IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’

(නිමල කොඩිතුවක්කු)

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි සඳහා මොනරාගලදී එක්වෙමින් අද (18) පැවසීය.

රටේ ජනතාවගේ වගකීම සමගි ජන සන්ධානය භාර ගන්නා බවත් දක්ෂ, පලපුරුදු  කණ්ඩායමක් සමග පොදු ජනතාවගේ අයිතීන් සුරකින පොදු ජන යුගය බිහි කරන  බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රට ගොඩනැගීමට පාට පක්ෂ භේදයකින් තොරව  ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට සමගි ජන සන්ධානය වටා එක්වන්නැයි ආරාධනා කරන බවත් ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ  අවසන්  ප්‍රචාරක රැළි සඳහා මොණරාගල දී ඊයේ (18) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එම රැස්වීම්වලදී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද කීවේය.

“බුද්ධි අංශ වාර්තා අනුව ලක්ෂ විස්සකට වැඩි ඡන්දයෙන් අපි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය  ජයග්‍රහණය කරනවා. මගේ කකුලෙන් අදින අනුර රනිල් දේශපාලන ජෝඩුව අද පහළ මට්ටමට වැටිලා.
උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය අපි ආරම්භ කළා. එහෙම කරපු පළවෙනි අපේක්ෂකයා   මමයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය අඩංගු සියලුම යෝජනා අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.

අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ජයග්‍රහණය සාමයෙන් භුක්ති විඳින්න කියලා මම ලක්වාසී සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසිවකුටත් හිංසා පීඩා කරන්න එපා. සමගි ජන බලවේගය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩ නැහැ. විරුද්ධ මතධාරීන්ට කිසිදු හානියක් සිදු කරන්න එපා. ඒ අයත් රට ගොඩනගන වැඩපිළිවෙලේ කොටස්කරුවන් කර ගත යුතුයි. සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳලා ඊළඟ මොහොතේ ඉඳලා රට ගොඩනගන වැඩපිළිවෙලට මුළු රටම සූදානම් කරනවා.

අපි බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දෙමින් අනෙකුත් ආගම් සඳහා නිසි තැන ලබා දීමට කටයුතු කරනවා. ජනතාවගේ ආගම් ඇදහීමේ අයිතිය අපි සුරක්ෂිත කරනවා. නිරාගමික රටවල් අපි නිර්මාණය කරන්නේ නැහැ.

මම බලයට පත්ව මාස හයක් තුළ කුඩු මත්ද්‍රව්‍ය පාතාලය සම්පූර්ණයෙන්ම තුරන් කරනවා. ගන්න පුළුවන් තදබලම තීරණ අරගෙන මේ රටේ ක්‍රියාත්මක කුඩු මත්ද්‍රව්‍ය මාෆියාව අපි අනිවාර්යයෙන්ම ඉවර කරනවා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට, පොදුජන පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට සහ අනෙකුත් පක්ෂවලට සම්බන්ධ සියලු දෙනා අවසාන මොහොතේ හෝ ඔබගේ ඡන්දය නාස්ති නොකර දුරකතනයට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.  අපි ළඟ හොර බොරු වංචා නෑ. අපි ළඟ දේශපාලන ඩීල්” කුමන්ත්‍රණ නෑ. මේ රටේ දුකට පත්වී සිටින ලක්ෂ 220 ක් ජනතාව දුකින් මුදවාගෙන රට ගොඩනැගීම තමයි අපිට තිබෙන එකම ඩීල් එක. ජනතාවගේ බදු බර අපි පහත හෙළනවා. ආයෝජන වැඩි කරනවා. ආයෝජනවලට වගේම රටට පිළිකාවක් වූ දූෂණය වංචාව හොරකම අපි අනිවාර්යෙන්ම පිටු දකිනවා. රට විනාශ කළ හොරුන්ව නීතියේ ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. සමගි නීතිඥ සංගමය සහ සමගි බුද්ධි මණ්ඩපය ෆයිල් පෙන්න පෙන්න බොරු සංදර්ශන කරන්න ගියේ නෑ. මේ රට බංකොලොත් කළ රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගෙන ඒමට අපට හැකිවුණා. අපි හොරුන් අල්ලනවා වගේම  හොරකම් කළ රටේ සම්පත් නැවත අපේ මාතෘ භුමියට ලබාගන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා.

සමගි ජන සන්ධාන රජයක් තුළින් ගොවිතැනට ශක්තිය ලබාදෙනවා. ඒ වගේම ගොවිජනතාව වෙනුවෙන් කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000 කට ලබාදෙන්න කටයුතු කරනවා.  වෙල්ලස්සේ ඇතුලු පාරම්පරික ගොවි බිමි අහිමි වු පිරිසට ඔවුන්ගේ වගාබිම් නැවතවරක් ලබාදෙන්න කටයුතු කරනවා.  

පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේනද්‍ර  කරගෙන දුප්පත්භාවය තුරන් කිරිමේ අලුත වැඩසටහනක් දියත් කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකම ගෘහනිය කේන්ද්‍රීයව  මාසයකට රුපියල් 20,000 ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

රටේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. පෙරපාසල් 17,910 ක් තිබෙනවා. ගරුවරු 22,000 ක් සිටිනවා. පෙරපාසල්වල දරුවන් දෙලක්ෂ අසුදාහක් ඉගෙනුම ලබනවා. සමගි ජන සන්ධාන රජයක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්නේ ගමේ නගරයේ පෙර පාසලින්.  පෙරපාසල් දු දරුවන්ගේ නොමිලේ අධ්‍යාපනය තහවුරු කරමින් ගුරු පරපුරට වේතනයක් ලබාදෙන්නත් අපි කටයුතු කරනවා.  ඒ වගේම සියලුම පාසල් සහ රෝහල් සුහුරු රෝහල් සහ පාසල් බවට පත් කරනවා.

නව ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමට කටයුතු කරනවා.  වැව් අමුණු ජලයෙන් පුරවා කෙත්වතු සරුසාර කරලා ගොවියා රජකරවන යුගය අපි බිහි කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක කල්ලිය ඕනෑ කමින් බලාගෙන සිටිනවා පැල්වත්ත සහ සෙවනගල නැති කරන්න.  නව තාක්ෂණය ඔස්සේ ලාභ ලබන තත්ත්වයට එම ආයතන ගෙන ඒමට අපි කටයුතු කරනවා.

76 වසරක දේශපාලන ඉතිහාසයේ බලයක් නැතිව වැඩක් කරපු එකම විපක්ෂය සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය පමණයි. හුස්ම සහ සක්වල වැඩසටහන තුළින් රුපියල් බිලියනයක අපි වැඩ කරලා තිබෙනවා. ඒ අනුව මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම අපි භාර ගන්නවා.

සියලුම ආගම් ජාතින් වලට සම්බන්ධ පිරිස්වලට සමගියෙන් ජිවත්විය හැකි ශක්තිමත් දේශයක් අපි නිර්මාණය කරනවා. භිෂණය වපුරවලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මරු පහරවල් එල්ල කරන්න ඇතැම් පිරිස් උත්සහ දරන බවට වන තොරතුරු අපිට ලැබිලා තිබෙනවා. එවැනි කිසිදු දේකට ඔබ බය වෙන්න එපා. නිර්භීතව 21 වැනිදාට මේ රටේ පොදු ජනතාවගේ අයිතීන් සුරකින පොදු ජන යුගය බිහි කරන්නට බියෙන් සැකෙන් තොරව කටයුතු කරනවා.

රටේ ජනතාවගේ වගකීම අපි භාර ගන්නවා. රට ශක්තිමත් කරන්න ජනතාවගේ අති විශිෂ්ඨ ජනවරම සැප්තැම්බර් 21 වැනිදාට බය නැතිව රණසිංහ ප්‍රේමදාසගේ පුතාට ශක්තිය දෙන්න කියළා ඉල්ලීමක් කරනවා.  

සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

“අද මොණරාගලට පැමිණි මේ ජන ගඟ දැක්කම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙනවා නියතයි. ජනතා විමුක්ති පෙරමුණේ මීට දින දෙකකට පෙර මේ ස්ථානයේම රැළියක් තිබ්බා මේකෙන් බාගයක්වත් නෑ. මොණරාගල වැඩි ඡන්ද පනස්දාහකට අරන් අපි ජයග්‍රහණය කරනවා.  

අපි 2019 දි කිව්වා පළපුරුද්දක් නැති හැකියාවක් නැති දක්ෂතාවයක් නැති ඝෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න එපා කියලා. අද රටබංකොලොත් වෙලා ජනතාවට තුන්වේල කන්න විදිහක් නෑ. බෙහෙත් ටික නෑ. පොහොර ටික නෑ. දරුවන්ට පාසල් යන්න විදිහක් නෑ. විදුලි බිල ගෙවා ගන්න විදිහක් නෑ. එවැනි දුප්පත් රටක් ගොඩ ගන්න මේ සැරේ නිවැරදි තීරණයක් ගන්න වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයට තෝර ගන්න වෙන්නේ තුන්වෙනියද හතර වෙනියද කියන එකයි.  ඒ නිසා  රනිල්ට දෙන ඡන්දය වැඩක් නැති ඡනදයක්. ඒ ඡන්දයට වටිනාකමක් දෙන්න දිනන නායක සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියලා අපි ආරාධනා කරනවා.  අනුර කුමාර දිසානායක උන්නැහේ හිටපු කෘෂිකර්ම ඇමැති වෙලා හිටියා වෙල්ලස්සේ හදපු එක වැවක් කියන්න. හිටවපු එක පැලයක ගැන කියන්න. 
ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිස්ත්‍රික්කයේ 600 මරලා තියෙනවා. අද අතීතයෙන් ගැලවෙන්න තමයි නම මාරු කරගෙන ඇවිත් ඉන්නේ. තමුන්නාන්සේලාගේ සියලුම දේට එදා හිටියා වගේ අපි අදත් ඉන්නවා. දුරකතනය ඉදිරියේ ඡන්දය ලකුණු කර සජිත් ප්‍රේමදාස මැතිතුමා  ජනාධිපති කරවමු කියලා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහත

“සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරියට ගිහින් රට ලෝකයට එකතු කරලා නවීන ආර්ථිකයක් නිර්මාණය කරලා, තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා ලබාදීලා හොදින් ජිවත් වෙන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න ඕන. එසේ නැත්නම් තිබෙන අනෙකුත් විකල්ප වලට අපි ගියොත් රට තිබෙන තැනිනුත් පහළට වැටිලා නැති නාස්තිවෙලා යන ආර්ථිකයක් නිර්මාණය වෙන එකයි සිද්ධ වෙන්නේ. විවේචනයට වඩා අවශ්ය  වෙන්නේ වැඩපිළිවෙළ. අපි අපේ වැඩපිළිවෙළ රටේ සියලු දෙනාට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටි කාලින මධ්‍ය  කාලින දීර්ඝ කාලිනව කාල රම සහිතව අපි අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ දිනවන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති කළ යුතුයි. වෙන කාටවත් සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බෑ.

ජනාධිපති මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ මහතා.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂය භාර අරගෙන අවුරුදු තිහක් තුළ මැතිවරණ හයක් පරාජයට පත්වුණා. පක්ෂයේ නායකයෙක්ට බිහි වෙන්න අවස්ථාව නොදී රාජපක්ෂලා වගේ අදක්ෂ නායකයින්ට උදව් කරලා ආාසියාවේ පොහොසත්ම පවුල බවට පත් කළා.  ආසියාවේ බංකොලොත් රට බවට පත් කරලා. අපේ රටේ ඉතිහාසය වෙනස් කළා. මේක නිවැරදි කරන්න ඔබට තුමන්ලාට අවස්ථාවක් ලැබිලා තියෙනවා.



අදහස් (16)

’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’

Nelu Wednesday, 18 September 2024 05:19 PM

තාත්තා නම් පාතාලෙන් තමයි ගොඩ ආවේ. සොත්ති උපාලි තමයි තාත්තාගේ දකුණු අත වුණේ කියලා උසාවිවල නඩු වලින් පවා එළියට ආවා.

:       0       2

විජිත් Wednesday, 18 September 2024 05:19 PM

කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් මරපු , කොටින්ට ආයුධ දීලා අපේ හමුදාව මරපු , කුඹි කැලේ පාතාල ප්‍රේමදාසගේ පුතානෝ සජිත් කියනවා පාතාලය වනසනවාලු. එතකොට කවුද සජිත් ගහන හොරසල්ලි බෙදා හරින්නේ ? කැලේ ගිහින් නිදන් කඩන්නේ ? සුචරිතයේ පැකට් කරන කුඩු බෙදා හරින්නේ ? අවුරුදු 2 ක් පිස්සන් කොටුවේ හිටපු එකෙක් ජනාධිපති කරන්න රටේ මිනිස්සුන්ට පිස්සු නැහැ.

:       0       1

විකුම් Wednesday, 18 September 2024 06:14 PM

අන්තිම දවසේත් දෙන්නේ ආතල්ම තමයි. දැන් මෙයා ජනපති වෙලා මාස 6 පාතාලේ ඉවර කරන නිසා පාතාළේ අයට සුළු දිය පහවෙලා ඇති වස්ත්‍රවලම. පුදූමයි ඕකටත් ජනාධිපති කාර්‍ය සාධක බලකායක් නොදාපු එක

:       4       75

අපේ වීරයා Wednesday, 18 September 2024 06:34 PM

මට බැට්මෑන් ඇඳුමක් විතරයි ඕනේ...!

:       3       76

පාතාලයා Wednesday, 18 September 2024 06:49 PM

පිං අයිතිවෙයි සර්, අහිංසක මට කරදරයක් කරන්න එපා...!

:       3       57

සෙනෙවිරත්න Wednesday, 18 September 2024 06:53 PM

අනුරට කියන්නේ ඔහේ වගේ ළදරුවෙක් දිනවන්න උදව් වෙන්න කියලාද? සිංහල වචනවත් හරියට යොදවා ගන්න බැරි කෙනෙක්, කකුලෙන් අදිනවා කියන්නේ තමන්ගේ පිලේ මිනිහෙක් බාධා කරනවා නම්, ප්‍රතිවාදියෝ කකුලෙන් අදින්නේ නැහැ. බෙල්ලෙන් අල්ලලා පරදවනවා මිසක්, මේ වගේ බාලාංශ බුද්ධියක් තියෙන මිනිහෙක් ජනාධිපති කරලා රට තුට්ටු දෙකට දාන්න එපා...!

:       7       60

ravin Wednesday, 18 September 2024 06:55 PM

පාතාලය ගැන දන්නවලු...? රටටත් ආදරෙයිලු..? දන්න විස්තර ටික ආරක්ෂක අංශවෙත ලබා දුන්නාම නරකද?

:       3       64

සෙනෙවිරත්න Wednesday, 18 September 2024 06:57 PM

සොත්ති උපාලි ලඟින්ම තියාගෙන පාතාලය ප්‍රමෝට් කළා... රනිල් ගෝනවල සුනිල් තියාගෙන තෙල් නලයෙන් තෙල් අදින්න දීලා පස්සේ සාමවිනිසුරු කමකුත් දුන්නා. ඒ අඩිපාරෙ යන තමුන්නැහැලා නැතිකරන පාතාලය අපි නොදන්න යූ ඇන්පී ඔරිජින් එක...

:       4       60

පිටිගල මිලානෝ Wednesday, 18 September 2024 07:12 PM

සොත්ති උපාලි අංකල්ව බබාගේ පියානෝ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේට දාපු එක මතක නැද්ද…?

:       4       60

යෝගා Wednesday, 18 September 2024 07:21 PM

මෙයාට වියදම් කරන්නේ පාතාල සහ කැසිනෝ කාරයෝ කියලයි කියන්නේ...!

:       6       63

ගමේ එකාලා Wednesday, 18 September 2024 07:24 PM

එහෙට මෙහෙට පැනපු දූෂිත දේශපාලුවෝ කිට්ටු කරගෙන ඉන්න පුතාණෝට කරන්න පුළුවන් දෙයක් නැහැ. කටින් බතල හිටවනවා.. රූපවාහිනී වැඩ සටහනකටවත් එන්ඩ බැරි කෙනා...

:       4       61

Ruwan Wednesday, 18 September 2024 09:15 PM

රටේම ඉන්න හොඳම හොරු ටික ළඟට කරගෙන ඉන්න ඔහේ කොහොමද කුඩු සහ පාතාලය නවත්තන්නේ.මෝඩ කමයි උද්දච්චකමයි සියල්ලා දත්වගේ හැසිරෙන එකයි විතරක් දන්න මේ වගේ විහිළුකාරයෙක් නම් කවදාවත් ජනාධිපති වෙන්නෙ නෑ.

:       1       1

Kirthi Thursday, 19 September 2024 06:29 AM

තමන්ගේ ගෙදර අයගෙන් පටන් ගන්න වෙයි එහෙනං! මාර ආතල් දෙන්නේ මෙයා!

:       1       1

රෙක්ස් Thursday, 19 September 2024 08:50 AM

“ පතෝලේ” කියන එක වැරදිලා ‘පාතාලේ’ කියලා කියඋනාවද්ද?

:       1       2

charith Thursday, 19 September 2024 09:55 AM

වොලී බැස්ටියන්ල කැලේ, මෙන්න බයිලා චක්‍රවර්තීලා...............

:       0       3

Rata Perata Thursday, 19 September 2024 11:56 AM

ඔය වගේ බය හිතෙන කතා කියන්න එපා . පාතාල මර්ධන වගේ වැඩ ජලනිට දෙන්න මෙයා

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 264 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


පයාගලත් ඡන්ද කාඩි 900ක් බෙදා නෑ
2024 සැප්තැම්බර් මස 19 348 0

කළුතර පයාගල ඈතගම ග්‍රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද කාඩ්පත් 900ක් පමණ නොබෙදා ළඟ තබාගත් බව කියන තැපැල්කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නි


බෙදන්න දුන්න ඡන්ද පත්‍රිකා 147ක් වෙළඳසැලක
2024 සැප්තැම්බර් මස 19 491 0

පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා ප


කොහුවල ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 19 699 0

කොහුවල ප්‍රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැප


රත්නපුර සිසු සැරියකට පෞද්ගලික බස් විරෝධයක්
2024 සැප්තැම්බර් මස 19 731 4

ගොරකඇල සිට තෙප්පනාවල කුරුවිට හරහා රත්නපුර දක්වා රත්නපුර ලංගම ඩිපෝවෙන් පාසල් සිසුන් ප්‍රවාහනයට සිසුදැරිය බස්රථයක් ධාවනයේ යෙදවීමට එරෙහිව එම මාර්ගයේ


ජනපති සටන දා ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්‍රධානීන්ට
2024 සැප්තැම්බර් මස 19 489 0

ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක කළ යුතු අවසාන ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්‍රධානීන්ට අද (19) දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානී ගුණතිලක මහතා ලං


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 24 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 64 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site