IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


රූමතියගේ ඝාතකයා ගොයම් ගහෙන් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි.

දනුකා මරා කුඹුරක වළ දමා ඒ මත සිට වූ ගොයම් පැල දෙකක් පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘  ඉව කිරීමට ලබා දීමෙන් පසුව ලබාදුන් හෝඩුවාවක් මත හමුදා සාමාජියකා අත්අඩංගවට ගැීමට හැකි වූ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.

ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ අතිශය දුෂ්කර ගමනක් ගොස් නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න42320මහතා පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබීය.

එම කොට්ටාශයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ පෙරේරා මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇත.

පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘ හැසිරවනු ලැබූ පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න මහතා සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් ලංකාදීපයට මෙසේ පැවසීය.

මෙම කාන්තාවගේ මළ සිරුර කුඹුරේ මඩ වගුරේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවා තිබෙන බව අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වා දැනුම් දී තිබුණා. ඒ අනුව ගොයම් පැල දෙකකට පොලිස් නිල සුනඛයා ට ඉව කිරීමට සැලැස්සුවා ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන කුඹුරේ මඩ ගොහොරුවේ ඉදිරියටම ගමන් කළා කුඹුරෙන් ගොඩ වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන තේ වතු මැදින් කඳු පල්ලම් බසිමින් ඉතා දුෂ්කර ගමනක නිරත වෙමින්කිලෝමීටර් හතරක පමණ දුරක් ගෙවා නිවස පිහිටි ගෙවත්තට ඇතුළු වුණා.

පසුව එම නිවස ඉදිරිපිට සිටි එක් පුද්ගලයකුට ඉව කළ පොලිස් නිල සුනඛයා නිවස වටා එක් වරක් කැරකි නිවස තුලට ඇතුලු වුණා.

ඇතුළු වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙනම එම නිවසේ කාමරයකට ඇතුළු වී එහි තිබූ ඇඳට ඉව කළ නිල සුනකයා ඇඳ ලඟ බිම වාඩි වුණා අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම නිවසේ සිටි යුද හමුදාවේ සෙබලෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා .

එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිල සුනඛයා ලබාදුන් ඉව අනුවයි පොලිස් නිල සුනඛයා ගෙවත්තට ඇතුළු වූ අවස්ථාවේ ඉව කළේද මෙම සැකකරුම බවද පොලිස් නිල සුනඛයා මෙහෙයවු ජයරත්න මහතා වැඩිදුරටත් කීය.

මෙම පොලිස් නිල සුනඛ ඒගල් මීට පෙර අවස්ථා ගණනාවකදී ද අපරාධමය සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හෝඩුවාවන් සපයා ඇති දක්ෂ පොලිස් නිල සුනඛ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහන් කරයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාන්චන ගොඩකුඹුර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක අධ්‍යක්ෂක පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය සහ එම කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙසේ ඝාතනය ඝාතනය කර ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේ කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි දනුකා මධුවන්ති 26 හැවිරිදි විවාහකකාන්තාවකි.



අදහස් (16)

රූමතියගේ ඝාතකයා ගොයම් ගහෙන් අල්ලයි

ලුම්බිණි Tuesday, 14 March 2023 08:35 AM

බල්ලාට අපගේ ප්‍රණාමය.

:       3       80

නිශාන්ත Tuesday, 14 March 2023 08:53 AM

පාස්කු ප්‍රහාරය ????

:       14       75

Hafeel Tuesday, 14 March 2023 02:10 PM

එතකොට මෙම සුනඛයා යාවි පාර්ලිමේන්තුවට.

:       48       28

janahitha Tuesday, 14 March 2023 09:11 AM

අනුන්ගෙ වැරදි පුද්ගලික දේවල් සොයා කේලම් කිම බෞඩ්ද පොලිස් නිලදරුවන්ට කල නොහැකි නිසා බල්ල ලවා සොයාගෙන ඇත. එයද බලලුන් ලවා කොස් ඇට බෑවිම නම් කියමනට අදාල වෙනව ( සිරිසේ සහ ෆොන්සේකා ද එම කියමනට ගොදුරු උන බව අපි දන්නව )

:       43       11

කසුන් Tuesday, 14 March 2023 09:44 AM

කුරහන් සුවඳ හින්දාද මන්දා ෂාෆ්ටර් ඝාතනය පොලිස් බල්ලන්ගේ ඉවටවත් අහුවෙන්නෙ නෑ. "පොලිස් බල්ලන්ගේ" හරිද?

:       15       121

Samitha Senaka Aluthgamage. Tuesday, 14 March 2023 09:45 AM

මේ මිනීමරු සැකකරුවා අල්ලා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් සැමටත්, ඒගල් පොලිස් නිළ සුනකයා ටත් ස්තුති වේවා... !!!

:       1       74

randil Tuesday, 14 March 2023 10:04 AM

පුඩුම සහගතයි මනුස්සයෙකුට කරන්න බෙරි දෙයක් සතුන්ට මිනිස්සුන්ට වගෙ බුද්ධීයක් නෑ කියන්නෙ ලොකු බොරුවක්

:       4       29

CHAMINDA Tuesday, 14 March 2023 10:51 AM

බල්ලා හිටියේ නැත්නම් හස්බන්ට බඩුම තමා

:       2       97

නිහාල් Tuesday, 14 March 2023 11:02 AM

සුනඛයාගේ වැඩේ නම් හැටියට කරනවා. එහෙත් පොලිස්‌ නිලධාරීන්ගේ වැඩේ නම් එයාලට හැටියට කරගන්න බෑ. ඇත්තටම පඩි ගෙවන්න ඕනි සුනඛයට මිසක් නිලධාරීන්ට නෙවෙයි.

:       9       50

prasanna Tuesday, 14 March 2023 11:36 AM

දැන් කට්ටිය මේ අද හොයාවි ,ඒක තමයි ශ්‍රී ලංකා විලාසිතාව.

:       2       11

පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 12:13 PM

ඒගල්ට මුහුදු වතුර ටිකක් ඉව කරවලා සුනාමි හොරාව අල්ලන්න යවමුද…?

:       20       94

අතුල සෞදි Tuesday, 14 March 2023 12:15 PM

ජාතික වශයෙන් වැදගත්කමක් ඇති තොරතුරු නොදෙන එදිනෙදා ඕපදූප පමණක් වාර්තා කරන පුවත්පත් ඇතුළු සියළුම මාධ්‍ය වර්ජනය කරමු.

:       10       23

විපරමා Tuesday, 14 March 2023 01:51 PM

දූෂිත බලලෝබි දේසපාලුවෝ කරවපු ඝාතන නම් මේ විදියට හොයයිද?

:       4       127

kamal Tuesday, 14 March 2023 04:30 PM

මේ පැත්තෙ මිනිමැරුමක් හොයන්න පොලිස් බල්ලෙක් දැම්මා. බල්ල රින්ගුවේ වැරදි ගෙට. නිකරුනේ මාස ගානක් අහින්සකයෙක් රිමාන්ඩ් වුනා. ඇත්ත මිනිමරුවා අල්ලගත්තෙ රහස් පොලිසියෙන්. ඒ නිසා ඔය බල්ලො ගැනනම් විශ්වාස කරන්න අමාරුයි.

:       1       7

පැරකුම් Tuesday, 14 March 2023 04:37 PM

කවුරුත් කතා කරන්නෙ පොලිසියේ සහ පොලිස් සුනඛයාගේ හපන්කම් ගැන විතරයි හමුදා සාමාජිකයා මේ අපරාධයට පෙලඹුනේ මන්ද? කාන්තාවගේ අත වැරදි නැද්ද? ඔහු වෙනත් රූමත් කාන්තාවන් නොමැරුවේ මන්ද?

:       16       2

sampath Wednesday, 15 March 2023 05:58 PM

ඕනෑම වරදක් කරපු කෙනෙකුට දඬුවම් දෙන්න ඕනි නීතියෙන්. කාන්තාව මොන වරදක් කළත් ඒකට නියමිත දඬුවමක් තියනව. ඒකට නිසි අධිකරණයකට යා යුතුයි. නීතිය කාටවත් අතට ගන්න බෑ. බොහොම දෙනා හිතන් ඉන්නේ ඒ අයට යම් සිද්ධියක් වුණාම ඒකට පළි ගත්තම හරි කියලයි. සුනඛයෙක්ගෙ තොරතුරු හරිද වැරදිද කියන්න අමාරුයි. සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕන ඝාතනයට යොදා ගත්ත ආයුධ සොයා ගන්න ඕන. ඒ කෙසේ වෙතත් මේවගේ ම්ලේච්ඡ ක්‍රියා සමාජයෙන් තුන් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්
2025 මාර්තු මස 28 756 0

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය
2025 මාර්තු මස 28 67 0

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය


දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා
2025 මාර්තු මස 28 214 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව


නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි
2025 මාර්තු මස 28 1251 2

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 1133 3

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 575 1

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 521 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 703 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1404 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site