(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අපනයනකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වලට සම්බන්ධ රජයේ ආයතන වල කාර්යක්ෂමතාව ඉහල නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
එසේම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහල දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් ඇතුලත ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.
ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටි අතර එක් එක් කර්මාන්ත වලට අදාලව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙක
ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ කිහිපයකම ඉන්ධන කාන්දුවක් සිදුවෙමි
මහේස්ත්‍රාත් වරයෙකු විසින් අත්සන් කල යුතු අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වාර්තාවේ මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජව යොදන ලදැයි යන සිද්ධියට අදාළ න
නාච්චාදූව මඩවලගම ග්‍රාම සේවා වසමේ අතුරු වැල්ල ප්‍රදේශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාදයකදී, සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන
එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’
යෝගා Wednesday, 30 October 2024 09:59 AM
ඔය තනතුරුවලට දාගෙන ඉන්න සෙට් එක එක්කනම් ටිකක් රෑ වෙයි කොන්ද කෙලින් කරන්න
ලලිත් පුෂ්පකුමාර Wednesday, 30 October 2024 10:41 AM
අපේ රටට දැන් අවශ්‍ය ඔවැනි දීර්ඝකාලීන සැලසුම් මැතිවරණ ජයග්‍රහන ඉලක්ක කරලා සරල තොරොම්බල් වැඩ කලින් හිටපු අය කරේ. දැන් අලුත් ගමනක් යමු
Don perea Wednesday, 30 October 2024 11:29 AM
ඔබතුමා හරක් ඉන්න රටක ජනාධිපති හින්දා හොඳයි .මුන් ඕන දෙයක් අහනවා