(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ තීරණයත් එයම වීම නිසා එම තීරණ වෙනස් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා අද (3) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන් සමඟ හෙට (4) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී සියයට 3 ක වට්ටම් මුදල අඩු කිරීමට අදාල පැහැදිළි කිරීමක් පමණක් කිරීමට බලාපොරොත්තු වන බව කී නෙත්තිකුමාරගේ මහතා පිරවුම්හල්හිමියන් රුපියල් 63,000 ක් පමණක් ලාභ ලබන්නේ යැයි ප්‍රකාශ අසත්‍ය මෙන්ම ඔවුන් ලක්‍ෂ ගණනින් ලාභ ලබන බව ද සඳහන් කළේය.
සියයට 3 ක වටට්ම අඩු කිරීම පිළිබඳව ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන බොහෝ පුද්ගලයන් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් නොවන බවත් ඔවුන්ට වට්ටම පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් අදාල සමාගම් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා කීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද පෙරවරු පැවැත්වීමට නියමිත සාකච්ඡාවට ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන්ට පමණක් ආරාධනා කර ඇති බවත් එම සාකච්ඡාවට වෙනත් පිරවුම්හල්හිමියන්ට සහභාගිවිය නොහැකි බවත් මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා
පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ
නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’තීරණයේ වෙනසක් නෑ’’ ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි