IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’

(ආරියරත්න  රණබාහු )

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත්  ඒවාප්‍රසිද්ධ නොකළ බැවින්  එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක්  යැයි  පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ  මහතා  මාධ්‍ය හමුවකදී අද (07) පැවසීය

අදාළ එම වාර්තා අධ්‍යයනයකොට ජනාධිපතිවරයා කටු වාපිටිය ට  ගියේ නම් එහිදි  වින්දිතයන්ඇසූ ප්‍රශ්නවලටවැනෙන පිළිතුරු නොදී සෘජු පිළිතුරු ලබා දිය හැකිව තිබුනේ යැයිද ගම්මන්පිල මහතා කීය

මෙම මාධ්‍ය හමුව පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි .එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා.  නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්.  පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අළුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා.  අපේ බුද්ධි අංශ වලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා.  ඒ විමර්ශන වාර්තාව පසුගිය ජූනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා.  නමුත් අබිරහස් හේතුවකට කාව හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කලේ නෑ.  ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු  ඒ එන් ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුනත් එකක්වත් ප්‍රසිද්ධ කලේ නෑ.

ජනාධිපතිතුමා මේ වාර්තා අධ්‍යනය කරලා කටුවාපිටියේ ගියා නම් මේ වාර්තා අරගෙන කටුවාපිටියේ ගියා නම් වින්දිතයින් නගපු ප්‍රශ්න වලට වැනෙන්නේ නැතිව කෙලින් පිලිතුරු දෙන්න තිබුණා.  මේ වාර්තා දෙක සොයා ගන්න බැරි නම් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයාට කතා කරලා කොහෙද තිබ්බේ කියලා අහන්න.  ඒත් හොයා ගන්න බැරි නම් නීතිපතිතුමාට කතා කරන්න.  පිවිතුරු බුද්ධි අංශ වාර්තා අනුව හිටපු ජනාධිපති ලේකම් මේ වාර්තා දෙකේම පිටපත් නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා.

ජනාධිපතිතුමා බලයට ඇවිත් දැන් සති දෙකකටත් වැඩියි.  ඒත් කටුවාපිටියේ යනකොටවත් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න මතක් වුණේ නෑ.  මහජන මුදලින් හදපු මේ වාර්තාවල අන්තර්ගතය ගැන දැන ගන්න පාස්කු වින්දිතයින්ට විතරක් නොවේ සමස්ත ජාතියටම අයිතියක් තිබෙනවා.  හිටපු ජනාධිපති මේ වාර්තා සැඟෙව්වේ එතුමාගේ හිතවතුන් බේරා ගන්න කියලා අපි හිතමු.  වර්තමාන ජනාධිපතිත් මේ වාර්තා සඟවන්නේ ඇයි? හිටපු ජනපතිතුමන්ට රැකගන්න අවශ්‍ය පිරිසම වර්තමාන ජනපතිතුමන්ටත් රැකගන්න අවශ්‍යද? නැති නම්  මේ ආණ්ඩුව පිටුපස සිටින අදිසි හස්තය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ද? “රනිල් ගිහින් රනිල් ඇවිත්” කියලා කොළඹ සමාජයේ තිබෙන කසුකුසුව ඇත්තක්  විය හැකි බවද හෙතෙම පැවසීය .



අදහස් (6)

’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’

විපරමා Monday, 07 October 2024 04:39 PM

තමුන් කොහොම කෙනෙක් ද කියලා අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. ඔය තරමට පාස්කු ප්‍රහාරයේ වාර්තා ගැන දැනගෙන හිටියා නම් මෙච්චර කල් බලන් හිටියේ අහවල් දේකටද?

:       9       49

රම්බොඩ Monday, 07 October 2024 04:40 PM

වගකීම් සහිතව යමකට මුහුණ දෙනකොට වගකීම් රහිතව කතා කරනවා වගේ නෙවෙයි... මං හිතන්නේ වර්ථමාන ජනාධිපති තුමත් දැන් වගකීම් සහිතව කතා කරන නිසා පරිස්සම් වෙනවා.

:       5       34

SusaMonday, 07 October 2024 05:57 PM

රම්බොඩ. ඔන්න ඕක තමයි නියම කතාව. වගකීම් සහිත සහ රහිත කියන දෙක. ඉස්සර වගකීම් රහිතව හිටි කාලේ කියපුවා පවා නොකිව්ව විදිහට ඉන්න වෙනවා වගකීම් සහිත වුණාම. බලය ලැබෙන්නම ඕනේ ඒකේ අමාරුව දැනෙන්න. දැන් ඉතින් පරණ ජනාධිපතිවරුන් කරා වගේ දේවල් හංගාගෙන කරන්න වෙලා ඇති...

:       5       9

Kamal Koyrala Monday, 07 October 2024 05:17 PM

පහුගිය ටිකේ පාර්ලිමේන්තුවේ හිටියනේ.. එතකොට අහන්න තිබුණනේ ආණ්ඩු පක්ෂයේ ඉඳන්ම...!

:       0       8

අරවින්ද මොනරවිල Monday, 07 October 2024 05:32 PM

ජනාධිපතිතුමා කරන්න ඕනෑ මොනවාද? නොකරන්න ඕනෑ මොනවාද කියලා හොඳටම දැනගෙනයි ඔතැනට ආවේ. ඒ නිසා කේවට්ටයින්ගේ හරි, නිවට ඇම්බැට්ටයින්ගේ හරි උපදෙස් ජනාධිපතිතුමාට වුවමනා වෙන එකක් නැහැ...!

:       0       3

Gunendra Monday, 07 October 2024 05:56 PM

අපේ රටේ අප්‍රසන්නම දේශපාලකයින් තුන් දෙනෙක් තේරුවොත් මෙයත් ඉන්නවා. අවුරුදු 25ක් විතර කලේ බොරු කීම පමණයි. මේ පාර ගෙදර නවතීවායි පතමි.

:       1       18

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 1251 0

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 710 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2166 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1343 6

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2414 2

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 783 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39321 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25639 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1118 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site