(අංජුල මහික වීරරත්න)
දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබෙන බවද අමාත්‍යවරයා කීය.
"ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියලා. අපි එයාවත් හොයනවා. සෙව්වන්දිවත් හොයනවා. තව ඔබලා නම නොදන්න කිහිපදෙනෙක් හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේ 13ක් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තියෙනවා. නඩු පැවරීම ආරම්භ කරනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුත් ඉන්නවා. මේ පරීක්ෂණ කරගෙන යනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදිලා තියෙන්නේ.
පොලිසිය උපරිමය කටයුතු කරමින් ඉන්න කියන්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. අපි නොදන්න පොලීසිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන එක තමා හොඳ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බවට සහතික වෙන්න පුළුවන් යැයි මධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීය.
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමියේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසැලකින් රන් මාල තුනක් කොල්ලකා පළා යමින් සිටි පුද්ගලයෙකු වෙළෙදසැල් හිමියන් පිරිසක් එක්ව ලුහුබැඳ
හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට
මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහ
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
’’දේශබන්දුලාට-සෙව්වන්දිලාට ගැලවීමක් නෑ’’
ජිල්බු Tuesday, 18 March 2025 02:37 PM
කවුද වෙද මහත්තයෝ ඒ අයව අලවං ඉන්නෙ?
කොඩිකාර - Tuesday, 18 March 2025 02:49 PM
දකුණු පලාතේ ගොඩක් අපරාධ නලින් දන්නවා. දැන් නලින් ඒව ගැන කථාවක් වත් නැහැ. හැබැයි ඡන්දෙ දිනනකම්ම කටේ තිබුණෙ ඒව තමයි. අනුර කුමාරත් ඒව කථා කලා.අම්බලන්ගොඩ දි මරපු නයිදුවහේවා ගැන. කෝ දැන් සද්දයක් වත් නෑනේ.
රම්බොඩ Tuesday, 18 March 2025 02:52 PM
ගනේ මුල්ලෙ සංජීව ඝාතනය කළ අය නම් බඩ බැඳගෙන හොයනවා. පරණ යාලුුවෙක්ද මහත්තයා ?එයා ගියේ යන්න ඕන ගමන සහ ඕන නම් හොයලා බලන්න වහපු ඇස් ඇරියා වගේ නිරයේ ඉපදිලා ඇති.
Kazi Shajahan Tuesday, 18 March 2025 02:53 PM
ඔක්කොම අද නොවේ හෙට, අපි ඔයාලාව පත් කළේ 2/3 දීලා කෙඳිරි ගාන්න නෙමේ, අපි ඕනෑ අවස්ථාවේ වැඩ ඉවර කරන අය. දැන් බලනකොට NPP එකත් යන්නේ රනිල් ගිය මාර්ගයෙන් නේ!
Hemantha Tuesday, 18 March 2025 03:01 PM
හ හ හා .කොහෙන් හිනා වෙන්නද ඕනේ
යෝගා Tuesday, 18 March 2025 03:04 PM
මේ ආණ්ඩුවේ අමාරුම ජොබ් එක කරන්නේ මේ හාදයා. පච, කයිවාරු සුද්ද කිරීම, වැඩ බැරිකම, නොහැකියාව මේ හැම එකකටම මොකක් හරි බොරුවක් කියන එක ලේසි නැතුව ඇති. මෙයාගේ ප්‍රකාශ වලනේ මාලිමා ඩෝබිලා සෙට් එක එල්ලිලා ඉන්නෙත්. බදාදා කිට්ටු වෙනකොට උණ වගේ ඇති.
Lotus Tuesday, 18 March 2025 03:40 PM
දේශබන්දු නම් අල්ලගනිවි ඒ මනුස්සයා තමුන් විහින්වත් ඉදිරිපත් වුණොත්. මොකද එයාව මිනිස්සු දන්නවා වැඩියි. රටින් පැනලා මොන විදිහට හරි වෙන රටක ආරක්ෂාව ගත්තොත් මිසක් එයාට දිගටම හැංගිලා ඉන්න අමාරු වෙයි. ඒ වුනත් සෙව්වන්දි??? කොහෙන් කියලා හොයන්නද. මෙලහකටත් රටිනුත් පැනලද කොහොමද දන්නේ. දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනේ.
Bishan Tuesday, 18 March 2025 03:43 PM
කයිය නායකලා කියන්නේ නිකං ඇයි?