IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


'රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් නෑ'

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර අනෙකුත් ආයතන වල රැකියා සදහා නව බඳවා ගැනීම් නොකෙරෙන බව  වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (10)

'රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් නෑ'

de silva berlin Sunday, 08 October 2023 03:01 PM

අලුතින් බඳවා ගන්න එපා... වැඩිපුර ඉන්න සේවකයින් ප්‍රතිව්‍යුහගත කරන්න. විශ්‍රාම වයස 62 දක්වා වැඩි කරන්න.

:       12       9

සෙනෙවිරත්න Sunday, 08 October 2023 04:41 PM

ඉන්න අය නැවතත් ඉන්ටවීව් කරලා හෝ විභාග තියලා අත්‍යාවශ්‍ය හිඟයන් පුරවන්න. ඔය ප්‍රා.ලේ. කාර්යාලවල පුළුවක්වත් නැතිව, කෑගහගහ, ෆෝන් ඔබ ඔබ ඉන්න අයට වැඩක් දෙන්න පුළුවන් ඒ ක්‍රමයට. ගමට පත්කරපු ආර්ථික නිලධාරි ඒකත් වැඩකට නැති තනතුරක්...!

:       0       19

නිව්ටන්- ගම්පහ Sunday, 08 October 2023 05:27 PM

විශ්‍රාම යන වයස අවුරුදු 55 ක් හෝ උපරිම වයස අවුරුදු 57 ක් කරන්න. අවුරුදු 60 ට වැඩි කිසිවෙක් ස්වාධීන කොමිෂන් සභාවලට පත්කරන්න එපා. ඒකත් බැරිම නම් වයස අවුරුදු උපරිම 62 කරන්න. දැන් ඉන්නේ ඔක්කොම මහල්ලන්. ස්වාධීන කොමිෂන් සභාවල අයත් රාජ්‍ය සේවකයින් ලෙසයි සලකන්නේ. කොමිෂන් සභා පනත්වල එහෙමයි ස‍ඳහන් වෙන්නේ. වාහන පර්මිට් වගේ ඒවා දෙන්න එපා. රාජ්‍ය සේවය කිව්වාම ඒ හැර පැත්තක් ගැනම බලන්න අවශ්‍යයි.

:       0       15

මොහොට්ටිSunday, 08 October 2023 07:04 PM

නිව්ටන් මහතා කියපු දෙයක් අනිවාර්යයෙන් කරන්න ඕනෑ... ඔය වාහන බලපත්‍රය අවශ්‍යම නම් විශ්‍රාම ගන්න වෙලාවේ එකක් දෙන්න.. මොකද සමහරක් අය වාහන බලපත්‍රය අරගෙන විකුණනවා රජයේ වාහනයක් (නිලරථයක්) තියාගෙන ඒක මාසෙකට ඉතාමත් සුළුම සොච්චම් මුදලක් ගෙවලා පුද්ගලික පාවිච්චියට ගන්නවා ව්‍යාපාර කරන බිරිඳ නැත්නම් සැමියා ඒක පුද්ගලිකව පාවිච්චි කරනවා දැක්කා. ඒත් දොස්තර මහත්ම මහත්මීන් සඳහා බලපත්‍රය දෙන්න ඕනෑ... ඔවුන්ට නිලරථයක් ලැබෙන්නේ නැහැ...

:       2       7

චන්දන Sunday, 08 October 2023 05:53 PM

පාර්ලිමේන්තුවේත් 225ට වැඩියි. ඇමැති මණ්ඩලයත් වැඩියි. වියදම ඉතා වැඩියි. සේරටම කලින් ඒව අඩු කරපල්ලා...!

:       1       20

Prasanna Sunday, 08 October 2023 05:53 PM

රාජ්‍ය සේවය දේශපාලකයන්ගේ, ගොට්ටන්ගෙන් පිරිලා ඉතිරෙනවා. මෙහෙමත් රටක්...

:       0       19

Bamunuarachchi Monday, 09 October 2023 04:18 AM

Prassnna රාජ්‍ය සේවයේ ඉඳලා තිබෙනවාද?

:       1       1

Rata Perata Sunday, 08 October 2023 10:13 PM

IMF එකට අපේ ස්තුතිය. නැත්නම් අපේ කාලකන්නි දේශපාලුවෝ බොරුවට අමාත්‍යාංශ පුරවනඑක නවත්තන්න බෑ.

:       0       1

සත්‍යපාල Monday, 09 October 2023 07:49 AM

ඔව් ඉතින් 1994 සිට නුඹලාට ගොට්ට අල්ලපු හැම එකාටම දීලා තියෙනවා නූගතුන් ලක්ෂයකට රැකියා දීමේදී යන්තමින් අවුරුදු 18 ක් වෙච්චි උන්ටත් දීලා තියෙනවා ඒත් වත්මන් ජනාධිපති බලයට පත්වූ කිසිම වේලාවක කොතරම් පාක්ෂිකයන් වුනත් රැකියා දීලා නැහැ ඒක ඔහුට ජනතා අකමැත්ත ඇතිවීමට හේතුවක් වුනා කොහොමින් කොහොම හරි ඔය තීරණය නිසා පාඩුවක් වුනේ එජාපයේ පාක්ෂිකයන්ට පමණයි

:       0       2

Anusarani Dahamsa Monday, 09 October 2023 07:32 PM

විශ්‍රාම යන වයස අවුරුදු 55 හෝ 57 දක්වා අඩුකර උගත් තරුණ පරම්පරාවට රාජ්‍ය අංශයට ඇතුළත් වීමට ඉඩදිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site