන් අනතුරුව අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සති දෙකක පමණ වැඩසටහනක් සංවිධානය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව, පත් කරන ලද තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීම පිණිස අදාල විදේශ රාජ්‍යය වෙත පිටත්ව යෑමට හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.



අදහස් (1)

’’තානාපතිවරු පත් කරන්න සාධාරණ කාලයක් අවශ්‍යයි’’

sam Sunday, 05 January 2025 12:42 PM

මයිනලාගේ, ජොලියලාගේ කාලේ පට්ට හොරු එක රැයින් පත් කළා. දැන් නියම දේවල් තමයි කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ගාල්ල බන්ධනාගාරයට විසි කළ ටෙනිස් බෝලයේ මත්ද්‍රව්‍ය
2025 ජනවාරි මස 07 38 0

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුල සඟවා එය ගාල්ල බන්ධනාගාරය තුලට අද(07) සවස විසි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


ලක් ආයතන හතරක් චීන ආයතන හතරක් එක්ක ගිවිසුමක්
2025 ජනවාරි මස 07 121 0

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ පත් කරයි
2025 ජනවාරි මස 07 99 0

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පී. බී.ටර්නි ප්‍රදීප් කුමාර මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හානියක් නැති බස් අලංකරණයට ඉඩ දිය යුතුයි
2025 ජනවාරි මස 07 327 0

යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොද


වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට
2025 ජනවාරි මස 07 125 0

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර


අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි
2025 ජනවාරි මස 07 249 0

ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 468 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 244 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 229 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site