IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


“ක්ලීන් ශ්‍රී ලංකා”අමාත්‍යාංශ වලට වැඩ දෙයි

(අංජුල මහික වීරරත්න)

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාලව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේ දෙවන මහලේදී පැවැත්විණි. 

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එම ප්‍රතිපාදන ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ  අදාළ අමාත්‍යාංශ වලින් ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා සහ ඒ අනුව වෙන් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී විමසා බැලිණි.

එසේම පාසල්වල යටිතල පහසුකම්  (සනීපාරක්ෂක) වැඩි දියුණු කිරීම, මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ඉටු කළ හැකි කාර්යභාරය, සංචාරක කර්මාන්තයට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම, කුලී රථ රියදුරන්ගේ ආකල්ප සහ සදාචාරත්මක හැසිරීම් වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අදාළ තිරසර සැලැස්මක් සකස් කිරීම, ඉහල මහවැලි පෝෂක ප්‍රදේශවල පාංශු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මහවැලි කලාප වල තෝරාගත් ප්‍රදේශ කිහිපයක පරිසර පද්ධති සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු රට තුළ සාමාජීය, පාරිසරික මෙන්ම ආචාරධාර්මික පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

රාජ්‍ය පාරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ  රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කෘෂි කර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහ මුදල් කොමිෂන් සභාව, සංචාරක සංවර්ධන අධිකාරිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (3)

“ක්ලීන් ශ්‍රී ලංකා”අමාත්‍යාංශ වලට වැඩ දෙයි

නිමල් පෙරේරා Friday, 21 March 2025 10:41 AM

රටේ පැවති සංස්කෘතික ආගමික පදනමට පහරදීලා රට අනාගමික කරන්න ඕන කියන ප්‍රතිපත්ති වෙනුවෙන් මහන්සි වෙන අය ආචාරධර්ම සදාචාරය ප්‍රවර්ධනය කරන්න වැඩසටහන් කරනවලු, මේ මොන විහිළු කතාද? ඒක පැත්තකින් රටේ හර පද්ධතීන් සහ ගුණයහපත්කම් ආරක්ෂාවීමට හේතු වෙච්ච ආගමික සංස්කෘතික පද්ධති ප්‍රතික්ෂේප කරනවා, බටහිර සාරධර්ම ද ඔය පුරුදු කරන්නෙ. මොනවද ඒවා, ඔය කියන ඒවා කරලා අද බටහිර සමාජය ඔත්පල වෙලා, අන්න ට්‍රම්ප් ජනපතිතුමාට ඒක තේරිලා LGBTIQ වගේ සංකල්ප තහනම් කරන්න යනවා, මෙහෙ ලොකු පුටුවල අය ඒවා ලංකාවේ ප්‍රචලිත කරන්න වැඩ කරනවා. එහෙමද ආචාරධර්ම සාරධර්ම සපිරි අනාගත ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්නෙ.

:       12       10

මහින්ද Friday, 21 March 2025 11:01 AM

ජනාධිපතිතුමනි පලමුවෙන් ඔබගේ කාර්යලයේ ඉන්න අතිරේක ලේකම්ලා වන අබෙන්සු කපිල රෝෂන මේ තුන් දෙනාට ක්ලීන් ශ්‍රි ලංකා වල තියෙන ethics උගන්වන්න.මේ අයට දැන් කියන්නෙ ත්‍රී ඉඩියට්ස්ලා කියලා.මේ තුන් කට්ටුව පහුගිය දවස්වල ක්ලින් නිලදාරින් කීප දෙනෙක් පරිපාලන සංචිතයට දැම්මා.මේ අය අතර ක්ලීන් ශ්‍රි ලංකි වැඩසටහනට දැනට වඩාත්ම ගැලපෙන පරිපාලන නිලදාරිනිය් මාරු කරා හොරෙන්ම.ඇයගේ හැකිායවන් හයිලයිට් වේවි කියන බයට තමයි මාරු කරේ.අපිට ආරංචි විදිහට ඇය රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රෙයන් පවා දැන් අයින් කරලා කියලා තමයි.හරිම අපරාධයක් ඒක.අැය සේවය කල සියලු කාර්යල වලට ඇයගේ සේවා කාලයේ කිසිදු විගනන විමසුමක් නැහැ තාමත්.අපිට කියන්න තියෙන්නෙ අනුර ඔබ මේ නිලදාරින් සමග යනව නම් ඒක අසාර්ථකයි.මේ තුන් දෙනා පුද්ගලික පලිගැනීම් කරනවා.හොයලා බලන්න.අනික අනුර ඔබ කිවා දක්ෂයන්ට තැන දෙනවා කියලා.ඇය ගැන හොයලා බලන්න ..ඔබ පුදුම වේවි.ඇයගේ හැකියාවන් දැක්කම.ඇය එක් වරක් ලංකාවේ හොදම ප්‍රාෙද්ශීය ලේකම් වෙනවා ....කරුමෙට අනුර සහෝදරයා එහෙම සම්මාන ලබපු ඇය අද රාජ්‍ය පරිපාලනයෙන් පවා ඉවත් කරලා....ඇයට වසර 34 නොකැලැල් සේවා කාලයත් තියෙනවා...

:       1       8

.................. Saturday, 22 March 2025 07:13 AM

ක්ලීන් ශ්‍රී ලංකා වැදගත් වැඩසටහනක් කියන්න පුළුවන්. ඒත් ඒක කාලෙකට පෙර තිබූ එලදායිතාවය (ඵලදායිතාව) වගේ නොවිය යුතුයි. ඵලදායිතාවය වැඩසටහනේදී අනවශ්‍ය දේවල් ලෙසට සමහර කාර්‍යාලවල ආයතනය ගැන විස්තර තිබුන ගොනු හා ලොග් සටහන් වගේ වටිනා ලේඛන විනාසකර ඇති කියලා පේනවා.. ගෝඨාභය අධ්‍යාපන සුදුසුකම් නොසලකා රැකියා දුන් පිරිස් වැදගත් ආයතන වලට පත්කර තිබීම නිසා අනාගතේ මොනවා වේද? ක්ලීන් ශ්‍රී ලංකා යටතේ බලනවා නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි
2025 මාර්තු මස 27 985 0

මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප


හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා
2025 මාර්තු මස 27 1356 1

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක


දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා
2025 මාර්තු මස 27 242 0

පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩ


අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට
2025 මාර්තු මස 27 543 1

පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිර


‘කුෂ්‘ සමඟ විදෙස් යුවළක් ගුවන්තොටේදී අල්ලයි
2025 මාර්තු මස 27 864 0

රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය


පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම 22 වැනිදා සිට
2025 මාර්තු මස 27 89 0

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 467 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 677 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1362 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site