IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


’’පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා’’

(ආරියරත්න රණබාහු)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බවත් එසේ නොමැති නම්  එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන  බව පිවිතුරු  හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල  මහතා අද (14)කොළඹ පවති මාධ්‍ය හමුවකදී පැවසීය

පිට කෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒබව පැවසු ගම්මන්පිල  මහතා එහිදී  මෙසේද  කීය.

පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා හිස් අතින් කටුවාපිටිය පල්ලියට ගිය එක වැරදියි, පල්ලිය හැමදාම ඉල්ලන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු දෙකේ වාර්තා දෙක අරගෙන යන්න තිබුණා කියා මම ප්‍රකාශ කලා. 

තවදුරටත් පමා නොකර මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.  මේ පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමතිතුමාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළා.  එවිට ඇමතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා.

ගරු ඇමතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ.  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදි කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ.   නමුත් ඒ කොටසේ තමයි මහ මොලකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදි කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට බාර දුන්නා.  ඒ කොටස් වලින් මහ මොලකරු සොයා ගන්න නම් බැරි වෙලා තිබෙනවා.  ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.  නැතිනම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.

අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ජනක් ද සිල්වා වාර්තාව නොවේ.  දැනට ප්‍රසිද්ධ නොකරපු එස් අයි ඉමාම් වාර්තාවයි, ඒ එන් ජේ ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ.  විශ්‍රාමික විනිසුරු එස් අයි ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත්, විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14ත් හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. මෙන්න මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න. කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ඇන්තනී පියතුමන් පුන පුනා කියන්නේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලයි. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබතුමා කියන ආකාරයට පිටු වගයක් අඩුවීම නම් අඩු පිටු ටික මට කියන්න.  ඒ පිටු ටික මම දෙන්නම්.  මොකද ඔබතුමාලාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොයා ගන්න බැරි වුණු වාර්තා දෙක අපට ලැබිලා තිබෙනවා.  අපි ඒක ප්‍රසිද්ධ නොකරන්නේ ජනාධිපතිතුමා පත් කළ කමිටුවක වාර්තාවක් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති නිසා.

මෙවැනි සංවේදී කරණයක් පිළිබදව අපිට තවත් බලා ඉන්න බෑ. ආණ්ඩුව හරියටම දින හතක් ඇතුලත මේ වාර්තාව ප්‍රසිද්ධ කලේ නැති නම් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියන අනතුරු ඇගවීම අපි කරනවා.  මේ වාර්තාව ප්‍රසිද්ධ කල පසු අනුර පානයෙන් මත් වෙලා ඉන්න ජනතාවකට සිහි එළවා ගන්න හැකි වේවි කියලා අපි හිතනවා.

වාර්තා මගේ ලගයි කියලා රෑට මගේ කාර්යාලය කඩන්න සැලැසුම් කරන්න එපා. මොකද අපි ඒ සමස්ථ වාර්තා දෙකම ස්කෑන් කරලා එහි පිටපත් රහසිගතව අන්තර්ජාලයේ  තැන්පත් කරලයි තියෙන්නේ.

සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන ශිරන්ත ජයලත්, සේකන මංගල යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට  එක්ව සිටියහ.



අදහස් (4)

’’පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා’’

ishan Monday, 14 October 2024 03:13 PM

මෙච්චරකල් කොහේද මෙයා හිටියේ?

:       7       48

වින්දිතයා Monday, 14 October 2024 03:32 PM

ඇයි මෙතෙක් කල් ප්‍රසිද්ධ නොකර කෙකර ගගා බලාගෙන හිටියේ...? නිකං බොරු එපා හලෝ. ලබන මාසෙ ඉඳන් ඔයත් කුණු කූඩයට තමයි..!

:       8       40

සෙනෙවිරත්න Monday, 14 October 2024 03:38 PM

අපරාදෙ අතේ තිබිලත් ඕක නිදහස් නොකර ඉඳීම වරදක්නේද? කාදිනල්තුමා අච්චර කියද්දී ඔය කතාව නොකීවේ ඇයි? රනිල්ට ගෝඨාභයට බයටද එසේ නොකලේ?, අනුර ඕක ප්‍රසිද්ධ නොකරන්නේ සමහරවිට ඕක දැකලාවත් නැතිව ඇති, ජනාධිපති මන්දිරේ මේසයක් උඩ තිබුණා නම් පල්ලියට යනකොට ගෙනියන්න තිබුණා. මෙයාලාට මයික් අල්ලන අයට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද?

:       4       30

Pradeep Kumara Monday, 14 October 2024 03:40 PM

ඇයි ඉතිං මෙච්චර කාලයක් බලාගෙන හිටියේ? ඔච්චර වුවමනාවක් තිබුණා නම් කලින්ම ඕක කරන්න තිබුනනේ. ඇයි දැන් මේ සංදර්ශණ, මහ මැතිවරණය ලඟ නිසාද?

:       4       32

ඔබේ අදහස් එවන්න

දියත

වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 119 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 2313 0

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 565 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 142 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා ඇහිපිල්ලමක්වත් වෙනස් කර නෑ
2024 ඔක්තෝබර් මස 14 868 0

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර


එ.ජා සංවර්ධන සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 14 432 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 390 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 447 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1406 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site